Thursday, December 17, 2009

NatGeo Wallpaper Downloader

National Geographic කියන්නේ ලෝකයේ තියෙන ප්‍රසිද්ධ සහ පැරණි සඟරාවක් / රූපවාහිනී නාලිකාවක් සහ වාර්තාමය වැඩසටහන් නිපදවන ආයතනයක්. හරියට Discovery එක වගේ. මේ ගැන මම අමුතුවෙන් විස්තර කියන්න ඕනෙ නෑනේ. ම‍ට වඩා හොඳට ඔයාලා National Geographic ගැන දන්නවා ඇති.

National Geographic  මගින් සාමාන්‍යයෙන් මාසිකව ඡායාරූප එකතුවක් එළි දක්වනවා. ඔවුන්ගේ ලෝකය පුරා විහිදී සිටින ඡායාරූප ශිල්පීන් විසින් කැමරා කාචයන්ට හසුකරගත් දුර්ලභ සහ සුන්දරතම දර්ශන මෙහි අන්තර්ගතයි. ඒ වගේම මෙම ඡායාරූප wallpaper ව‍ශයෙන් භාවිතා කරන්නත් ඉතා සුදුසුයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මාසෙන් මාසෙට මේවා කොහොමද download කරගන්නේ කියන එක.

ඒ සඳහා දැන් විසඳුමක් තියෙනවා. ඒ තමා National Geographic Wallpaper Downloader කියන්නේ. ඉතා පොඩි වැඩසටහනක් වන මෙය (~ 354 KB) මගින් ස්වයංක්‍රීයවම ඒ ඒ වර්ෂ වල නිකුත් කෙරුන National Geographic wallpapers පරිගණකයේ folder එකක් තුළට භාගත කිරීමේ හැකියාව ලබාදෙනවා.

වැඩි විස්තර හා භාගත කිරීම මෙතනින් කරන්න.





අපිට කරන්න කරන්න තියෙන්නේ මෙච්චරයි.
  1. Images download වෙන්න ඕනෙ path එක මෙතනින් set කරන්න
  2. Download වෙන්න ඕනේ මොන මොන අවුරුදු වල images ද කියලා මෙතනින් select කරන්න.
  3. ඒ images download වෙන්න ඕනේ resolution එක මොකක්ද කියලා select කරන්න.
  4. දැන් download වෙන්න දාන්න.
එච්චරයි. කරලා බලලා ප්‍රතිපල කොහොමද කියලා comment එකක් දාලා යන්න...


Share/Save/Bookmark

Monday, December 7, 2009

In Ear Headset?

මේ දවස් වල මම ටිකක් ලොකු මෙහෙයුමකට අත ගහලා තියෙන්නේ. ඒ තමා in-ear headset එකක් හොයාගන්න එක. ඇත්තටම කඩේකට ගිහිල්ලා මේක ගැන අහන්නත් බයයි වගේ. ඒ මිනිස්සු ඒකට දෙන පිළිතුරු දැකලා. වෙලාවකට බඩත් එක්ක කොර වෙනවා.... හුඟ දෙනෙක්ට තේරුමක් නෑ මේ  in ear seen එක මොකක්ද කියලා.











විශේෂයෙන්ම මේ වගේ handset එකක අවශ්‍යතාව දැනුනේ අපේ බස්වල තියෙන බොහොම නිහඬ පරිසරය නිසා :D. කන් පැලෙන්න දාන බයිලා සින්දු එක්ක ලේලන්ඩ් බස් වල් දුම් බටෙන් එන ප‍ට පට සද්දේ අපි ගාව තියෙන handsfree අස්සෙන් රිංගලා කනට වැටෙනවා. එ‍තකොට අහන්න පුලුවන් හොඳ රීමික්ස් සින්දුවක්. එහෙමත් නැත්තම් කිසිම දෙයක් නෑසෙන්නත් පුලුවන්. ඒ වගේ පරිසරයක බාහිර සද්ද බද්ද වලින් ඈත් වෙලා නිදයසේ සංගීතය රස විඳින්න මේ වගේ handset එකක වටිනාකම කියලා නිමකරන්න බෑ.

කවුරු හරි කෙනෙක් පුලුවන් නම් ලංකාවේ ඇතුළත high quality in - ear headset එකක් ගන්න පුලුවන් තැනක් ගැන කියනවාද? රුපියල් 1000ක පමණ උපරිමයකට යටත්ව හො‍ඳේ??? මේ දවස් වල කඩවල් ගානේ රස්තියාදු වෙලා එපා වෙලා තියෙන්නේ....  හුඟක් තැන්වල විකුණන්න නම් තියෙනවා. හැබැයි ටකරං සද්දෙ එන්නේ...
Share/Save/Bookmark