Wednesday, March 3, 2010

මේ පාරෙන් එන්න...

සෑහෙන කාලයක් තිස්සේ blogger එක්ක රැඳිලා හිටිය මට දැන් ඔන්න එතනින් වෙන තැනකට මාරු වෙන්න කාලය ඇවිල්ලා‍. හෝව් හෝව්... වරදවා වටහාගන්න එපා. මගේ සිංහල බ්ලොග් එක විතරක් මේ මා‍සෙ ඉඳලා අලුත් තැනකට ගෙනියනවා. මේ තැන මට හම්බවුනේ lkservers ආයතතනය මගින් බ්ලොග් ලියන්නන් 50 දෙනෙකු සඳහා නොමිලේ ඩොමේන් නාම (අවුරුද්දක් සඳහා) හා web space ලබා දීමේ වැඩපිළිවෙල හරහායි. ඉතින් මට මේ සඳහා උදවු වුන සම්පත් සහ ගයන්ත දෙන්නව කෘතවේදීව සිහිපත් කරනවා.

ඉතින් මේ වෙනකොට අලුත් තැන wordpress එහෙම ස්ථාපනය කරලා පරණ පෝස්ට් සියල්ල import කරලා ඉවරයි. හැබැයි තාම beta :P . මගේ බ්ලොග් එක අලුත් තැනක‍ට ගෙන ගියා කියලා සංසදයේ ඇඩ්මින්වරුන්ටත් දැන්වූවා.

ඉතින් මේ තැනට ඇවිත් මම ලියපු දෙවල් කියවලා වචනයකින් හරි සහයෝගයක් දැක්වූවා වගේ, ඔය කට්ටිය අලුත් තැනට ඇවිත් ම‍ට සහයෝගය දක්වාවි කියලා මම හිතනවා.

මෙන්න අලුත් තැන : www.dakshinasblog.info
Share/Save/Bookmark

Friday, February 5, 2010

දැයට කිරුළ 2010 බලන්නට ගියෙමි.

සෑහෙන කාලයක‍‍ට පස්සේ ඔන්න අළුතෙන් post එකක් දාන්න වෙලාවක් හම්බවුනා. ඇත්තම කියනවා නම් වෙලාවක් හම්බවුනා නෙවෙයි, මේක දාන්නම අවශ්‍යයි කියලා හිතුන නිසා තමා දාන්න යන්නේ.

කවුරුත් දන්නවනේ "දැයට කිරුළ" ප්‍රදර්ශනය මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ දී පැවැත්වෙන බව. ඊයේ තමා ‍ආරම්භ වුනේ. ඉතින් ගිය සැරේ කොළඹ තිබුණ ප්‍රදර්ශනය බලන්න යන්නත් බැරි වුණ එකේ ගේ ළඟටම ආපුවම නොගිහින් කොහොමද කියලා පළවෙනි දවසෙම යාළුවෝ කට්ටියත් එක්ක යන්න set වුනා.

මුලින්ම කියන්න ඕනේ ප්‍රදර්ශන භූමිය ඇත්තටම සෑහෙන්න විශාලයි. Announce කරන්නේ අක්කර 60 ක භූමි භාගයක් පුරා පැවැත්වෙනවා කියලා (මම නම් හරියටම දන්නේ නෑ අක්කර 60 ක්ම තියෙනවද කියලා). අපි ප්‍රදර්ශන භූමියට ඇතුලු වුනේ හවස පහ හමාරට විතර. (මොකද පළවෙනි දවසේ ප්‍රදර්ශනය ජනාධිපතිතුමන් අතින් විවෘත වුනේ හවස 4ට. අනිත් දවස් වලට නම් උදේ 9.00 ඉඳන් මධ්‍යම රාත්‍රී 12.00 වෙනකම් ප්‍රදර්ශන භූමියට සෙනග ඇතුළු කරගන්නවා.) හවස පහ හමාරේ ඉඳන් මධ්‍යම රාත්‍රී දොළහ විතර වෙනකන් අපි ප්‍රදර්ශන භූමියේ ඇවිද්දා. ඇත්තම කිවුවොත් අපිට මුලු ප්‍රදර්ශනකුට් වලින් පනහක් විතර ප්‍රමාණයක් තමා බලාගන්න පුලුවන් වුනේ. මුලු ප්‍රදර්ශන කුටි සංඛ්‍යාව 1000ට අධිකයි ලු. ඉතින් ප්‍රදර්ශනයේ විශාලත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මම හිතන්නේ ප්‍රදර්ශනය සම්පූර්ණයෙන් නරඹන්න දවස් දෙකක් වත් බලන්න වෙයි. සමහර විට ඊටත් වඩා වෙලා යයි. ඉතින් දුර ඉඳලා එන අය සම්පූර්ණ ප්‍රදර්ශනය නරඹන්න හිතනවානම් නවතින්න තැනක් ලෑස්ති කරගෙන ආවොත් හොඳයි.

මුලින්ම වගේ ඇතුළට යන්න පුලුවන් වුන නිසා අපිට ඕනේ වුනේ සෙනග පිරෙන්න කලින් ත්‍රිවිධ හමුදාවේ කුටි ටික නරඹන්න. මොකද ඕක බලන්න ඉක්මණටම සෙනග පිරෙන නිසා. ඒ නිසා මුලින් මුලින් තිබුණ ප්‍රදර්ශන කුටි ටිකක් නරඹලා අපි ගියා ත්‍රිවිධ හමුදා‍වේ කුටි නරඹන්න. ඒ ටික නරඹලා ඉවර වෙනකොට මධ්‍යම රාත්‍රියටත් ලං වෙලා. ඇවිදගන්නවත් පණ නෑ. මාර මහන්සියි. ඒ නිසා ඉතුරු ටික බලන්න ආයේ වෙන දවසක යන්න කියලා හිතාගෙන අපි ප්‍රදර්ශන භූමියෙන් එළියට ආවා. ප්‍රදර්ශනය ගැන ලියනවාට වඩා මම හිතන්නේ පුලුවන්කමක් තියෙනවානම් ගිහින් බැලුවොත් තමා හොඳ. හැබැයි යන්න බැරි අය දුක් වෙන්න එපා. ඔ‍ක්කොම කට්ටියට බලාගන්න මම ඊයේ ගත්ත photoes ටිකක් දාන්නම්. 2MP mobile phone camaera එකකින් හුඟක් දර්ශන රෑ ගත්ත නිසා එච්චරම  quality නෑ. එත් "something is better than nothing" කියලා කියනව නේ.... තවත් photoes වගයක් තියෙනවා. හැකියාවක් තිබුණොත් මම ඒවාත් දාන්න උත්සාහ කරන්නම්.

ඉතින් මම ආරාධනා කරනවා වෙලාවක් තියෙනවානම් ඇවිත් ප්‍රදර්ශනය නරඹන්න කියලා. දවල්ට එහෙම එනවා නම් අනිවාර්යයෙන්ම කුඩයක් හෝ කැප් එකක් අරන් එන්න අමතක කරන්න එපා. මොකද මේ දවස්වල මේ පැත්තට පායනවා කරවෙන්න. ඒ වගේම රෑට ප්‍රදර්ශනය බලන්න එනවා නම් කැප් එකක් හා සීතල දරාගන්න අමාරුනම් උණුසුම් ඇඳුමක් අරන් ආවොත් හොඳයි. දවල් ට පෑයුවාට රෑ වෙනකොට සෑහෙන සීතල ගතියක් තියෙනවා.



 
ආදර්ශ කමතක් (ගොවිජන ‍සංවර්ධන දෙපාර්තමේන්තුව)


  
මේ අපේ විභාග වල බහුවරණ උත්තර පත්‍ර පරීක්ෂා කරන යන්ත්‍රයක් (විභාග දෙපාර්තමේන්තුව)


  
සතුන්ගේ හිස් කබල් (පේරාදෙණිය විශ්ව විද්‍යාලය-අධ්‍යනාංශය නම් මතක නෑ)


  
පුළුන් පුරවපු සතෙක් (පේරාදෙණිය විශ්ව විද්‍යාලය-අධ්‍යනාංශය නම් මතක නෑ)


  
ත්‍රිවිධ හමුදාවේ කුටි වලට ඇතුළු වන ස්ථානය


  
මේ යුධ ජයග්‍රහණ පිළිබද විවිධ පුවත්පත් වල පලවුන ලිපි එකතුවක්


  
හමුදාවේ ප්‍රදර්ශන කුටියක්


   
ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් ප්‍රදර්ශනය නරඹන්නට පැමිණි ජනතාව තබා ගිය සටහන්


  
 බෙල් හෙලිකොප්ටර් යානාවක මිසයිල

  
 කෆීර් යානයක්

  
ක‍ෆීර් යානයේ මිසයිල


  
නාවික හමුදාවේ ප්‍රදර්ශන කුටියක්
  
මේ මොකක්ද කියලා හිතන්න පුලුවන්ද?? (නාවික හමුදාව)

  
ගැඹුරු දිය කිමිදුම් කට්ටලයේ (මම හිතන්නේ scuba diving) හිස් වැස්ම


  
මුහුදේ ඉන්නා විස සහිත සතුන් පිළිබඳ දේශනයක් (නාවික හමුදාව)


  
අධි වේග ප්‍රහාරක යාත්‍රා වල අවි


  
පොලිස් ගිනිඅවි අංශයේ ප්‍රදර්ශන කුටිය


  
L.T.T.E සංවිධානයේ උපකරණ

  
L.T.T.E සංවිධානයේ ගිනිඅවි


  
ශ්‍රී ලංකා යුධ හමුදාව භාවිතා කරනග ගිනි අවි


  
මේක මරු භාණ්ඩයක්. සෑහෙන පරණයි. අංක තහඩුව බලපුවහම පේනවානේ (හැබැයි engine එක 650 CC) - ශ්‍රී ලංකා පොලීසිය


  
මේ ඇත්තම එකක්ද අනුරුවක්ද කියලා දන්නනේ නෑ


  
නවීන යුධ ටැංකියක්

  

 මල්ටි බැරල් ප්‍රහාරක රථයක්


Share/Save/Bookmark

Friday, January 1, 2010

නව ආරම්භයක්....

දන්නේම නැතුව අවුරුද්දක් ගෙවිලා ගියා. තවත් අවුරුද්දක් ආරම්භ වෙනවා අද ඉඳලා. සමහරුන් ගේ බලාපොරොත්තු ඉ‍ටුවෙන්න ඇති. තවත් සමහරුන්ගේ එහෙම නොවෙන්න ඇති. මෙනවා වුනත් පහුගිය අවුරුද්දේ කරගන්න බැරිවුන දේවල්, ඉටුනොවුන දේවල් ගැන තැවෙමින් ඉන්නේ නැතුව අද ඉඳලා අලුත් ආරම්භයක් ලබාගන්න උත්සාහ කරමු.

ගිය අවුරුද්දේ සිදුවුන වැරදි වලින් පාඩම් ඉගෙන ගෙන ජීවිතය මේ අවුරුද්දේ නිවැරදි මාර්ගයේ ගෙනියන්න අලුත් අදහස් වලින් පිරුණ, අලුත් ආරම්භයක් ලබාගන්න හැකිවේවා යැයි සියලු දෙනාටම සුභ පතනවා!!!

Share/Save/Bookmark

Thursday, December 17, 2009

NatGeo Wallpaper Downloader

National Geographic කියන්නේ ලෝකයේ තියෙන ප්‍රසිද්ධ සහ පැරණි සඟරාවක් / රූපවාහිනී නාලිකාවක් සහ වාර්තාමය වැඩසටහන් නිපදවන ආයතනයක්. හරියට Discovery එක වගේ. මේ ගැන මම අමුතුවෙන් විස්තර කියන්න ඕනෙ නෑනේ. ම‍ට වඩා හොඳට ඔයාලා National Geographic ගැන දන්නවා ඇති.

National Geographic  මගින් සාමාන්‍යයෙන් මාසිකව ඡායාරූප එකතුවක් එළි දක්වනවා. ඔවුන්ගේ ලෝකය පුරා විහිදී සිටින ඡායාරූප ශිල්පීන් විසින් කැමරා කාචයන්ට හසුකරගත් දුර්ලභ සහ සුන්දරතම දර්ශන මෙහි අන්තර්ගතයි. ඒ වගේම මෙම ඡායාරූප wallpaper ව‍ශයෙන් භාවිතා කරන්නත් ඉතා සුදුසුයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මාසෙන් මාසෙට මේවා කොහොමද download කරගන්නේ කියන එක.

ඒ සඳහා දැන් විසඳුමක් තියෙනවා. ඒ තමා National Geographic Wallpaper Downloader කියන්නේ. ඉතා පොඩි වැඩසටහනක් වන මෙය (~ 354 KB) මගින් ස්වයංක්‍රීයවම ඒ ඒ වර්ෂ වල නිකුත් කෙරුන National Geographic wallpapers පරිගණකයේ folder එකක් තුළට භාගත කිරීමේ හැකියාව ලබාදෙනවා.

වැඩි විස්තර හා භාගත කිරීම මෙතනින් කරන්න.





අපිට කරන්න කරන්න තියෙන්නේ මෙච්චරයි.
  1. Images download වෙන්න ඕනෙ path එක මෙතනින් set කරන්න
  2. Download වෙන්න ඕනේ මොන මොන අවුරුදු වල images ද කියලා මෙතනින් select කරන්න.
  3. ඒ images download වෙන්න ඕනේ resolution එක මොකක්ද කියලා select කරන්න.
  4. දැන් download වෙන්න දාන්න.
එච්චරයි. කරලා බලලා ප්‍රතිපල කොහොමද කියලා comment එකක් දාලා යන්න...


Share/Save/Bookmark

Monday, December 7, 2009

In Ear Headset?

මේ දවස් වල මම ටිකක් ලොකු මෙහෙයුමකට අත ගහලා තියෙන්නේ. ඒ තමා in-ear headset එකක් හොයාගන්න එක. ඇත්තටම කඩේකට ගිහිල්ලා මේක ගැන අහන්නත් බයයි වගේ. ඒ මිනිස්සු ඒකට දෙන පිළිතුරු දැකලා. වෙලාවකට බඩත් එක්ක කොර වෙනවා.... හුඟ දෙනෙක්ට තේරුමක් නෑ මේ  in ear seen එක මොකක්ද කියලා.











විශේෂයෙන්ම මේ වගේ handset එකක අවශ්‍යතාව දැනුනේ අපේ බස්වල තියෙන බොහොම නිහඬ පරිසරය නිසා :D. කන් පැලෙන්න දාන බයිලා සින්දු එක්ක ලේලන්ඩ් බස් වල් දුම් බටෙන් එන ප‍ට පට සද්දේ අපි ගාව තියෙන handsfree අස්සෙන් රිංගලා කනට වැටෙනවා. එ‍තකොට අහන්න පුලුවන් හොඳ රීමික්ස් සින්දුවක්. එහෙමත් නැත්තම් කිසිම දෙයක් නෑසෙන්නත් පුලුවන්. ඒ වගේ පරිසරයක බාහිර සද්ද බද්ද වලින් ඈත් වෙලා නිදයසේ සංගීතය රස විඳින්න මේ වගේ handset එකක වටිනාකම කියලා නිමකරන්න බෑ.

කවුරු හරි කෙනෙක් පුලුවන් නම් ලංකාවේ ඇතුළත high quality in - ear headset එකක් ගන්න පුලුවන් තැනක් ගැන කියනවාද? රුපියල් 1000ක පමණ උපරිමයකට යටත්ව හො‍ඳේ??? මේ දවස් වල කඩවල් ගානේ රස්තියාදු වෙලා එපා වෙලා තියෙන්නේ....  හුඟක් තැන්වල විකුණන්න නම් තියෙනවා. හැබැයි ටකරං සද්දෙ එන්නේ...
Share/Save/Bookmark

Wednesday, November 11, 2009

මගේ පළමු Google Wave අත්දැකීම



Google wave ආවට පස්සේ test කරලා බලන්න සෑහෙන ආසාවකින් හිටියේ. නමුත් account එකක් නැති නිසා ඒ ආසාව ඉෂ්ඨ කරගන්න ටික කාලයක් බලන් ඉන්න වුනා... ඊයේ උදේ කාලිංග අයියා wave invitation 15 ක් ලබා දෙනවා කියලා‍ tweet කරපු ගමන් මාත් මගේ mail addess එක direct message කළා. ඉතින් කාංලිග අයියා invitation එක send කළා කිවුවම බලන් හිටියා inbox එක‍ට invitation එක දැන් ඒවි දැන් ඒවි කියලා. ම්හු.... පස්සේ බලන් ඉඳලා බැරිම තැන ආපහු කාලිංග අයියගෙන්ම ඇහුවා වැ‍‍ඩේට වෙලා යනවද කියලා. Reply එක බලාපොරොත්තු නොවුන එකක්. Invitation එක එන්න දවස් සමහරවිට සතියක්වත් යන්න පුළුවන් ලු. මොකද Google ලා මේක activate කරන්නේ manually ලු.

ඉතින් කොහොමහරි අද උදේ පාන්දරම invitation mail එක ඇවිල්ලා තිබුණා (කාලිංග අයියට හුඟක් ස්තූතියි). Mail එකේ තිබුණ link එක click කරලා account එක activate කරලා හා හා පුරා කියලා log වුනා wave වලට. දැන් තමයි ප්‍රශ්නේ. wave log වුනා වගේ නෙවේ. කාත් එක්කද දෙයියනේ wave කරන්නේ??

සාමාන්‍ය Gmail ගිණුමක් තියෙන අයත් එක්ක wave කරන්න බෑ. ඉතින් test කරලා බලන්න විදිහකුත් නෑ. කෙලින්ම sign out... පැයක‍ට විතර පස්සේ ආපහු log වෙලා බලද්දී රන්දීර සහෝදරයා මාව wave contact list එකට add කරලා. ඒත් online ද නැද්ද කියලා දැනගන්න විදිහක් නෑ (මේක මම wave වල දැකපු එක අඩුපාඩුවක්). රන්දීර හිටියා chat එකේ. ඊට පස්සේ chat එකේ ගහලා contact කරගෙන wave වලට set කරගත්තා. දැන් තියෙන්නේ test කරන්න තමා.

Wave වලට ආපු ගමන් ඇත්තටම කෙනෙක් ටිකක් විතර කරකවලා අත ඇරියා වගේ වෙනවා. ඒකට හේතුව wave වල concept එක ටිකක් තේරුම් ගන්න අමාරු නිසා. මටත් මේක තාම 100% මීටර් වෙලා නෑ. තාම TESTING. මොනවා වුනත් මට wave වල අල්ලලා ගියේ අපිත් එක්ක chat එකට set වෙලා ඉන්න කෙනා type කරන දේවල් real time අපිට පේන එක.

රන්දීර සහෝදරයාගේ ඉල්ලීමකට අනුව twitter, wave වලට add කරගන්නේ කොහොමද කියලා හොයලා බැලුවා. යන්න කලින් ඒ system එකත් පැහැදිලි කරන්නම්. Twitter support එක wave වලට add කළාම අපිට wave වල ඉඳලම twitter status update කරන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ wave contact list එකට new contact එකක් add කරගන්න. හරියට අර language translator එක gTalk වලට add කරනවා වගේ... වැඩි විස්තර මෙතනින් ගන්න. සම්පූර්ණ රූප සටහන් සමගම පැහැදිලි කිරීම් තියෙනවා.

Share/Save/Bookmark

Thursday, October 22, 2009

ලිනක්ස් + Songbird + XAMPP + etc... සමග....

පහුගිය දවසක Lankanet.org ආයතනය මගින් නිකුත් කරපු Custom made ලිනක්ස් DVD එකක් ලබා ගත්තා. ‍වැඩේ නම් එළකිරි . MP3, DivX, MKV තිතට වැ‍ඩ. සිංහල පවා අන්තර්ගතයි. ඒ වගේම සාමාන්‍ය Ubuntu සංස්කරණයේ එන මෘදුකාංග වලට අමතරව තවත් සෑහෙන වටිනා මෘදුකාංග රැසක් පෙරනිමියෙන්ම අන්තර්ගතයි. ඔක්කොටම කලින් මම මේක අවස්ථාවක් කරගන්නවා ලංකානෙට් ආයතනයට ස්තූති කිරීමට. ඒ වගේම තව තවත් මේ වගේ දේවල් ඉස්සරහට කරගෙන යන්න හැකියාව ලැබෙන්න ඕනේ කියලා සුභ පතනවා.

ඉතින් දැන් බහිමු කතාවට. තැටිය ලැබුනා වගේ නෙවෙයි. මේක ටැස් කොරන්නත් එපැයි. එකපාර dual boot කරන්න යන්න විදිහක් නෑ. Partition එකක්ම Ubuntu වලට වෙන් කරන්න බෑ. දැම්මා Sun VBox. Files ටිකක් එහෙට මෙහෙට තල්ලු කරලා හොයාගත්තා 9GB විතර ඉ‍ඩ ප්‍රමාණයක්. දැන් හරි. දැම්මා Linux. අවුලක් නැතුව වැ‍ඩ. ඒත් performance නෑ. හිතටත් හරි මදි.

කල්පනා කරලා කරලා බැලින්නම් මේ තැටියේ Wubi installer එක තියෙනවා. මල් හතයි නෙවෙයි.විසි එකයි. ඉතින් ආයේ හදපු virtual hard disk එක මකලා Wubi එකෙන් දැම්මා Ubuntu. දැන් කෙලින්ම Ubuntu වලටම boot කරන්න පුළුවන්. Compiz අනං මනං වැ‍ඩ කෑලි ටික ඔක්කොම වැ‍‍‍ඩ. දැම්මා හොඳ icon theme එකක්. Theme එකත් වෙනස් කලා.

හම්ම්..... තව මොනවද අඩු?... MP3 play කරන්න rythembox සහ amrock පෙරනිමියෙන් ම පැවතුනත් මට එච්චර හිතට ඇල්ලුවේ නෑ. ඉතින් දැම්මා Songbird. මට laptop සඳහා internet connection නැති නිසා dependency ප්‍රශ්නයකුත් තියෙනවා . ඊට පස්සේ getedeb අඩවියේ තිබිලා හමුවනා Songbird සඳහා deb file එකක්. බෑවා. Double click කළා. වැඩේ ගොඩ.

මේ තියෙන්නේ desktop එකේ screenshot කිහිපයක්. බලන්න හොඳද කියලා...





ලිනක්ස් ඉගෙන ගන්න මොනවද කරන්නේ??? දැන් ඉතින් තවත් ප්‍රශ්නයක්. අපිට මේ semester එකේ තියෙනවා නේ PHP. ඉතින් තවත් මොනවද? PHP install කරන එක තමා ප්‍රශ්නේ. මම කලින්ම කිවුවා වගේ dependency ප්‍රශ්නෙත් නිසා වැඩ ගොඩ වෙන්න යන්නේ. කෝකටත් කියලා අන්තර්ජාලයේ හොයලා බලද්දී XAMPP හි ලිනක්ස් සංස්කරණය dependency ප්‍රශ්නයක් නැතුව භාවිතා කරන්න පුලුවන් කියලා හොයාගත්තා. ඉතින් ගොනුව බෑවා. Tar ගොනුව පහත පරිදි /opt/ කියන directory එකට extract කළා.

#sudo tar xvfz xampp-linux-1.7.2.tar.gz -C /opt

දැන් කරන්න තියෙන්නේ terminal එකේ පහත විධානය ලබාදෙන එකයි.

#/opt/lampp/lampp start

දැන් LAMP වැඩ....
Share/Save/Bookmark