Tuesday, April 21, 2009

ඔබ Blender ගැන දන්නවද?

මේ කතාව හුඟක් වැදගත් වෙන්නේ open source වලට මාරු වෙන්න ඉන්න ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන් ට. මේ අයට open source වලට මාරු වෙන්න බාධාවක් වෙලා තිබුනේ ඒ අය දැනට භාවිතා කරන 3ds Max, Maya, Houdini වගේ ප්‍රභල මෘදුකාංග වලට හරි හමන් open source ආදේශක නොමැති වීමයි.

ඔන්න දැන් ඒ ප්‍රශ්නෙටත් විසඳුමක් තියෙනවා. ඒ තමයි Blender. මේක develop කරන්නේ Blender Foundation එක මගිනුයි. මේ මෘදුකාංගය පමණක් නොවේ, ඒ සඳහා අවශ්‍ය වන බොහොමයක් තෙවන පාර්ශවීය ප්ලගින ( Third Party Plug-ins - සමාවෙන්න, මේ සඳහා කියන නිවැරදි සිංහල වචනය සොයගන්න බැරි වුනා ) 100% ම නොමිලේ ලබාගන්න පුලුවන්. ඒ වගේම තාක්ෂණික උපදේශයනුත් නොමිලේ ලබා ගන්න පුළුවන්.

Blender ගැන මම දැන ගත්තේ මීට අවුරුදු 2 ට විතර කලින්. එතකොට මෙයාගේ තිබුණේ 1.x සංස්කරණය න්. ඒ කාලේ නම් Blender එතරම් සාර්ථක ලෙස develop වෙලා තිබුණේ නැහැ. මමත් මෑතක් වෙනකන් භාවිතා කළේ 3ds Max. ළඟදි දවසක Blender site එක පැත්තේ ගියපු වෙලාවක නිකමට වාගේ අලුත් version එක (2.48) download කරගෙන බැලුවා. මම ඇත්තටම පුදුම උනා Blender ලබාගෙන තියෙන දියුණුව ගැන.

ඔයාලා 3ds Max, Maya වගේ මෘදුකාංග ගැන දන්නවානම් ඒවා වෙලඳපොළේ තියෙන හැටි පොඩ්ඩක් මතක් කරලා බලන්න. මේ මෘදුකාංග දෙකම වෙලඳපොළේ තියෙන්නේ ඩීවීඩී තැටි ලෙස. මෙහි අදාළ මෘදුකාංගය ට අමතරව ඒ සඳහා අවශ්‍ය වන sample files ද අඩංගු වෙනවා. නමුත් Blender වලදී තත්වය මීට හුඟක් වෙනස්. මම භාවිතා කරන version එකෙහි (2.48 සම්පූර්ණ සංස්කරණය) ධාරිතාව මෙගාබයිට් 10 ටත් අඩුයි. එතකොට සම්පූර්ණ sample files එක්ක Blender වල මුළු ධාරිතාව සීඩී තැටියකට ගන්න පුළුවන් කියලා මට හොඳටම ෂුවර්.

මේකෙ තියෙන තවත් වාසියක් තමයි පවිච්චි කරන්න එච්චර ලොකු performance තියෙන machine එකක් ඉල්ලන්නේ නැතිකම. Maya, 3ds Max වගේ මෘදුකාංගයක් එක්ක වැඩ කරන්න ගියාම මතු වෙන ලොකුම ප්‍රශ්නය තමයි ඔය. Maya වල සමහර projects render කරන්න ගියපුවහම 2GB RAM පවා මදිවෙන අවස්ථා තියෙනවා.

Blende ඉල්ලන hardware requirements අඩු මට්ටමක පැවතුනා ට ඒකෙන් කරන්න පුළුවන් දේවල් වල ගුණාත්මක භාවය නම් සුළුවෙන් හිතන්න බෑ. ඔයාලම බලාගන්නකෝ.

මෙන්න Blender Official site එකේ URL එක .

www.blender.org


Share/Save/Bookmark

0 comments: