Friday, June 26, 2009

"අල" වූ theme එක...

ඊයේ මම මගේ blog එකේ  තිබුන theme එකට පොඩි වැඩ කෑලි වගයක් දාන්න ගියා. කොච්චර හොඳට වැඩේ උනාද කිවුවොත් blog එක  හරියට load වෙන්නෙත් නැති තත්වයකට පත් වුනා. ඉතින් මොනවා කරන්නද? Theme එක restore කරන්න යනකොට හිතුනා අළුත් theme එකක් දාලා බලන්න. අන්තිමට හොයලා හොයලා හිතට ගැලපෙන theme දෙක තුනක් හොයා ගත්තා. ඒවායෙන් එකක් තමා මේ. අනිත් ටිකත් test කරලා බලන්න ඕන. මේ theme එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවානම් පොඩ්ඩක් මට දැනුම් දෙන්න.

Blogger.com, wordpress වගේ multiple themes manage කරන්න දුන්නා නම් මේ වගේ වෙලාවට තියෙන පහසුව කියලා නිම කරන්න බෑ.


Share/Save/Bookmark

Wednesday, June 24, 2009

Microsoft Morro

Microsoft Morro කියන්නේ Microsoft සමාගම විසින් ඉදිරි සති දෙක තුන තුළ නිකුත් කිරීමට සූදානම් වන ඔවුන්ගේම ප්‍රතිවයිරස (anti-virus) මෘදුකාංගය යි. මේක නොමිලේ ලබා දෙන්න යන බවක් තමයි ආරංචි වෙලා තියෙන්නේ. මෙහි අතුරු මුහුණතේ තිර සටහනක් (Screenshot) වෙබ් අඩවියක පළවී තිබුනා. මෙතනින් බලන්න.

සමහරු සැක පළ කරන්නේ ඔවුන්ගේ ඊළඟ Windows 7 නිකුතුවේ දී මෙහෙයුම් පද්ධතිය සමග බද්ධ කොට (Integrated) මෙය පැමිණෙනු ඇති බවයි. ඒ වගේම windows පැරණි සංස්කරණ භාවිත කරුවන්ට වෙනම download කරගත හැකි සංස්කරණයක්ද ලබා දීමට යන බවයි දැනගන්නට තියෙන්නේ.


Share/Save/Bookmark

Mediafire.com වලින් download කරමු (Mediafire Links)

ඊයේ මම mediafire ගැන post එක දැම්මට පස්සේ මට හිතුනා තව ටිකක් ඒ ගැන කියන්න. Mediafire වල තියෙන එක ප්‍රශ්නයක් තමා rapidshare වලට වගේ links එකතු කරලා තියෙන link directories නොමැති කම. Rapidshare වලට නම් rapid library වගේ link directories තියෙනවා.

ඉතින් meidiafire වල මේ වගේ දේවල් ගන්න තැන් නැද්ද? මටත් මුල් දවස් වල තිබුන ලොකුම ප්‍රශ්නය ඕකයි. හැබැයි පස්සේ මට හම්බවුනා වෙබ් අඩවි දෙකක්. මේවා හැබයි rapid library වගේ  link library නම් නෙවෙයි.

www.vietproblog.com

මේක warez site එකක්. විවිධ මෘදුකාංග ආදිය මෙහි අඩංගුයි.

 

www.mediafirefilms.com

මෙහි තනිකරම අඩංගු වෙන්නේ චිත්‍රපටි, TV series සහ සිංදු.

වැඩි විස්තර මම කියන්න යන්නේ නෑ. මොකද මේ වගේ දේවල් ගැන ප්‍රසිද්ධියේ කතා කරන එක ඇඟට ගුණ නෑ :).

 

මේ වගේ වෙන තැන් ගැන දන්නවනම් මටත් කියන්න,


Share/Save/Bookmark

Tuesday, June 23, 2009

Rapidshare වෙනුවට mediafire භාවිතා කරමුද?

  අද අන්තර්ජාලයේ තියෙන file hosting/sharing services අතරින් ඉහලින්ම වැජඹෙන සේවාව මම හිතන විදිහට නම් rapidshare. ඒත් rapidshare වල තියෙන අවාසිය තමයි file upload කරන්න වගේම download කරන්න ගියාම පනවනු ලබන සීමාවන්.

  Rapidshare premium account තියෙන "අයියා" කෙනෙක්ට හරි "අක්කා" කෙනෙක්ට හරි නම් කිසිම ප්‍රශ්නයක් නෑ තමයි. ඒත් අපි වගේ premium account  නැති කෙනෙක් කොහොමද rapidshare වලින් file එකක් download/upload වෙනකන් පැය ගානක් බලන් ඉන්නේ?

  මම දැනට මේ වෙනුවට දැකල තියෙන හොඳම විකල්පය තමා mediafire කියන්නේ. විශේෂයෙන්ම mediafire වල වැදගත්කම තේරෙන්නේ file එකක් download වෙන්න ගියහම යි. Rapidshare වගේ waiting time නෑ. Bandwidth එක limit කරන්නේ නෑ. IDM වගේ download managers fully supported. Download එකක් stop කරලා resume කරන්න පුළුවන් ( සීමාවක් ඇතුව ). ඔය වගේ වාසි ගොඩක් mediafire වලින් සැලසෙනවා (Download කිරීමේදී මේ සේවාවන් ලබා ගන්න අඩුම ගානේ site එකේ  register වෙන්නවත්  ඕනේ නැහැ).

  ඒ වගේම files upload කරන්න ගියාමත් වාසි ගොඩයි. Free user කෙනෙක්ට unlimited storage එකක් ලැබෙනවා තමන්ගේ files store කරන්න. ඒ වගේම කවදාවත් files expire වීමක් සිදු වන්නේ නෑ.

  මම කිවුවේ මගේ අදහස. සමහරවිට ඔයාලා ගාව මීට වඩා වෙනස්/හොඳ අදහස් ඇති. ඉතින් එහෙම තියෙනවා නම් අනිත් අයවත්, මාවත් දැනුවත් කරන්න.

වැඩි විස්තර පහළ සබැඳියෙන් ගන්න.

http://www.mediafire.com/about.php


Share/Save/Bookmark

Windows Live Writer Portable සිට ලියමි.

Internet එකේ තිබුන tutorial එකක් අනුව Windows live Writer එකේ portable version එකක් හදා ගත්තා. මේ post එක ලියන්නේ version එක test කරන්නයි.


Share/Save/Bookmark

Thursday, June 11, 2009

එනවා එනවා Mafia 2 එනවා

ඔයාලා හුඟ දෙනෙක් ගහලා තියෙන game එකක අළුත් version එකක් ළඟදීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ තමයි Mafia II. මට මේ ගැන විස්තර හම්බවුනේ Mafia I download කරන්න පුළුවන් තැනක් හොය හොයා ඉන්නකොටයි.

හැබයි game එක release වෙන්නේ නම් 2010 මුල් කාර්තුවේ බවයි සඳහන් වෙන්නේ...
මෙන්න official web site එක. ගිහින් වැඩි විස්තර ගන්න.

http://www.mafia2game.com/

(දැන්ම සමහර torrent sites වල fake torrents දාලා තියෙනවා download කරන්න. රැවටෙන්න එපා.)

Share/Save/Bookmark

Friday, June 5, 2009

කාලෙකට පස්සේ සහ අළුත් මෘදුකාංගයක් ගැන...

ඔන්න සෑහෙන කාලෙකට පස්සේ අලුතින් post එකක් ලියන්න වෙලාවක් හම්බවුනා. පහුගිය සති දෙක තුනේ ඔලුව උස්සන්න බැරි තරමට වැඩ ගොඩකට හිර වෙලා හිටියා. දැන් තමයි යන්තම් නිදහසක් තියෙන්නේ. ම්ම්ම්ම්... :)

ඉතින් ලියන්නේ මොනවද කිය කියා කල්පනා කර කර ඉන්නකොට මට හම්බවුන මෘදුකාංගයක් ගැන ලිවුවොත් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුනා...

මම මේ කියන්න යන්නේ ඉලෙක්ට්‍රොනික දින පොතක් ගැන. මේකෙ නම DiaryOne. Free එකක් නම් නෙමෙයි. ඒත් සාමාන්‍ය දින පොතක් හැමදාම ලිය ලියා ඉන්න බැරි අයට මේක සෑහෙන්න වටිනවා. තමන්ගේ දින සටහන් පමණක් නෙවෙයි, එදිනෙදා සිදුවුන මූල්‍යමය ගණුදෙනු සම්බන්ධවත් මේකෙ සටහන් තියන්න පුළුවන්.

තව කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් තමන් හවුලේ පරිගණකයක් පාවිච්චි කරනවා නම්. හිත කරදර කරගන්න ඕනේ නෑ. මේ මෘදුකාංගය හරහා users ලා manage කරන්න පුළුවන්. තමන්ගේ username එකකුයි password එකකුයි පවිච්චි කරලා මෘදුකාංගයට log වෙලා දින සටහන් ලියන්න තමයි තියෙනේ.මෙන්න link එක.

http://rapidshare.com/files/217992585/DiaryOne_6.7_Build_2009.3.16.260_vietproblog.com.rar

Share/Save/Bookmark