Thursday, April 30, 2009

Windows 7 හි Drivers ප්‍රශ්නයට විසඳුමක්

ඔක්කොටම කලින් කිව යුතුයි මම මේ ලිපිය ලියන්නේ මයික්‍රොසොෆ්ට් ලාට කඩේ යාමට නොවන වග. කාටත් වැදගත් වෙයි කියලා හිතුන නිසයි මේක ඉදිරිපත් කරන්නේ.

මට මේ අපූරු ක්‍රමවේදය හම්බවුනේ මගේ laptop එකට Windows 7 දාන්න කල්පනා කරලා ඒ ගැන වැඩිපුර Internet එකේ හොයනකොටයි. මං ගාව තියෙන්නේ Toshiba L300 laptop එකක්. මේකට තාම Windows 7 drivers නිකුත් කරලා නෑ (නිකුත් කරන එකකුත් නැතිවෙයිද කියලා තමා මට බය ) .

ඉතින් මේ ගැන හොය හොයා ඉන්නකොට forum එකක තිබුන එක්තරා දෙයක් ඇහැ ගැටුනා. මම ලියන්නේ ඒ forum එකේ තිබුන කරුණු වල සිංහල අනුවාදය යි. කාට හරි original content එකම කියවන්න ඕන නම් මෙන්න link එක.

මේ එකේ තියෙන හැටියට ඔයාලා ගාව තියෙන Hardware drivers Windows 7 වලට support කරන්නේ නැති උනත් Vista වලට support කරනවානම් Vista drivers ම Windows 7 සඳහා යොදාගත හැකියි. ( Vista drivers සම්මත ආකාරයට Windows 7 වල install කිරීමට නොදෙන අවස්ථා පවතිනවා. ඒ වගේ වෙලාවක මේ ක්‍රමය යොදාගත හැකි බවයි පැවසෙන්නේ).

මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

  • මුලින්ම ඔයා Windows 7 install කරන්න යන පරිගණකයේ Vista install කරලා අවශ්‍ය drivers install කරලා තියෙන්න ඕන.
  • දැන් DriverMax කියන මෘදුකාංගය භාගත කරගන්න.
  • Vista වල මේක install කරලා තමන්ගේ drivers ටික folder එකකට export කරගන්න.
  • දැන් Windows 7 install කරන්න.
  • ආයෙත් DriverMax windows 7 යටතේ පිහිටුවලා අර export කරගත්ත drivers ටික DriverMax හරහා system එකට import කරගන්න.
DriverMax ගැන වැඩි විස්තර නිළ වෙබ් අඩවියෙන් ගන්න පුලුවන්.

-------------------------------------------------------------
අවවාදය යි.
Test කර නොමැත. Test කළ පසු වැඩි විස්තර ඇතුළත් කරන්නම්
-------------------------------------------------------------

Share/Save/Bookmark

Blogger.com හි බ්ලොග් එකක් Wordpress වලට import කිරීම

අපි හිතමු ඔයාලට blogger.com මගින් ලබා දෙනවාට වඩා වැඩි features ප්‍රමාණයක් බ්ලොග් එකට add කරගන්න ඕන වුනා කියලා. එහෙමත් නැත්තම් වැඩිය හොඳට බ්ලොග් එක customize කරගන්න ඕන කියලා. එහෙමත් නැත්තම් කෙටියෙන්ම කිවුවොත් බ්ලොග් එකේ සම්පූර්ණ පාලනය අතට ගන්න ඕන කියලා. හුඟක් අය කරන වැඩක් තමයි තමන්ගේ කියලා hosting space එකක wordpress බ්ලොග් එකක් පටන් ගන්න එක.
ප්‍රශ්නෙ මතු වෙන්නේ කලින් blogger.com වගේ එකක බ්ලොග් එකක් කරල තිබුනොත් තමයි. ඒත් wordpress වල මීට විසඳුමක් තියෙනවා. ඒ තමයි blogger.com වල බ්ලොග් එකේ සියළුම posts ( comments ද ඇතුළත්ව ) wordpress වලට import කරගත හැකිවීම (අප විසින් add කරන ලද widgets, javascripts, HTML codes ආදිය මෙහිදී import නොවන බව මතක තබා ගත යුතුයි ).

මෙය සිදු කිරීමට wordpress වල admin dashboard එකේ Tools -> Import යන path එක භාවිතා කරන්න. (ඇත්තටම මෙතනින් blogger.com වල පමණක් නොවෙයි, තවත් blog providers ගණනාවක තිබෙන blogs import කර ගැනීමට පහසුකම් සළසනවා)

හැබැයි ඊළඟට තමයි නියම ප්‍රශ්නෙ මතු වෙන්නේ. අපි අපේ username, password verify කරන්න යනකොට මෙන්න මෙහෙම error එකක් එනවා.

ඔතනින් Grant Access කළත් වැඩක් නෑ. ඊ ළඟට එන්නේ මේ වගේ error එකක්.



දැන් මොකද කරන්නේ? වැඩේ අත ඇරලා දාන්නත් හිතෙනවා නේද? (මටත් හිතුනේ ඕකම තමයි :( ).
ඒත් Internet එකේ පොඩ්ඩක් හොයලා බලනකොට ක්‍රමයක් හම්බ වුනා. (මීට වැඩිය වෙනස් ක්‍රම තියෙනව ඇති. දන්නවනම් මටත් පොඩ්ඩක් කියලා දෙන්න ).

ඉස්සෙල්ලාම www.wordpress.com site එකට යන්න ( www.wordpress.org site එකට නෙවෙයි ). ගිහින් free account එකක් හදලා admin dashboard එකට log වෙන්න.

මෙතනින් අපි අර ඉස්සෙල්ලා කරපු විදිහටම blogger.com වල blog එක කිසිම ප්‍රශ්නයක් නැතුව import කරගන්න පුලුවන් :) . දැන් import කරපු විදිහටම මේක export කරගන්න (මෙතනදී xml file එකක් විදිහට blogger.com හි බ්ලොග් එක mechine එකට download වෙනවා) .

දැන් අමාරු හරිය ඉවරයි. ඔයා host කරපු wordpress blog එකේ admin dashboard එකට ගිහින් අපි save කරපු xml file එක import කරගන්න.

කරලා බලලා වැරදි තියෙනවා නම් කියන්න.

Share/Save/Bookmark

Wednesday, April 29, 2009

Internet Download Manager 5.17 - අලි මදිවට හරක්!!!!

Kaspersky ගැන බලලා ඇහැ අයින් කරන්න හම්බ වුනේ නෑ. මෙන්න තවත් සෑහෙන්න භාවිතා කරන මෘදුකාංගයක නව සංස්කරණය ක් එළි දක්වලා. මෙතනින් වැඩි විස්තර ගන්න.

Share/Save/Bookmark

Kaspersky 2010 හි එළි දැක්ම

Kaspersky Antivirus සහ Internet Security වල 2010 හි බීටා සංස්කරණයන් එළි දක්වලා. මම Internet එකේ එහෙ මෙහෙ යනකොට මේක දැක්කේ. මම ටිකක් අන්ද මන්ද වෙලත් ගියා. වැඩි විස්තර මෙතනින්.

තාම test කරලා නම් බැලුවේ නැහැ.

Share/Save/Bookmark

Tuesday, April 28, 2009

Offline බ්ලොග් ලියන්න Live Writer Portable

දවස් තුනකට පස්සේ ඔන්න අද බ්ලොග් එක ලියන්න ඉඳගත්තා. මට කොහොමත් හුඟක් වෙලාවට සති අන්තයේ අන්තර්ජාලය පාවිච්චි කරන්න හම්බවෙන්නේ නෑ. මම ගමේ යන නිසා.

හොඳයි දැන් ඉතින් ලියන්න ගියපු දේ ගැන සළකලා බලමුකෝ. හුඟක් බ්ලොග් ලියන අය කරන්නේ තමන්ගේ බ්ලොග් එක online ලියන එක. එත් මම වගේ හැමවෙලේම online ඉන්න බැරි නිතර එහෙ මෙහෙ යන කෙනෙක් ට මේක කරදරයක් වෙන්න පුළුවන්.

මේකට විසඳුමක් තමයි Windows Live Writer කියන්නේ. හුඟ දෙනක් මේ ගැන දන්නවත් ඇති.

ඒත් මම කියන්න යන්නේ live writer වල ජංගම සංස්කරණය (portable version) ගැන.
Live Writer වල ස්ථාපන සංස්කරණය (installation version) මගින් ම මේක හදාගන්න පුළුවන්. එතකොට හිතට එන දේවල් ලියාගෙන ඉඳලා online ගියපු ගමන් බ්ලොග් එකට එකතු කරන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර මෙතනින් ගන්න පුළුවන්.


පසුව ලියමි

මම මේ පෝස්ට් එක ලිවුවට පස්සේ offline blog writers ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ගොඩක් මේ වෙනුවෙන් software s develop කරලා තියෙනවා. ඒ වගේම විශාල open source software ප්‍රමාණයකුත් තියෙනවා. මේ මට එහෙම හම්බ වුන software list එකක්. මම හිතුවා ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියලා


Share/Save/Bookmark

Friday, April 24, 2009

phpbb භාවිතා කරලා තියෙනවා ද?

ඔන්න දැන් තමා යන්තම් power ප්‍රශ්නය විසඳුනේ. දැන් මම ලියන්නම් උදේ මම බ්ලොග් එකේ ලියන්න කියලා හිතාගෙන හිටපු දේ ගැන.

මම ලියන්න කියලා හිතාගෙන හිටියේ phpbb ගැන. මේක PHP වලින් ලියපු forum creating and managing tool එකක්. මේක ස්ථාපනය කරගන්න ඉතාමත් පහසුයි. හැබැයි ඊට කලින් සපුරාලිය යුතු අවශ්‍යතා කිහිපයක් තිබෙනවා.

අන්තර්ජාල යේ ඔබ එය ස්ථාපනය කරන්න යනවා නම් අනිවාර්යයෙන් ම සැකහැර දැනගත යුතුයි ඔබේ web hosting සේවාව php ආශ්‍රිත hosting වලට සහයෝගය දක්වනවා ද කියා. එසේ නැත්නම් මෙය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊට අමතරව database එකක් ලෙස MySQL, Fireboard, MSSQL, Oracle, SQLite, Postgre SQL වැනි database server එකක් සඳහා ත් සහයෝගීතාව දැක්විය යුතුයි.

phpbb වල සම්පූර්ණ ස්ථාපන අවශ්‍යතා ලැයිස්තුවක් (Installation Requirements List) ලබා ගැනීමට පහත link එක භාවිතා කරන්න.
http://www.phpbb.com/support/documentation/3.0/quickstart/quick_requirements.php

ඒ වගේම ඔයාලා මේක සාමාන්‍ය පරිගණකයක ස්ථාපනය කරන්න යනවානම් ඉහත කිවු අවශ්‍යතාවයන් ට අමතරව web server එකකුත් පරිගණකයේ පිහිටුවා තිබිය යුතුයි. මේ සඳහා Apache හෝ IIS යොදා ගන්න පුළුවන්.

phpbb කියන්නේ 100% free open source දෙයක් :) . මේක අපිට කැමති විදිහට customize කරගන්න පුළුවන්. ගිහිල්ල ම බලන්න.

http://www.phpbb.com/

Share/Save/Bookmark

Mobile Internet Connection එකක අවශ්‍යතාව

අද නම් මම හොඳටම අසරණ වුන දවසක්. මම සාමාන්‍යයෙන් බ්ලොග් එක ලියන්නේ ඔෆිස් එකේ ඉඳලා. උදේ පාන්දරම ඇවිල්ලා බ්ලොග් එක ලියලා තමා වැඩ පටන් ගන්නේ.

එත් අද ඔෆිස් එකේ ලොකු අවුලක්. අපි ඉන්න unit එකට power නැහැ. Mail චෙක් කරන්නේ කොහොමද?, බ්ලොග් එක ලියන්නේ කොහොමද? ප්‍රශ්න ගොඩයි. පැත්තකට වෙලා දහ අතේ කල්පනා කර කර ඉන්නකොට තමා යළුවෙකුගේ HSPDA එක set වුනේ. දැන් මම මේ ලියන්නේ ඒ connection එකේ පිහිටෙන් තමා.

අද බ්ලොග් එකේ ලියන්න හිටියේ වෙන දෙයක්. නමුත් මුහුණ දුන්න අත්දැකීම නිසා මේ ප්‍රශ්නේ ගැන ලියන්න හිතුනා. මම වගේ නිතර එහෙ මෙහෙ යන එන අයට නම් mobile internet connection එකක වැදගත් කම කියලා නිම කරන්න බෑ.

මමත් දැන් හිතන් ඉන්නේ කොහොම හරි mobile internet connection එකක් ගන්න. තාම service provider කෙනෙක් ගැන නම් හිතුවේ නෑ. ඒ ගැන අදහස් මොනවාහරි තියෙනවනම් මට කියනවද?

Share/Save/Bookmark

Thursday, April 23, 2009

docx, xlsx, pptx වැනි extensions ඔබටත් කරදරයක් වෙලාද?

Office 2007 වල තියෙන්නේ ඊට කලින් versions වල තිබුනේ නැති extension එකක්. මේ ගැන හුඟක් වෙලාවට ඔයාලා දන්නවා ඇති. ඒ කියන්නේ Word වලට .doc වෙනුවට .docx , Excel වලට .xls වෙනුවට .xlsx වගේ. ඉතින් මේක ප්‍රශ්නයක් වෙන්නේ කොහොම ද? ඇත්ත තමා, Office 2007 install කරගෙන ඉන්න කෙනෙකුට නම් කිසිම ප්‍රශ්නයක් නෑ, ඒත් Office 2007 වලට කලින් version එකක් install කරගෙන ඉන්න කෙනෙක් ට මේ extension එක තියෙන files open කරන්න බෑ.

තත්වය තවත් බරපතල වෙන්නේ Office 2007 install කරගන්න බැරි තත්වයකුත් උද්ගත වෙලා තිබුණොත් තමා... :(

එක්කෝ install කරගන්න තැටියක් නැතුව වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් මට වගේ Admin permissions නැතුව තැවි තැවී ඉන්නවා වෙන්නත් පුළුවන් :P

මේ වෙලාවට කරන්න ඔයාලගේ හිතට එන්න පුළුවන් අදහස් දෙකක් තියෙනවා.
1. කොහොමහරි කට්ටක් කාලා office 2007 install කරගෙන වැඩේ කරගන්නවා
2. ඕන දෙයක් වුනාවේ කියලා වැඩේ අත අරිනවා.

මේ කියන්නේ 3 වෙනි අදහසක් ගැන. යන්න මෙන්න මේ site එකට....


මේක හරහා හුඟක් Office 2007 වල file formats තවත් file formats රාශියකට convert කරන්න පුළුවන්(PDF, XLS, PPT, DOC වැනි බහුලව භාවිතා වෙන file formats ද ඇතුළත් ව) . කරලා බලන්න. convert වුන file එක download කරන්න link එක අපේ mail address එකටම ගෙන්න ගන්න පුළුවන්.

Share/Save/Bookmark

Wednesday, April 22, 2009

රට වෙනුවෙන්

රට වෙනුවෙන් ලිවිය යුතුම දෙයක් මම මේ ලියන්නේ. කුරිරු කොටි ත්‍රස්තවාදීන් ගෙන් දෙමළ ජනතාව බේරා ගැනීමේ මානුෂීය සටන මේ වෙනකොට අවසානය කරා ළඟා වෙලයි තියෙන්නේ. ඉතින් කොටියා ගේ පණ යන්න ඔන්න මෙන්න තියෙන මේ වෙලාවේ හුඟක් විදේශීය බලවේග ආපහු කොටියට ඔක්සිජන් දෙන්න උත්සාහ කරනවා. විශේෂයෙන් ම පිටරට ඉන්න ද්‍රවිඩ තරුණ ප්‍රජාව Facebook, Hi5 වගේ community sites හරහා ඔවුන්ගේ කොටි හිතවාදී මත ප්‍රචාරය කර හරින්නට බලවත් වෑයමක් දරනවා බලාගන්න පුලුවන්.

මේ අය හුඟක් දෙනෙක් වැරදි තොරතුරු හේතුවෙන් නොමග ගිය අය. තවත් සමහරක් ඉන්නවා ඇත්තටම කොටියා නැවත නැගිටිනකන් බලාගෙන ඉන්න. මේ අය community sites දෙවනත් කරමින් කොටියව බේරගන්න විශාල වෑයමක් ගන්නවා. ඔවුන් මේ සඳහා බොහෝ විට යොදා ගන්නේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම වැනි බොහොමත් නිහීන වැඩ පිළවෙලක්.

පිටරට කොල්ලො කුරුට්ටො මොන මොන කෙළි දැම්මත් යුද්ධෙ නවත්වන්නේ නෑ කියල අපිට නිහඬ වෙලා ඉන්න පුළුවන් තමයි. ඒත් දිගු කාලීනව බරපතල ප්‍රශ්න කීපයක් මේ හරහා ඇති වෙන්න පුලුවන්.

1. ලංකාව පිළිබඳ තිබෙන ජාත්‍යන්තර ප්‍රතිරූපය ට හානි පැමිණීම
2. සැළකිය යුතු බල කිරීමක් නිසා රජයට ජාත්‍යන්තරයෙන් යුද්ධය නවත්වන ලෙසට බලපෑම් එල්ල විය හැකි වීම.

ඉතින් නිතර දෙවේලේ අන්තර්ජාලයේ කරක් ගහන අපි, රටේ අනාගතය වෙනුවෙන් මේ වගේ අසත්‍ය මත ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නැගී සිටින්න ඕන. එහෙම වුනේ නැත්තම් උන් ඔක්කොම එකතු වෙලා කොටියා රටට කළාට වඩා ලොකු විනාශයක් කරන්න පුලුවන්.

මතක තියා ගන්න, අපි නැගී සිටින්න ඕන අපේ රටට විරුද්ධව අසත්‍ය මත ප්‍රචාරණය කරන්නන්ට එරෙහිව හා රට විනාශ කරන්නට වළි කන ත්‍රස්තවාදීන්ට එරෙහිව මිසක්, අහිංසක දෙමළ ජනතාවට එරෙහිව නොවන වග.

මේ අපි ඉපදුන රට. ඔබ මොන ජාතියකට අයත් වුනත් මේ රටේ ඉපදුන ශ්‍රි ලාංකිකයෙක්. අභිමානයෙන් ඔලුව උස්සගෙන ජීවත් වෙන්න පුළුවන් රටක් අපිට තියෙනවා. අපි ඒක රැකගන්න ඕන.

Share/Save/Bookmark

අළුත් ඇඳුමක්

මට ඊයේ comments ලියපු දෙතුන් දෙනෙක් ම කියලා තිබුණු දෙයකට උදේ පාන්දරම හිත යොමු කරන්න හිතුනා. ඒ තමයි site එකේ content එක පේන්නේ නෑ කියන නෝක්කාඩුව. ඉතින් මට හිතුනා site එකේ template එක මාරු කරලා බලන්න. හිතට අල්ලලා ගියපු එකකට මම මාරු වුනා. බලන්න හොඳද කියලා...

Share/Save/Bookmark

Tuesday, April 21, 2009

ලස්සනට මුල් තැන...

ඔයාලා වෙබ් අඩවියක් පවත්වාගෙන යනවානම් ඒකෙ බාහිර ස්වරූපය ගැන අනිවාර්යයෙන්ම සැළකිළිමත් වෙන්න ඕන. මොකද site එකට එන කෙනෙක් ඒක ගැන මුළින්ම යම්කිසි හැඟීමක් ඇතිකරගන්නේ එකේ තියෙන ප්‍රෝග්‍රෑම් වලින් නෙවෙයි. එකේ appearance එකෙන්.
"First impression has no second chance"
කියලා කියමනක් අහලා තියෙනව නේ. අන්න ඒ නිසයි කෙනෙක්ව අල්ලලා තියාගන්න පුළුවන් විදිහට අපි site එක නිර්මාණය කරන්න ඕන.

අපිට මේ සඳහා විවිධ උපක්‍රම යොදාගන්න පුළුවන්. CSS, HTML, custom templates, flash, site එකටම ආවේණික images මේ අතරින් කිහිපයක් පමණයි.

මම මේ කියන්න යන්නේ මේ සියළු දේ සඳහා උපදෙස් ගන්න පුළුවන් site එකක් ගැන. මේ එකේ නම www.1stwebdesigner.com.

ගිහිල්ල ම බලන්න. මේකෙ HTML,CSS, Photoshop වලට අමතරව Wordpress වගේ blogging tools සහ Joomla! වගේ CMS සඳහා ත් විශේෂාංග අඩංගු වෙනවා.

Share/Save/Bookmark

ඔබ Blender ගැන දන්නවද?

මේ කතාව හුඟක් වැදගත් වෙන්නේ open source වලට මාරු වෙන්න ඉන්න ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන් ට. මේ අයට open source වලට මාරු වෙන්න බාධාවක් වෙලා තිබුනේ ඒ අය දැනට භාවිතා කරන 3ds Max, Maya, Houdini වගේ ප්‍රභල මෘදුකාංග වලට හරි හමන් open source ආදේශක නොමැති වීමයි.

ඔන්න දැන් ඒ ප්‍රශ්නෙටත් විසඳුමක් තියෙනවා. ඒ තමයි Blender. මේක develop කරන්නේ Blender Foundation එක මගිනුයි. මේ මෘදුකාංගය පමණක් නොවේ, ඒ සඳහා අවශ්‍ය වන බොහොමයක් තෙවන පාර්ශවීය ප්ලගින ( Third Party Plug-ins - සමාවෙන්න, මේ සඳහා කියන නිවැරදි සිංහල වචනය සොයගන්න බැරි වුනා ) 100% ම නොමිලේ ලබාගන්න පුලුවන්. ඒ වගේම තාක්ෂණික උපදේශයනුත් නොමිලේ ලබා ගන්න පුළුවන්.

Blender ගැන මම දැන ගත්තේ මීට අවුරුදු 2 ට විතර කලින්. එතකොට මෙයාගේ තිබුණේ 1.x සංස්කරණය න්. ඒ කාලේ නම් Blender එතරම් සාර්ථක ලෙස develop වෙලා තිබුණේ නැහැ. මමත් මෑතක් වෙනකන් භාවිතා කළේ 3ds Max. ළඟදි දවසක Blender site එක පැත්තේ ගියපු වෙලාවක නිකමට වාගේ අලුත් version එක (2.48) download කරගෙන බැලුවා. මම ඇත්තටම පුදුම උනා Blender ලබාගෙන තියෙන දියුණුව ගැන.

ඔයාලා 3ds Max, Maya වගේ මෘදුකාංග ගැන දන්නවානම් ඒවා වෙලඳපොළේ තියෙන හැටි පොඩ්ඩක් මතක් කරලා බලන්න. මේ මෘදුකාංග දෙකම වෙලඳපොළේ තියෙන්නේ ඩීවීඩී තැටි ලෙස. මෙහි අදාළ මෘදුකාංගය ට අමතරව ඒ සඳහා අවශ්‍ය වන sample files ද අඩංගු වෙනවා. නමුත් Blender වලදී තත්වය මීට හුඟක් වෙනස්. මම භාවිතා කරන version එකෙහි (2.48 සම්පූර්ණ සංස්කරණය) ධාරිතාව මෙගාබයිට් 10 ටත් අඩුයි. එතකොට සම්පූර්ණ sample files එක්ක Blender වල මුළු ධාරිතාව සීඩී තැටියකට ගන්න පුළුවන් කියලා මට හොඳටම ෂුවර්.

මේකෙ තියෙන තවත් වාසියක් තමයි පවිච්චි කරන්න එච්චර ලොකු performance තියෙන machine එකක් ඉල්ලන්නේ නැතිකම. Maya, 3ds Max වගේ මෘදුකාංගයක් එක්ක වැඩ කරන්න ගියාම මතු වෙන ලොකුම ප්‍රශ්නය තමයි ඔය. Maya වල සමහර projects render කරන්න ගියපුවහම 2GB RAM පවා මදිවෙන අවස්ථා තියෙනවා.

Blende ඉල්ලන hardware requirements අඩු මට්ටමක පැවතුනා ට ඒකෙන් කරන්න පුළුවන් දේවල් වල ගුණාත්මක භාවය නම් සුළුවෙන් හිතන්න බෑ. ඔයාලම බලාගන්නකෝ.

මෙන්න Blender Official site එකේ URL එක .

www.blender.org


Share/Save/Bookmark

Adobe After Effects Tutorials

Adobe After Effects ගැන උනන්දුවක් දක්වන අයටයි මේ අරංචිය.හුඟක් දෙනෙක්ට After Effects කරන්න ගියහම තියෙන ලොකුම ප්‍රශ්නය තමා හොඳ tutorials හොයගන්න බැරි එක. මොකද කිවුවොත් මේ field එකේ ඉන්න අය tutorials ඉදිරිපත් කරනවා හුඟක් අඩුයි. ඉතින් tutorials හොයන අයට හොඳ site එකක් ගැන තොරතුරක් තමා මම මේ දෙන්න යන්නේ.

යන්න http://www.videocopilot.net site එකට . මේක කරන්නේ Andrew Kramer කියලා කෙනෙක් (නම ලිව්වා හරිද මන්දා). මේකෙ තියෙන ඔක්කොම tutorials free. හැබැයි tutorials බලන්න නම් Adobe Flash Player පරිගණක යේ ස්ථාපනය කරලා තියෙන්න ඕන. Tutorials තියෙන්නේ බලන්න වුනාට, Internet Download Manager අළුත් version එකක් පාවිච්චි කරනවා නම් flv එකක් විදිහට tutorials භාගත කරගන්න පුළුවන්.

මේ site එකේ තියෙන විශේෂත්වය තමා හැම project එකකට ම අදාළව project files download කරගන්න දීලා තියෙන එක.

Share/Save/Bookmark

ෆොටෝෂොප් වැඩක්









මේ මම ළඟදී ෆොටෝෂොප් වලින් කරපු නිර්මාණයක්. මේකට පාවිච්චි කරපු tutorial එකේ link එක තමා මේ.
http://psdtuts.com/tutorials-effects/advanced-glow-effects/

ඔයාලත් කියවලා බලන්න කරන්න පුළුවන් ද කියලා...
මේ මම හදපු එක. කැමති නම් download කරගෙන බලන්න.

Share/Save/Bookmark

Monday, April 20, 2009

ඇරඹුම් සටහන

සෑහෙන කාලෙක ඉඳලා කරන්න කියලා හිතාගෙන හිටපු වැඩක් අද ඔන්න යන්තන් කරගන්න පුළුවන් වුණා. පටන් ගන්න කලින් සිංහලෙන් බ්ලොග් ලියන හැටි ඉගෙන ගන්න පොඩ්ඩක් උත්සාහ කළා. කරන වැඩේ හරියට කරන්න ඕන නේ... ඒකයි වැඩේ පටන් ගන්න කාලයක් ගියේ.

ඔන්න මම වැඩේ පටන් ගත්තා. හැමෝගෙම සහයෝගය ඉස්සරහට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද, සිංහලෙන් බ්ලොග් ලියන වැඩේ මට අලුත්ම දෙයක් නිසා.

වැරදි, අඩුපාඩු තියෙනවනම් කියලා දෙන්න. ලොකු පොඩි කියලා භේදයක් නෑ, හැමෝගෙ ම අදහස් මට වැදගත්.



Share/Save/Bookmark