Wednesday, November 11, 2009

මගේ පළමු Google Wave අත්දැකීම



Google wave ආවට පස්සේ test කරලා බලන්න සෑහෙන ආසාවකින් හිටියේ. නමුත් account එකක් නැති නිසා ඒ ආසාව ඉෂ්ඨ කරගන්න ටික කාලයක් බලන් ඉන්න වුනා... ඊයේ උදේ කාලිංග අයියා wave invitation 15 ක් ලබා දෙනවා කියලා‍ tweet කරපු ගමන් මාත් මගේ mail addess එක direct message කළා. ඉතින් කාංලිග අයියා invitation එක send කළා කිවුවම බලන් හිටියා inbox එක‍ට invitation එක දැන් ඒවි දැන් ඒවි කියලා. ම්හු.... පස්සේ බලන් ඉඳලා බැරිම තැන ආපහු කාලිංග අයියගෙන්ම ඇහුවා වැ‍‍ඩේට වෙලා යනවද කියලා. Reply එක බලාපොරොත්තු නොවුන එකක්. Invitation එක එන්න දවස් සමහරවිට සතියක්වත් යන්න පුළුවන් ලු. මොකද Google ලා මේක activate කරන්නේ manually ලු.

ඉතින් කොහොමහරි අද උදේ පාන්දරම invitation mail එක ඇවිල්ලා තිබුණා (කාලිංග අයියට හුඟක් ස්තූතියි). Mail එකේ තිබුණ link එක click කරලා account එක activate කරලා හා හා පුරා කියලා log වුනා wave වලට. දැන් තමයි ප්‍රශ්නේ. wave log වුනා වගේ නෙවේ. කාත් එක්කද දෙයියනේ wave කරන්නේ??

සාමාන්‍ය Gmail ගිණුමක් තියෙන අයත් එක්ක wave කරන්න බෑ. ඉතින් test කරලා බලන්න විදිහකුත් නෑ. කෙලින්ම sign out... පැයක‍ට විතර පස්සේ ආපහු log වෙලා බලද්දී රන්දීර සහෝදරයා මාව wave contact list එකට add කරලා. ඒත් online ද නැද්ද කියලා දැනගන්න විදිහක් නෑ (මේක මම wave වල දැකපු එක අඩුපාඩුවක්). රන්දීර හිටියා chat එකේ. ඊට පස්සේ chat එකේ ගහලා contact කරගෙන wave වලට set කරගත්තා. දැන් තියෙන්නේ test කරන්න තමා.

Wave වලට ආපු ගමන් ඇත්තටම කෙනෙක් ටිකක් විතර කරකවලා අත ඇරියා වගේ වෙනවා. ඒකට හේතුව wave වල concept එක ටිකක් තේරුම් ගන්න අමාරු නිසා. මටත් මේක තාම 100% මීටර් වෙලා නෑ. තාම TESTING. මොනවා වුනත් මට wave වල අල්ලලා ගියේ අපිත් එක්ක chat එකට set වෙලා ඉන්න කෙනා type කරන දේවල් real time අපිට පේන එක.

රන්දීර සහෝදරයාගේ ඉල්ලීමකට අනුව twitter, wave වලට add කරගන්නේ කොහොමද කියලා හොයලා බැලුවා. යන්න කලින් ඒ system එකත් පැහැදිලි කරන්නම්. Twitter support එක wave වලට add කළාම අපිට wave වල ඉඳලම twitter status update කරන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ wave contact list එකට new contact එකක් add කරගන්න. හරියට අර language translator එක gTalk වලට add කරනවා වගේ... වැඩි විස්තර මෙතනින් ගන්න. සම්පූර්ණ රූප සටහන් සමගම පැහැදිලි කිරීම් තියෙනවා.

Share/Save/Bookmark

15 comments:

චතුරංග රූපසිංහ said...

matath oya tikamay test karanna ona nam mail ekak danna

rane said...

නියම අත්දෑකීම තමා ......

Dakshina said...

@චතුරංග
අනිවා....

@රන්දීර
හික් හික්.....

Anonymous said...

pls matath invitation ekak ewanawada


kandybbc@gmail.com

Dakshina said...

Anonymous
තාම මට Invitations නෑ. ලැබුනම එකක් දෙන්නම්.

Anonymous said...

kandybbc@gmail



ස්තුතියි,මමත් උත්සාහ කලා එත් තාම හරිගියේ නැහැ.

Madhawa Habarakada said...

මටත් එකක් හම්බ උනා, මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ. බලන්න ඕනෙ.

Dakshina said...

@H. Madhawa Ranga
ටිකක් පාවිච්චි කරලා බලන්න ඕනෙ තමා. කොහොම වුණත් තාම preview නේ. ඉස්සරහට user friendliness ගති එහෙම වැඩි කරයි.

Narada said...

Wave වල online ඉන්න අයව පෙන්වනවා!

නුවර පාර said...

lankanrella@appspot.com

මෙකත් එකතු කරගෙන බලන්න

Naliya said...

මටත් වේව් ආරාධනවක් ඒවන්න පුලුවන්ද?ගොඩක් වෙව් ගැන හෙවුව හම්බවුනෙ නෑ.

චතුරංග රූපසිංහ said...

invitation denn puluwan oya meda thiyenne invite others to google wave kiyala

Dakshina said...

@Invitation ඉල්ලපු හැමෝටම
තාම මට අනිත් අයට යවන්න invitation නෑ. ආපු ගමන් දෙන්නම්.

@චතුරංග
ඔව් එහෙම කරන්න පුළුවන්. ඒත් තාම ඒ option එක enable නෑ

චතුරංග රූපසිංහ said...

methana Invitations ellapu hemootama onna mama yewwa sathiyak dekak yay onna

Anonymous said...

@චතුරnග
මචෝ තැන්කු වෙවා,ගොඩක්ම පින් වැඩක්,,


kandybbc@gmail.com