Wednesday, May 13, 2009

වැඩිපුර මතක තියා ගනිමු

ඔයාලා විභාගය ළං උනාම මොකද කරන්න්නේ? ( මං අහන්නේ බිත්තර තම්බන එකට අමතරව swt ) . හුඟක් අය කරන දෙයක් තමයි මතක තියා ගැනීම උදෙසා short note ගහන එක. ඒ වගේම තව දෙයක් තමයි mind mapping කියන්නේ. හුඟක් අය නම දන්නේ නැති උනාට අනන්ත්වත් විභාග වලට පාවිච්චි කරලා ඇති.

පරිගණකය තව තවත් අපේ ජීවිත වලට සමීප වෙන යුගයක, Mind mapping ගහන එකත් පරිගණකයක් හරහා කළොත්? අන්න ඒ වගේ වැඩ වලට යොදා ගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි VUE (Visual Understanding Environment ) කියන්නේ. මේ වගේ දෙයකට යොදාගන්න පුළුවන් මෘදුකාංග රාශියක් අන්තර්ජාලය තුළ නොමිලේ වගේම මුදල් ගෙවලත් ලබාගන්න පුළුවන් තමයි. ඒත් මම මේ VUE මෘදුකාංගයට කැමති කාරණා කිහිපයක් නිසයි..

  1. මේක open source ව්‍යාපෘතියක්. ඒ නිසා VUE 100% නොමිලේ ඔබට ලබාගන්න පුළුවන්. මේක Java භාෂාව මගින් develop කරන ලද මෘදුකාංගයක්.
  2. ඇත්තටම අනිත් මේ වගේ මෘදුකාංග වලට වඩා, VUE භාවිතා කිරීම ඉතාමත් ලේසියි. ඒක පාවිච්චි කරලම අත්විඳලා බලන්න.
මෙන්න link එක. බාගෙන පාවිච්චි කරලාම මට ගුණ අගුණ ගැන කියන්නකෝ... wink01
http://vue.tufts.edu/
Share/Save/Bookmark

Tuesday, May 12, 2009

ජනකාන්ත මිත්‍යා මත....

මම මේ කියන්න යන්නේ ඒ නමින් තියෙන පොත ගැන නම් නෙවෙයි ( කතුවරයා කවුද කියලා නම් මතක නැහෑ . මට පහුගිය දවසක අන්තර්ජාලයේ එහෙ මෙහෙ යනකොට හම්බවුන අමුතු තාලේ පොතක් ගැන තමයි කියන්න යන්නේ ( මේක ඇත්තටම pdf එකක් ) .

අපිට හුඟක් වෙලාවට ලෝකය පුරාවට විවිධ පුද්ගලයන් ට විඳින්න, දකින්න ලැබෙන අමුතු, අපූරු, අද්භූත ... සිදුවීම් ගැන අහන්න ලැබෙනවා ( සමහරවිට ඔබත් මේවාට මුහුණදීලා ඇති :) ) . මේවා ගැන අපේ හිතේ ඇතිවෙන්නේ අමුතුම ආකාරයක කුතුහලයක්.

ඒක තමා මිනිස් ස්වභාවය. ඉතින් මේ වගේ දේවල් අන්තර්ජාලය තුල ඕනෑ තරම් වාර්තාගත වෙලා තියෙනවා. නමුත් මේ pdf එකේ තියෙන්නේ ලෝකය පුරාම ආන්දෝලනාත්මක කතාබහකට ලක්වුණ අමුතු, අපූරු, අද්භූත සිදුවීම් ගැන විස්තර. සමහර සිදුවීම් වලට අදාළ වෙන දුර්ලභ ගණයේ ඡායාරූප පවා අඩංගු වෙනවා.

ඉතින් කියවලා බලන්න. මෙන්න link එක ( 24.84 MB) .
www.mediafire.com/?2wkoi00ttw1

මතක තියාගන්න, මේ පොත ගැන කිවුවේ ඒ විස්තර තුළ අමුතු ආකාරයක රසවත් බවක් තිබුණ නිසයි. මම මේ ලෝකෙ කොහෙවත් තියෙන විකාර කතන්දර ටිකක් ඔලුවට දාන්න යනවා කියලා හිතෙනවානම් බලන්න යන්න එපා. මේ වගේ විස්තර කියවලා රසවිඳින්න පුළුවන් අය විතරක් download කරගෙන කියෙවුවොත් තමයි හොඳ.

Share/Save/Bookmark

Monday, May 11, 2009

හිතට වදින කතාවක්...



මම මේ කියන්න යන්නේ චිත්‍රපටියක් ගැන (මේක ගැන සිංහලෙන් බයිස්කෝප් අඩවියේ සටහන් වෙලා තියෙනවද දන්නේ නෑ).

ඇත්තටම වෙනස් ආරක් ගත්ත ඇමරිකානු චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. මට මේක හම්බවුනේ මීට අවුරුද්දකට කලින්. නමුත් මේකෙ මුල් ටික බලලා මම අත ඇරලා දැම්මා. ආයේ මාස හතරකට විතර කලින් මට මේක හම්බවුනා. ඉතින් බලන්න වෙන චිත්‍රපටියක් නැති හින්දා මමත් දිගටම බැලුවා. කතාව ඇත්තටම හරියට පටන් ගන්නේ මැදක් විතර ගියාට පස්සේ. එතනින් එහාට බලන එක නවත්වන්න හිතෙන්නේ නෑ.මට පුදුම විදිහට හිතට වැදුන කතාවක් මේකේ තියෙන්නේ. (මට විතරක් නෙවෙයි, මේක බලලා අඬපු අය පවා මම දන්නවා - ගෑණු ළමයෙක් නම් නෙවෙයි )

ඉතින් මම කතාව කියන්න යන්නේ නෑ. එහෙම කිවුවොත් වැඩක් නෑ. ඔයාලා බලලා නැත්තම් අනිවාර්යයෙන් ම බලන්න. මේකෙ තියෙන සින්දු ත් ඉතාමත් ලස්සනයි. Internet එකෙන් බාගන්න walk to remember ost download free කියලා search කරලා බලන්න. Download කරනවා නම් 100% ක් වටින download එකක් කියලා මම සහතික වෙනවා.

Share/Save/Bookmark

Tuesday, May 5, 2009

Bug එකක්ද මන්දා????

මේ දවස් වල මම Windows 7 දාගෙන අරව මේවා test කරනවා. ඉතින් මේ දවස් ටිකේම බ්ලොග් එකේ ලියවෙන්නේ ඔය දේවල් ගැන තමයි.

මේ මට ඊයේ සිද්ධ වුන සිදුවීමක්. යාළුවක්ට film එකක් ගිහින් දෙන්න කියලා හිතාගෙන file එක pen එකට copy කරන්න පටන් ගත්තා. ඔක්කොමත් හරි, copy වෙන speed එක දැක්කම මට පිස්සු නොහැදුනා විතරයි. යන්තම් සිහි එළවාගෙන screen shot එකක් ගහ ගන්න කොට පටන් ගත්තට වඩා සෑහෙන්න speed එක අඩු වෙලා.




( බලන්න රතු පාටින් ඉරක් ඇඳලා තියෙන තැන වැටිලා තියෙන copy වෙන speed එක )


Copy වෙන්න පටන් ගත්තේ 50MB/s විතර speed එකකින්. හැබයි අනිතිමට 17 MB/s විතර වෙනකන් speed එක පහළ වැටුණා.

මම හිතන්නේ මේක Windows 7 වල තියෙන bug එකක්. මොකද කිවුවොත් අන්තිමට copy වෙන එක 100% ගිහිල්ලත් සෑහෙන වෙලාවක් copying කියලා වැටිලා මොනවත් වෙන්නේ නැතුව තිබුනා. සාමාන්‍යයෙන් file එක copy කරන්න යන වෙලාවම ගියා කියලා තමයි මට නම් හිතුනේ.

මේ ගැන ඔයාලට මොනවද හිතෙන්නේ? (කවුරු හරි අන්දන්න නම් පුළුවන් තමයි :) ඒත් මම අහන්නේ ඊට වඩා වෙනස් අදහසක් ගැන)

Share/Save/Bookmark

Monday, May 4, 2009

Windows 7 විසඳුම වැඩි විස්තර සමගින්

ඔන්න මම කිවුවා වගේම Windows 7 වල drivers ප්‍රශ්නය ගැන කරපු test එකේ විස්තර මම දෙන්න යන්නේ.



මේ තමයි මම ඉස්සෙල්ලා කිවුව විදිහට Windows 7 වල drivers install කරන්න ගියහම එන error එක (මේක හැමෝටම එන error එකක් නෙවෙයි. සමහර driver manufacturer ලාගේ drivers Windows 7 වලත්, Vista වලත් අවුලක් නැතුව වැඩ බවයි ආරංචිය ) .


ඉතින් මම කළේ Vista වලදී මගේ drivers ටික DriverMax හරහා hard disk එකේ folder එකකට export කරගත්ත එකයි.


පියවර 1





පියවර 2






පියවර 3





මේ තියෙන්නේ මගේ hard disk එකේ folder එකකට export කරපු සම්පූර්ණ drivers ටික. මේ ටිකේ size එක 140MB විතර වුනා.




ඊ ළඟට මම කළේ Windows 7 දාලා ඒකට DriverMax install කරපු එකයි. ඊට පස්සේ DriverMax හරහා Vista වලදී export කරපු drivers ටික system එකට import කරගත්තා.

මෙතනදී මම import කර ගත්තේ මට අවශ්‍ය drivers ටික විතරයි. මම import කර ගත්තේ display drivers විතරයි.

මේ තියෙන්නේ අවසන් ප්‍රතිපලය.





Display drivers නැතුව Windows 7 වල තිබුණ කැඩෙන ගතිය මින් පස්සේ සම්පූර්ණයෙන් ම වගේ නැතිවෙලා ගියා.




Share/Save/Bookmark