Tuesday, April 28, 2009

Offline බ්ලොග් ලියන්න Live Writer Portable

දවස් තුනකට පස්සේ ඔන්න අද බ්ලොග් එක ලියන්න ඉඳගත්තා. මට කොහොමත් හුඟක් වෙලාවට සති අන්තයේ අන්තර්ජාලය පාවිච්චි කරන්න හම්බවෙන්නේ නෑ. මම ගමේ යන නිසා.

හොඳයි දැන් ඉතින් ලියන්න ගියපු දේ ගැන සළකලා බලමුකෝ. හුඟක් බ්ලොග් ලියන අය කරන්නේ තමන්ගේ බ්ලොග් එක online ලියන එක. එත් මම වගේ හැමවෙලේම online ඉන්න බැරි නිතර එහෙ මෙහෙ යන කෙනෙක් ට මේක කරදරයක් වෙන්න පුළුවන්.

මේකට විසඳුමක් තමයි Windows Live Writer කියන්නේ. හුඟ දෙනක් මේ ගැන දන්නවත් ඇති.

ඒත් මම කියන්න යන්නේ live writer වල ජංගම සංස්කරණය (portable version) ගැන.
Live Writer වල ස්ථාපන සංස්කරණය (installation version) මගින් ම මේක හදාගන්න පුළුවන්. එතකොට හිතට එන දේවල් ලියාගෙන ඉඳලා online ගියපු ගමන් බ්ලොග් එකට එකතු කරන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර මෙතනින් ගන්න පුළුවන්.


පසුව ලියමි

මම මේ පෝස්ට් එක ලිවුවට පස්සේ offline blog writers ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ගොඩක් මේ වෙනුවෙන් software s develop කරලා තියෙනවා. ඒ වගේම විශාල open source software ප්‍රමාණයකුත් තියෙනවා. මේ මට එහෙම හම්බ වුන software list එකක්. මම හිතුවා ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියලා


Share/Save/Bookmark

3 comments:

පොඩ්ඩා said...

උඹත් මාර ඒවා හොයාගෙන එනවා නේද ගමේ ගියාම.
හොඳයි හොඳයි මාත් මේ ගැන දැනගෙන හිටියෙ නෑ
මාත් try කරලා බලන්නම් අලුත් අලුත් දේවල් ගැන අපිව දැනුවත් කරනවට බොහොම පිං

LishWish said...

මම පාවිච්චි කරන්නේ Live Writer තමා.deram Wiewer මෘදුකාංගයේ නිර්මාණය කරන ලද Forms පවා code එකෙන් කොපි කර, Live Writer හි HTML කෝඩ් එකට කොපි කර අවැසි වෙනස් කම් කරන්නට ත් පිළිවන්.

Malinda said...

Zoundry Raven USe karala balanna. ekath maru