National Geographic කියන්නේ ලෝකයේ තියෙන ප්‍රසිද්ධ සහ පැරණි සඟරාවක් / රූපවාහිනී නාලිකාවක් සහ වාර්තාමය වැඩසටහන් නිපදවන ආයතනයක්. හරියට Discovery එක වගේ. මේ ගැන මම අමුතුවෙන් විස්තර කියන්න ඕනෙ නෑනේ. මට වඩා හොඳට ඔයාලා National Geographic ගැන දන්නවා ඇති.
National Geographic මගින් සාමාන්‍යයෙන් මාසිකව ඡායාරූප එකතුවක් එළි දක්වනවා. ඔවුන්ගේ ලෝකය පුරා විහිදී සිටින ඡායාරූප ශිල්පීන් විසින් කැමරා කාචයන්ට හසුකරගත් දුර්ලභ සහ සුන්දරතම දර්ශන මෙහි අන්තර්ගතයි. ඒ වගේම මෙම ඡායාරූප wallpaper වශයෙන් භාවිතා කරන්නත් ඉතා සුදුසුයි. නමුත් ප්රශ්නය තියෙන්නේ මාසෙන් මාසෙට මේවා කොහොමද download කරගන්නේ කියන එක.
ඒ සඳහා දැන් විසඳුමක් තියෙනවා. ඒ තමා National Geographic Wallpaper Downloader කියන්නේ. ඉතා පොඩි වැඩසටහනක් වන මෙය (~ 354 KB) මගින් ස්වයංක්‍රීයවම ඒ ඒ වර්ෂ වල නිකුත් කෙරුන National Geographic wallpapers පරිගණකයේ folder එකක් තුළට භාගත කිරීමේ හැකියාව ලබාදෙනවා.
වැඩි විස්තර හා භාගත කිරීම මෙතනින් කරන්න.
අපිට කරන්න කරන්න තියෙන්නේ මෙච්චරයි.
- Images download වෙන්න ඕනෙ path එක මෙතනින් set කරන්න
- Download වෙන්න ඕනේ මොන මොන අවුරුදු වල images ද කියලා මෙතනින් select කරන්න.
- ඒ images download වෙන්න ඕනේ resolution එක මොකක්ද කියලා select කරන්න.
- දැන් download වෙන්න දාන්න.
2 comments:
වැදගත් ලිපියක් මම ඔය Software එක දැන් බා ගත්තා. තාම ටෙස්ට් කලේ නැහැ. තොරතුරට ස්තූතියි.
Blog- www.3dsmax-sinhala.blogspot.com
@Kasun Nadeeshana
Test කරල බලන්න. හැබැයි quota එකක් තියෙන internet connection එකක නම් ටිකක් පරිස්සමින්. Download වෙලා ඉවරවෙනකම් download වෙන data ප්‍රමාණය නිශ්චිතවම කියන්න බෑ....
Post a Comment