Wednesday, July 8, 2009

Raster Image එකක් Vector Image කරමු

මේ කතන්දරේ කියන්න කලින් මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් vector images සහ raster images කියන්නේ මොනවද කියලා.

අපි ඔය එදිනෙදා භාවිතයට ගන්නා JPG, BMP, PNG, GIF වගේ පින්තූර ගොනු අයත් වෙන්නේ raster ගණයටයි. මේවා තමන්ගේ පින්තූරය පිළිබඳව සටහන් තබාගෙන ඉන්නේ පරිගණක තිරයේ තිබෙන pixels උපයෝගී කරගෙනයි.

Vector images ගැන කියනවානම් සමහර අය මේ ගැන අහලා නැති වුනාට භාවිතා කරළා නම් ඇති. මේ වර්ගයේ images තමන්ගේ පින්තූරය ගැන සටහන් තබගෙන ඉන්නේ ගණිතමය සමීකරණයක් (Mathematical equation ) යොදාගෙනයි. අපි Graphic Designing වලදී භාවිතා කරන Adobe Illustrator, CorelDraw වගේ මෘදුකාංග වලින් අපි කරන්නේ vector images අඳින එකයි.

ඉතින් මේ images වර්ග දෙකේ තිබෙන වෙනස මොකක්ද? පැහැදිලි සහ ලොකු වෙනසක් තියෙනවා. Raster images මෘදුකාංගයක් භාවිතා කරමින් scale හෝ zoom කරන විට, යම් සීමාවක් ඉක්මවා ගිය විට පින්තූරය අපැහැදිලි වීමට පටන් ගන්නවා. මේ තත්වය ඔබ අනන්තවත් අත්විඳලා ඇති කියලයි මම නම් හිතන්නේ. එහෙම නැත්තම් ගන්න JPG එකක්. වැඩිය ඕනේ නෑ. MS Paint වගේ Basic image editing software එකකින් zoom කරලා බලන්නකෝ.

හැබයි vector වල තත්වය මීට වෙනස්. මම කිවුවනේ vector images තමන්ගේ පින්තූර ගැන විස්තර තියාගන්නේ ගණිතමය සමීකරණ භාවිතා කරලා කියලා. ඉතින් image එකක් scale හෝ resize කරන විට ඊට අනුකූලව සමීකරණයේ තියෙන විචල්‍යයන් වෙනස් කරමින් පින්තූරය නොවෙනස්ව තබා ගන්නවා.

Graphic designing වලදී අපිට මේ images වර්ග දෙක සමගම වැඩ කරන්න සිද්ධ වෙනවා. Vector image එකක් raster image එකක් බවට කිසිම ප්‍රශ්නයක් නැතුව පරිවර්තනය කරන්න පුළුවන්. ඒත් තරු විසි වෙන්නේ raster image එකක් vector image කරන්න ගියාමයි.

බොහෝ විට vector මෘදුකාංගයක image එක සම්පූර්ණයෙන්ම අදින්න වෙනවා. මෙන්න මේකට හොඳ විසඳුමක් තමා www.vectormagic.com කියන්නේ. අපි ලබාදෙන raster image එකක් සෑහෙන නිරවද්‍යතාවයකින් යුතුව vector image එකක් බවට පරිවර්තනය කරලා දෙන්න මේ අඩවිය සමත්. උත්සාහ කරලා බලන්න.

හැබැයි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපි මේ අඩවියේ register වෙන්න ඕනේ. එක Email Address එකකින් convert කරන්න දෙන්නේ images දෙකක් පමණයි. එතනින් එහාට මුදල් අය කරනවා. හොඳම වැඩේ තාවකාලික Email ලිපින ලබා දෙන 10minutemail වගේ සේවාවක් භාවිතා කරන එකයි.

Raster and Vector ගැන වැඩිදුර දැන ගන්න wikipedia බලන්න.

Share/Save/Bookmark

1 comments:

Anonymous said...

මං හොය හොය හිටපු ජාතියේ වැඩක්. ගොඩාක් ස්තුතියි මේ ගැන ලිව්වට.