Thursday, October 22, 2009

ලිනක්ස් + Songbird + XAMPP + etc... සමග....

පහුගිය දවසක Lankanet.org ආයතනය මගින් නිකුත් කරපු Custom made ලිනක්ස් DVD එකක් ලබා ගත්තා. ‍වැඩේ නම් එළකිරි . MP3, DivX, MKV තිතට වැ‍ඩ. සිංහල පවා අන්තර්ගතයි. ඒ වගේම සාමාන්‍ය Ubuntu සංස්කරණයේ එන මෘදුකාංග වලට අමතරව තවත් සෑහෙන වටිනා මෘදුකාංග රැසක් පෙරනිමියෙන්ම අන්තර්ගතයි. ඔක්කොටම කලින් මම මේක අවස්ථාවක් කරගන්නවා ලංකානෙට් ආයතනයට ස්තූති කිරීමට. ඒ වගේම තව තවත් මේ වගේ දේවල් ඉස්සරහට කරගෙන යන්න හැකියාව ලැබෙන්න ඕනේ කියලා සුභ පතනවා.

ඉතින් දැන් බහිමු කතාවට. තැටිය ලැබුනා වගේ නෙවෙයි. මේක ටැස් කොරන්නත් එපැයි. එකපාර dual boot කරන්න යන්න විදිහක් නෑ. Partition එකක්ම Ubuntu වලට වෙන් කරන්න බෑ. දැම්මා Sun VBox. Files ටිකක් එහෙට මෙහෙට තල්ලු කරලා හොයාගත්තා 9GB විතර ඉ‍ඩ ප්‍රමාණයක්. දැන් හරි. දැම්මා Linux. අවුලක් නැතුව වැ‍ඩ. ඒත් performance නෑ. හිතටත් හරි මදි.

කල්පනා කරලා කරලා බැලින්නම් මේ තැටියේ Wubi installer එක තියෙනවා. මල් හතයි නෙවෙයි.විසි එකයි. ඉතින් ආයේ හදපු virtual hard disk එක මකලා Wubi එකෙන් දැම්මා Ubuntu. දැන් කෙලින්ම Ubuntu වලටම boot කරන්න පුළුවන්. Compiz අනං මනං වැ‍ඩ කෑලි ටික ඔක්කොම වැ‍‍‍ඩ. දැම්මා හොඳ icon theme එකක්. Theme එකත් වෙනස් කලා.

හම්ම්..... තව මොනවද අඩු?... MP3 play කරන්න rythembox සහ amrock පෙරනිමියෙන් ම පැවතුනත් මට එච්චර හිතට ඇල්ලුවේ නෑ. ඉතින් දැම්මා Songbird. මට laptop සඳහා internet connection නැති නිසා dependency ප්‍රශ්නයකුත් තියෙනවා . ඊට පස්සේ getedeb අඩවියේ තිබිලා හමුවනා Songbird සඳහා deb file එකක්. බෑවා. Double click කළා. වැඩේ ගොඩ.

මේ තියෙන්නේ desktop එකේ screenshot කිහිපයක්. බලන්න හොඳද කියලා...





ලිනක්ස් ඉගෙන ගන්න මොනවද කරන්නේ??? දැන් ඉතින් තවත් ප්‍රශ්නයක්. අපිට මේ semester එකේ තියෙනවා නේ PHP. ඉතින් තවත් මොනවද? PHP install කරන එක තමා ප්‍රශ්නේ. මම කලින්ම කිවුවා වගේ dependency ප්‍රශ්නෙත් නිසා වැඩ ගොඩ වෙන්න යන්නේ. කෝකටත් කියලා අන්තර්ජාලයේ හොයලා බලද්දී XAMPP හි ලිනක්ස් සංස්කරණය dependency ප්‍රශ්නයක් නැතුව භාවිතා කරන්න පුලුවන් කියලා හොයාගත්තා. ඉතින් ගොනුව බෑවා. Tar ගොනුව පහත පරිදි /opt/ කියන directory එකට extract කළා.

#sudo tar xvfz xampp-linux-1.7.2.tar.gz -C /opt

දැන් කරන්න තියෙන්නේ terminal එකේ පහත විධානය ලබාදෙන එකයි.

#/opt/lampp/lampp start

දැන් LAMP වැඩ....
Share/Save/Bookmark

Wednesday, October 14, 2009

ලොකු උදවුවක් අවශ්‍ය කර තිබේ....

මේක පහුගිය දවසක මට අත් විඳින්න වුන අත්දැකීමක් නිසා ලියන්න සිතුව දෙයක්.

අපි හැමෝම වගේ යුනිකේත භාවිතා කරනවනේ . මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් 7 වලදී සිංහල සඳහා පෙරනිමියෙන් ලබා දෙන්නේ ඉස්කෝල පොත font එකයි. මේක ඉතාම හොඳ font එකක්. ඒත් ඊට වඩා රවුම් සහ හැඩ වැ‍ඩ වැඩි font එකක් Malithi Web කියන්නේ. මේ font එක default unicode font එක වන ඉස්කෝල පොත font එක වෙනුවට යොදා ගන්නා විදිහ ඉන්ද්‍රනාම සහෝදරයා කියලා තිබුණා. ඒ ක්‍රමය 100% සාර්ථක වුනා Windows XP තුළදී. (ඉන්ද්‍රනාම සහෝදරයාට බොහොම ස්තූතියි )

ඒත් Windows 7 වලදී නම් වැඩේ අල වෙනවා . ඒ මෙන්න මේ හේතුව නිසා. ඉන්ද්‍රනාම සහෝදරයා එයාගේ guide එකේ මෙන්න මෙහෙම පියවරක් අනුගමනය කරන්න කියලා තියෙනවා.

.....ගිහින් “මලිති වෙබ්” අකරු හැර අනිත් සියලු සිංහල යුනිකෝඩ් අකුරු fonts ෆෝල්ඩරෙන් එලියට ගන්න. (වෙනත් තැනකට ඩ්‍රැග් කරන්න) ආපහු බ්‍රවුසරේ ඕපන් කරලා සිංහල අඩවියකට යන්න (මේ බ්ලොග් එකට එන්නකෝ :P ) දැන් වින්ඩෝස් මගින් ඉතුරුවෙලා තියෙන එකම සිංහල යුනිකෝඩ් අකුර default එක විදියට රෙජිස්ටර් කරගනී.....


නමුත් Windows 7 වලදී ඉස්කෝල පොත font එක font directory එක තුළින් move කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. එය "Windows Protected" font ගොනුවක් බැවින් move කිරීමට නොහැකි බ‍ව පවසනවා .

ඉතින් කවුරු හරි කෙනෙක් දන්නවාද මේ ප්‍රශ්නයට විසඳුමක්? දන්නවානම් පොඩ්ඩක් කිය‍ලා දෙන්න. මේ දවස් වල ඉස්කොල පොත දැකලා දැකලා එපා වෙලා... (‍font එකේ වැරුද්දක් එහෙම කියනවා නෙවේ.. හොඳද???)

Share/Save/Bookmark

Tuesday, October 6, 2009

Enya - හිත නිවන සංගීතය

මම හිතන්නේ ඔයාලා හැමෝම Lord of the Rings චිත්‍රපටි මාලාව බලන්න ඇති. එහෙම නම් මතකද May it be කියන සින්දුව? ඉතාමත් ල‍යාන්විත කටහඬකින් ගායනා කරන මේ ගීතය ගායනා කරන්නේ Enya විසින්. ඇත්තටම Enya කියන්නේ මම ආසම කරන ගායිකාවක්. ඇයගේ නියම නම Eithne Patricia Ní Bhraonáin ලෙසයි සටහන් වෙන්නේ.





වෙලාවක් තියෙනවා නම් අහලා බලන්න Enya ගේ සින්දු. අපිට වෙනස් තලයක රසවින්දනයක් ලබන්න පුළුවන්. හැබැයි මේ සින්දු අහන කොට කලබලේට එහෙ මෙහෙ දුවන ගමන් නම් අහන්න එපා .එහෙම උනොත් ඒ සින්දු වලින් කියවෙන expressions හරි හැටි දැනෙන එකක් නෑ...






ප.ලි : මතකද Robin the Hooded Man? අපි ජාතික රූපවාහිනියේ ආසාවෙන් නැරඹූ කතා මාලාව. එහි පසුබිම් සංගීතය අමතක වෙලා නැතුව ඇති කියලා හිතනවා. මෙම පසුබිම් සංගීත කාණ්ඩ නිර්මාණය කරලා තියෙන්නේ Enya සහ තවත් කිහිප දෙනෙක් විසින් පවත්වාගෙන ගිය Clannad කියන සංගීත කණ්ඩායම විසින්.

Clannad සංගීත කණ්ඩායම (ඉදිරියේ දකුණු පසින් සිටින්නේ Enya - උපුටා ගැනීම wikipedia.com)


Share/Save/Bookmark