Wednesday, May 13, 2009

වැඩිපුර මතක තියා ගනිමු

ඔයාලා විභාගය ළං උනාම මොකද කරන්න්නේ? ( මං අහන්නේ බිත්තර තම්බන එකට අමතරව swt ) . හුඟක් අය කරන දෙයක් තමයි මතක තියා ගැනීම උදෙසා short note ගහන එක. ඒ වගේම තව දෙයක් තමයි mind mapping කියන්නේ. හුඟක් අය නම දන්නේ නැති උනාට අනන්ත්වත් විභාග වලට පාවිච්චි කරලා ඇති.

පරිගණකය තව තවත් අපේ ජීවිත වලට සමීප වෙන යුගයක, Mind mapping ගහන එකත් පරිගණකයක් හරහා කළොත්? අන්න ඒ වගේ වැඩ වලට යොදා ගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි VUE (Visual Understanding Environment ) කියන්නේ. මේ වගේ දෙයකට යොදාගන්න පුළුවන් මෘදුකාංග රාශියක් අන්තර්ජාලය තුළ නොමිලේ වගේම මුදල් ගෙවලත් ලබාගන්න පුළුවන් තමයි. ඒත් මම මේ VUE මෘදුකාංගයට කැමති කාරණා කිහිපයක් නිසයි..

  1. මේක open source ව්‍යාපෘතියක්. ඒ නිසා VUE 100% නොමිලේ ඔබට ලබාගන්න පුළුවන්. මේක Java භාෂාව මගින් develop කරන ලද මෘදුකාංගයක්.
  2. ඇත්තටම අනිත් මේ වගේ මෘදුකාංග වලට වඩා, VUE භාවිතා කිරීම ඉතාමත් ලේසියි. ඒක පාවිච්චි කරලම අත්විඳලා බලන්න.
මෙන්න link එක. බාගෙන පාවිච්චි කරලාම මට ගුණ අගුණ ගැන කියන්නකෝ... wink01
http://vue.tufts.edu/
Share/Save/Bookmark

4 comments:

බුද්ධික said...

මම නම් දැන් Out of mind :( :/

Narada said...

හුටා! පට්ටනේ! බොහොම ස්තුතියි මචෝ! මට නම් ඕක ගොඩාක් වටිනවා මං කරන විෂ්‍ය මාලාව නිසා!

Dakshina said...

@බුද්ධික
ලොකු ප්‍රශ්නයක් වගේ...?

@-බිன்ku-
උදවුවක් කරන්න ලැබීම ගැන සන්තෝෂයි.

පොඩ්ඩා said...

පොඩ්ඩා දැන් අලුත් වැඩකට
බැස්සනේ ඉතින් පස්සෙ හම්බවෙමු.