Wednesday, July 29, 2009

Windows වලට නව මුහුණුවරක්???

මම මොනවත් කියන්නේ නෑ. මේ Video එක බලන්න. කොතරම් හොඳ නිර්මාණ හැකියාවක් ද කියලා ඔයාලම හිතලා බලන්න.


උපුටා ගැන්ම http://www.withinwindows.com අඩවියෙන්
Share/Save/Bookmark

Friday, July 24, 2009

Adobe CS4 Master Collection භාවිතා කළෙමි

Adobe CS4 Master Collection එක කියන්නේ මම සෑහෙන කාලයක් හොය හොයා හිටිය Software Collection එකක්. Torrents නම් ඕන තරම් තියෙනවා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ Size එක. Master Collection Installation ISO එක 8GB ත් ඉක්මවා යනවා . එතකොට ප්‍රශ්න ගොඩයි. ප්‍රධාන වශයෙන් Mobility :) . තනි DVD එකකට ගහන්නත් බෑනේ...

ඔන්න ඔය නිසා download කරන එක පස්සට කල් දම දමා ඉඳලා ඊයේ හම්බවුන torrent එකක් (~3.2GB) බෑවා. ඇත්තම කිවුවොත් torrent එකේ විස්තර ගන්න එක comment එකක්වත් තිබුනේ නෑ. ඒත් ඉතින් නිකන් ඉන්න එකේ කියලා බාගත්තා. මෙන්න ඔක්කොම softwares ටික වැඩ. (මේ torrent එකෙන් එන්නේ 7 zip archive එකක්. Install කරන්න ඒක extrect කරන්න ඕනේ.එතකොට size එක ~4.5GB විතර වෙනවා)

මේ collection එකේ තියෙන software ටික::::::

• Adobe InDesign® CS4
• Adobe Photoshop® CS4 Extended
• Adobe Illustrator® CS4
• Adobe Acrobat® 9 Pro
• Adobe Flash® CS4 Professional
• Adobe Dreamweaver® CS4
• Adobe Fireworks® CS4
• Adobe Contribute® CS4
• Adobe After Effects® CS4
• Adobe Premiere® Pro CS4
• Adobe Soundbooth® CS4
• Adobe OnLocation™ CS4
• Adobe Encore® CS4
• Adobe Bridge CS4 (offers direct access to Version Cue® and Adobe® Device Central)
• Adobe Dynamic Link
• Adobe Media Player

මම ඕකේ ප්‍රධානම software ටික test කරලා බැලුවා. ඒ ඔක්කොම වැඩ කරනවා. වැඩි විස්තර තවදුරටත් test කරලා කියන්නම්. බාගන්නවානම් මෙන්න torrent එක. පහළ තියෙනවා screenshot ටික..

























Share/Save/Bookmark

Tuesday, July 21, 2009

Try කරන්න gTalk Labs Edition

Google තමන්ගේ chat client එකේ lab version එකක් හඳුන්වා දී තිබෙනවා. නව පහසුකම් සහ වැඩි දියුණු වූ අතුරු මුහුණතකින් සමන්විත මෙය අනිවාර්යයෙන්ම අත්හදා බැලිය යුතු මෘදුකාංගයක් ලෙසයි මමනම් දකින්නේ. මෙතනින් බාගන්න.




(පින්තූරය උපුටාගැනීම http://www.google.com/talk/labsedition අඩවියෙන්)

Share/Save/Bookmark

Thursday, July 16, 2009

මොකක්ද මේ www2 කියන්නේ?

අද අන්තර්ජාලයේ එහෙ මෙහෙ යනකොට ගියපු site එකක host name එක දැකලා පොඩ්ඩක් ඒක ගැන හොයලා බලන්න හිතුනා.

මේ site එකේ url එක http://www2.scholastic.com/browse/index.jsp. ටිකක් නුපුරුදුයි වගේ නේද? සාමාන්‍යයෙන්site එකක url එක එන්නේwww විදිහට. ඒත් මේකේ host name එක www2 . ඉතින් මමත් පොඩ්ඩක් google ගේ search කරලා බැලුවා. එතකොට ආපු පළමුවෙනි result එක මාව යොමු කළේ මෙන්න මේ blog එකට. මම මෙහි අඩංගු දේවල් කිහිපයක් තමා උපුටා දක්වන්න යන්නේ...

මෙහි සඳහන් වන ආකාරයට මෙවැනි host name එකක් යොදාගන්නේ visitors ලා විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙන වෙබ් අඩවි වලට. මෙහි ප්‍රධාන අරමුණ වැඩි වෙන server load එක ක්‍රමවත්ව පාලනය කිරීමයි. ඇත්තෙන්ම මෙවැනි URL එකකින් අපව යොමු කරන්නෙත් සාමාන්‍ය URL එකෙන් අපව යොමු කරන වෙබ් අඩවියටයි. නමුත් මෙහිදී අපට ලබාදෙන වෙබ් පිටුව ඇත්තේ වෙනත් server එකක. කොටින්ම කිවුවොත් මුල් වෙබ් අඩවියේ සම්පූර්ණ copy එකක් මෙම දෙවන server එකේ අඩංගු වෙනවා (මේවාට පළමු වෙබ් අඩවියේ mirror එකක් ලෙසත් පවසනවා). මේ කාරණයට අමතරව වෙබ් අඩවියේ නඩත්තුවක් වැනි කටයුත්තකදී විකල්පයක් වශයෙනුත් මෙම mirror එක භාවිතා කරන්න පුළුවන්...

www2 පමණක් නොවෙයි, සමහර වෙබ් අඩවි තමන්ගේ server load එක පාලනය කරලා පරිශීලකයන්ට හොඳ සේවාවක් ලබාදීමේ අරමුණින් www3 වැනි host name ද භාවිතා කිරීමට පෙළඹී සිටිනවා

Share/Save/Bookmark

Friday, July 10, 2009

මා Linux භාවිතා කරන්නෙක් නොවන්නේ මන්ද?

අද හැමෝගෙම උනන්දුව ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය වෙත යොමු වෙලා තිබෙන බව හුඟ දෙනෙක් ගේ Blog posts, comments, reviews දැක්කම පේනවා. විශාල ප්‍රමාණයක පිරිසක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සිට ලිනක්ස් වෙත නැඹුරු වීමට පටන් අරන්. ඒක ඇත්තටම හුඟක් සුභවාදී පියවරක්. ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටක මුදල් පිටරටට ඇදී යාම වැළක්වීම සඳහා ගනු ලබන සාර්ථක උත්සාහයක් ලෙසයි මම දකින්නේ.

මම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් වශයෙන් මුලින්ම භාවිතා කළේ Red Hat Linux (Ver 9?). ඒ මම හිතන්නේ 2004 දී විතර වෙන්න ඇති. එදා ඉඳලා මේ වෙනකන් මම විවිධ ලිනක්ස් සංස්කරණ කිහිපයක්ම භාවිතා කරලා තියෙනවා. Mandrake, Mandriva, Ubuntu, Puppy, Fedora, Open SUSE ආදී වශයෙන්. ඒත් මේ හැම ලිනක්ස් සංස්කරණයකින්ම මට ඉක්මණින්ම ඉවත් වෙලා ආපහු වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට මාරු වෙන්න සිද්ධ වුනා.

මේකට ප්‍රධාන හේතු දෙකක් බලපෑවා. පළවෙනි එක තමා අන්තර්ජාල පහසුකම. ලිනක්ස් භාවිතා කරන, කරලා තියෙන හුඟ දෙනෙක් දන්නා දෙයක් තමා ලිනක්ස් වල මෘදුකාංග බොහෝ ප්‍රමාණයක් පිහිටවීමට අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය බව (apt get install වැනි විධාන භාවිතා කරමින්). මම තවමත් ගෙදරදී අන්තර්ජාලයට සම්බන්ධවීමට connection එකක් අරන් නෑ. ඉතින් එහෙම වුනාම ලිනක්ස් භාවිතයේදී විඳින්න ඕනේ දුක ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ...

ඊ ළඟට දෙවෙනි ප්‍රශ්නය හෙවත් වෘත්තීයමය ගැටළුව. මම මගේ job එක අනුව Adobe පවුලේ මෘදුකාංග සමග නිතර නිතර වැඩකරන්න සිද්ධ වෙනවා. එතනදී නම් වින්ඩෝස් හැරෙන්නට වෙනත් විකල්පයක් ඇත්තේම නෑ... ( කලින් ප්‍රශ්නයට විසඳුමක් ලෙස අන්තර්ජාල සබඳතාවයක් ගත්තත් ). සමහරුන් ට කියන්න පුළුවන් "ඇයි දෙයියනේ Photoshop වෙනුවට GIMP පාවිච්චි කරන්නකෝ. Illustrator වෙනුවට Inkspace පාවිච්චි කරන්නකෝ..." ආදී වශයෙන්. ඇත්ත. ඒ වගේ විකල්ප භාවිතා කරන්න පුළුවන් තමයි. ඒත් Adobe AfterEffects, Adobe Premire වගේ මෘදුකාංග වලට ලිනක්ස් මත ධාවනය වන ඒ තරම්ම පහසුකම් තිබෙන විකල්ප මා දන්නා විදිහට මේ වන තෙක් එළි දක්වලා නෑ.

ඉතින් ඔන්න ඔය ප්‍රශ්න නිසා තමා මම තාමත් ජනේලයට හිර වෙලා ඉන්නේ. හැබැයි Windows තුළ හොඳ නැත්තෙත් නෑ.කියන තරම් යකා කළු නෑ කියලා කතාවක් තියෙනවනේ... :)

බලමු, ඉස්සරහට ඔය ප්‍රශ්න විසඳුනොත් මටත් ජනේලයෙන් එළියට එන්න පුළුවන් වේවි.

Share/Save/Bookmark

Wednesday, July 8, 2009

Raster Image එකක් Vector Image කරමු

මේ කතන්දරේ කියන්න කලින් මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් vector images සහ raster images කියන්නේ මොනවද කියලා.

අපි ඔය එදිනෙදා භාවිතයට ගන්නා JPG, BMP, PNG, GIF වගේ පින්තූර ගොනු අයත් වෙන්නේ raster ගණයටයි. මේවා තමන්ගේ පින්තූරය පිළිබඳව සටහන් තබාගෙන ඉන්නේ පරිගණක තිරයේ තිබෙන pixels උපයෝගී කරගෙනයි.

Vector images ගැන කියනවානම් සමහර අය මේ ගැන අහලා නැති වුනාට භාවිතා කරළා නම් ඇති. මේ වර්ගයේ images තමන්ගේ පින්තූරය ගැන සටහන් තබගෙන ඉන්නේ ගණිතමය සමීකරණයක් (Mathematical equation ) යොදාගෙනයි. අපි Graphic Designing වලදී භාවිතා කරන Adobe Illustrator, CorelDraw වගේ මෘදුකාංග වලින් අපි කරන්නේ vector images අඳින එකයි.

ඉතින් මේ images වර්ග දෙකේ තිබෙන වෙනස මොකක්ද? පැහැදිලි සහ ලොකු වෙනසක් තියෙනවා. Raster images මෘදුකාංගයක් භාවිතා කරමින් scale හෝ zoom කරන විට, යම් සීමාවක් ඉක්මවා ගිය විට පින්තූරය අපැහැදිලි වීමට පටන් ගන්නවා. මේ තත්වය ඔබ අනන්තවත් අත්විඳලා ඇති කියලයි මම නම් හිතන්නේ. එහෙම නැත්තම් ගන්න JPG එකක්. වැඩිය ඕනේ නෑ. MS Paint වගේ Basic image editing software එකකින් zoom කරලා බලන්නකෝ.

හැබයි vector වල තත්වය මීට වෙනස්. මම කිවුවනේ vector images තමන්ගේ පින්තූර ගැන විස්තර තියාගන්නේ ගණිතමය සමීකරණ භාවිතා කරලා කියලා. ඉතින් image එකක් scale හෝ resize කරන විට ඊට අනුකූලව සමීකරණයේ තියෙන විචල්‍යයන් වෙනස් කරමින් පින්තූරය නොවෙනස්ව තබා ගන්නවා.

Graphic designing වලදී අපිට මේ images වර්ග දෙක සමගම වැඩ කරන්න සිද්ධ වෙනවා. Vector image එකක් raster image එකක් බවට කිසිම ප්‍රශ්නයක් නැතුව පරිවර්තනය කරන්න පුළුවන්. ඒත් තරු විසි වෙන්නේ raster image එකක් vector image කරන්න ගියාමයි.

බොහෝ විට vector මෘදුකාංගයක image එක සම්පූර්ණයෙන්ම අදින්න වෙනවා. මෙන්න මේකට හොඳ විසඳුමක් තමා www.vectormagic.com කියන්නේ. අපි ලබාදෙන raster image එකක් සෑහෙන නිරවද්‍යතාවයකින් යුතුව vector image එකක් බවට පරිවර්තනය කරලා දෙන්න මේ අඩවිය සමත්. උත්සාහ කරලා බලන්න.

හැබැයි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපි මේ අඩවියේ register වෙන්න ඕනේ. එක Email Address එකකින් convert කරන්න දෙන්නේ images දෙකක් පමණයි. එතනින් එහාට මුදල් අය කරනවා. හොඳම වැඩේ තාවකාලික Email ලිපින ලබා දෙන 10minutemail වගේ සේවාවක් භාවිතා කරන එකයි.

Raster and Vector ගැන වැඩිදුර දැන ගන්න wikipedia බලන්න.

Share/Save/Bookmark

VLC Media Player 1.0.0 නිකුත් වෙලා

අපි කවුරුත් දන්න හඳුනන VLC Media Player හි නවතම නිකුතුව Version 1.0.0 Goldeneye ලෙස එළි දක්වා තිබෙනවා. මෙම සංස්කරණයේ දී Blu-Ray තැටි ධාවනය සඳහා සහයෝගය දැක්වීම ඇතුළු නව විශේෂාංග රැසක් මෙහි අඩංගු බවයි සංවර්ධකයින් පවසන්නේ...

මෙතනින් ලබාගන්න.

Share/Save/Bookmark

Wednesday, July 1, 2009

3D Studio Max 2010 භාවිතා කළෙමි.

මම අන්තිමට 3ds max version එකක් භාවිතා කළේ 2007 දී . ඒ version 7. ඊට පස්සේ ඊයේ වැඩකට අවශ්‍ය වෙලා අළුත් version එක භාගත කළා. සෑහෙන වෙනස්කම් ගොඩක් UI එකේ සිදු කරළා තියෙනවා. සිත් ගන්නා සුළු පෙනුමක් එකතු කරලා තියෙනවා. කලින් versions වලට වඩා වේගවත් බව කියන්න පුළුවන්. Rendering ඉතාමත් ඉහළ නිමාවක් සහිතව සිදු වෙනවා. මේ තියෙන්නේ මම ලබා ගත් තිර සටහන් කීපයක්.














Share/Save/Bookmark