සෑහෙන කාලයක් තිස්සේ blogger එක්ක රැඳිලා හිටිය මට දැන් ඔන්න එතනින් වෙන තැනකට මාරු වෙන්න කාලය ඇවිල්ලා. හෝව් හෝව්... වරදවා වටහාගන්න එපා. මගේ සිංහල බ්ලොග් එක විතරක් මේ මාසෙ ඉඳලා අලුත් තැනකට ගෙනියනවා. මේ තැන මට හම්බවුනේ
lkservers ආයතතනය මගින් බ්ලොග් ලියන්නන් 50 දෙනෙකු සඳහා නොමිලේ ඩොමේන් නාම (අවුරුද්දක් සඳහා) හා web space ලබා දීමේ වැඩපිළිවෙල හරහායි. ඉතින් මට මේ සඳහා උදවු වුන
සම්පත් සහ
ගයන්ත දෙන්නව කෘතවේදීව සිහිපත් කරනවා.
ඉතින් මේ වෙනකොට අලුත් තැන wordpress එහෙම ස්ථාපනය කරලා පරණ පෝස්ට් සියල්ල import කරලා ඉවරයි. හැබැයි තාම beta :P . මගේ බ්ලොග් එක අලුත් තැනකට ගෙන ගියා කියලා සංසදයේ ඇඩ්මින්වරුන්ටත් දැන්වූවා.
ඉතින් මේ තැනට ඇවිත් මම ලියපු දෙවල් කියවලා වචනයකින් හරි සහයෝගයක් දැක්වූවා වගේ, ඔය කට්ටිය අලුත් තැනට ඇවිත් මට සහයෝගය දක්වාවි කියලා මම හිතනවා.
මෙන්න අලුත් තැන :
www.dakshinasblog.info

මේ පාරෙන් එන්න...