Friday, January 1, 2010

නව ආරම්භයක්....

දන්නේම නැතුව අවුරුද්දක් ගෙවිලා ගියා. තවත් අවුරුද්දක් ආරම්භ වෙනවා අද ඉඳලා. සමහරුන් ගේ බලාපොරොත්තු ඉ‍ටුවෙන්න ඇති. තවත් සමහරුන්ගේ එහෙම නොවෙන්න ඇති. මෙනවා වුනත් පහුගිය අවුරුද්දේ කරගන්න බැරිවුන දේවල්, ඉටුනොවුන දේවල් ගැන තැවෙමින් ඉන්නේ නැතුව අද ඉඳලා අලුත් ආරම්භයක් ලබාගන්න උත්සාහ කරමු.

ගිය අවුරුද්දේ සිදුවුන වැරදි වලින් පාඩම් ඉගෙන ගෙන ජීවිතය මේ අවුරුද්දේ නිවැරදි මාර්ගයේ ගෙනියන්න අලුත් අදහස් වලින් පිරුණ, අලුත් ආරම්භයක් ලබාගන්න හැකිවේවා යැයි සියලු දෙනාටම සුභ පතනවා!!!

Share/Save/Bookmark

Thursday, December 17, 2009

NatGeo Wallpaper Downloader

National Geographic කියන්නේ ලෝකයේ තියෙන ප්‍රසිද්ධ සහ පැරණි සඟරාවක් / රූපවාහිනී නාලිකාවක් සහ වාර්තාමය වැඩසටහන් නිපදවන ආයතනයක්. හරියට Discovery එක වගේ. මේ ගැන මම අමුතුවෙන් විස්තර කියන්න ඕනෙ නෑනේ. ම‍ට වඩා හොඳට ඔයාලා National Geographic ගැන දන්නවා ඇති.

National Geographic  මගින් සාමාන්‍යයෙන් මාසිකව ඡායාරූප එකතුවක් එළි දක්වනවා. ඔවුන්ගේ ලෝකය පුරා විහිදී සිටින ඡායාරූප ශිල්පීන් විසින් කැමරා කාචයන්ට හසුකරගත් දුර්ලභ සහ සුන්දරතම දර්ශන මෙහි අන්තර්ගතයි. ඒ වගේම මෙම ඡායාරූප wallpaper ව‍ශයෙන් භාවිතා කරන්නත් ඉතා සුදුසුයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මාසෙන් මාසෙට මේවා කොහොමද download කරගන්නේ කියන එක.

ඒ සඳහා දැන් විසඳුමක් තියෙනවා. ඒ තමා National Geographic Wallpaper Downloader කියන්නේ. ඉතා පොඩි වැඩසටහනක් වන මෙය (~ 354 KB) මගින් ස්වයංක්‍රීයවම ඒ ඒ වර්ෂ වල නිකුත් කෙරුන National Geographic wallpapers පරිගණකයේ folder එකක් තුළට භාගත කිරීමේ හැකියාව ලබාදෙනවා.

වැඩි විස්තර හා භාගත කිරීම මෙතනින් කරන්න.





අපිට කරන්න කරන්න තියෙන්නේ මෙච්චරයි.
  1. Images download වෙන්න ඕනෙ path එක මෙතනින් set කරන්න
  2. Download වෙන්න ඕනේ මොන මොන අවුරුදු වල images ද කියලා මෙතනින් select කරන්න.
  3. ඒ images download වෙන්න ඕනේ resolution එක මොකක්ද කියලා select කරන්න.
  4. දැන් download වෙන්න දාන්න.
එච්චරයි. කරලා බලලා ප්‍රතිපල කොහොමද කියලා comment එකක් දාලා යන්න...


Share/Save/Bookmark

Monday, December 7, 2009

In Ear Headset?

මේ දවස් වල මම ටිකක් ලොකු මෙහෙයුමකට අත ගහලා තියෙන්නේ. ඒ තමා in-ear headset එකක් හොයාගන්න එක. ඇත්තටම කඩේකට ගිහිල්ලා මේක ගැන අහන්නත් බයයි වගේ. ඒ මිනිස්සු ඒකට දෙන පිළිතුරු දැකලා. වෙලාවකට බඩත් එක්ක කොර වෙනවා.... හුඟ දෙනෙක්ට තේරුමක් නෑ මේ  in ear seen එක මොකක්ද කියලා.











විශේෂයෙන්ම මේ වගේ handset එකක අවශ්‍යතාව දැනුනේ අපේ බස්වල තියෙන බොහොම නිහඬ පරිසරය නිසා :D. කන් පැලෙන්න දාන බයිලා සින්දු එක්ක ලේලන්ඩ් බස් වල් දුම් බටෙන් එන ප‍ට පට සද්දේ අපි ගාව තියෙන handsfree අස්සෙන් රිංගලා කනට වැටෙනවා. එ‍තකොට අහන්න පුලුවන් හොඳ රීමික්ස් සින්දුවක්. එහෙමත් නැත්තම් කිසිම දෙයක් නෑසෙන්නත් පුලුවන්. ඒ වගේ පරිසරයක බාහිර සද්ද බද්ද වලින් ඈත් වෙලා නිදයසේ සංගීතය රස විඳින්න මේ වගේ handset එකක වටිනාකම කියලා නිමකරන්න බෑ.

කවුරු හරි කෙනෙක් පුලුවන් නම් ලංකාවේ ඇතුළත high quality in - ear headset එකක් ගන්න පුලුවන් තැනක් ගැන කියනවාද? රුපියල් 1000ක පමණ උපරිමයකට යටත්ව හො‍ඳේ??? මේ දවස් වල කඩවල් ගානේ රස්තියාදු වෙලා එපා වෙලා තියෙන්නේ....  හුඟක් තැන්වල විකුණන්න නම් තියෙනවා. හැබැයි ටකරං සද්දෙ එන්නේ...
Share/Save/Bookmark

Wednesday, November 11, 2009

මගේ පළමු Google Wave අත්දැකීම



Google wave ආවට පස්සේ test කරලා බලන්න සෑහෙන ආසාවකින් හිටියේ. නමුත් account එකක් නැති නිසා ඒ ආසාව ඉෂ්ඨ කරගන්න ටික කාලයක් බලන් ඉන්න වුනා... ඊයේ උදේ කාලිංග අයියා wave invitation 15 ක් ලබා දෙනවා කියලා‍ tweet කරපු ගමන් මාත් මගේ mail addess එක direct message කළා. ඉතින් කාංලිග අයියා invitation එක send කළා කිවුවම බලන් හිටියා inbox එක‍ට invitation එක දැන් ඒවි දැන් ඒවි කියලා. ම්හු.... පස්සේ බලන් ඉඳලා බැරිම තැන ආපහු කාලිංග අයියගෙන්ම ඇහුවා වැ‍‍ඩේට වෙලා යනවද කියලා. Reply එක බලාපොරොත්තු නොවුන එකක්. Invitation එක එන්න දවස් සමහරවිට සතියක්වත් යන්න පුළුවන් ලු. මොකද Google ලා මේක activate කරන්නේ manually ලු.

ඉතින් කොහොමහරි අද උදේ පාන්දරම invitation mail එක ඇවිල්ලා තිබුණා (කාලිංග අයියට හුඟක් ස්තූතියි). Mail එකේ තිබුණ link එක click කරලා account එක activate කරලා හා හා පුරා කියලා log වුනා wave වලට. දැන් තමයි ප්‍රශ්නේ. wave log වුනා වගේ නෙවේ. කාත් එක්කද දෙයියනේ wave කරන්නේ??

සාමාන්‍ය Gmail ගිණුමක් තියෙන අයත් එක්ක wave කරන්න බෑ. ඉතින් test කරලා බලන්න විදිහකුත් නෑ. කෙලින්ම sign out... පැයක‍ට විතර පස්සේ ආපහු log වෙලා බලද්දී රන්දීර සහෝදරයා මාව wave contact list එකට add කරලා. ඒත් online ද නැද්ද කියලා දැනගන්න විදිහක් නෑ (මේක මම wave වල දැකපු එක අඩුපාඩුවක්). රන්දීර හිටියා chat එකේ. ඊට පස්සේ chat එකේ ගහලා contact කරගෙන wave වලට set කරගත්තා. දැන් තියෙන්නේ test කරන්න තමා.

Wave වලට ආපු ගමන් ඇත්තටම කෙනෙක් ටිකක් විතර කරකවලා අත ඇරියා වගේ වෙනවා. ඒකට හේතුව wave වල concept එක ටිකක් තේරුම් ගන්න අමාරු නිසා. මටත් මේක තාම 100% මීටර් වෙලා නෑ. තාම TESTING. මොනවා වුනත් මට wave වල අල්ලලා ගියේ අපිත් එක්ක chat එකට set වෙලා ඉන්න කෙනා type කරන දේවල් real time අපිට පේන එක.

රන්දීර සහෝදරයාගේ ඉල්ලීමකට අනුව twitter, wave වලට add කරගන්නේ කොහොමද කියලා හොයලා බැලුවා. යන්න කලින් ඒ system එකත් පැහැදිලි කරන්නම්. Twitter support එක wave වලට add කළාම අපිට wave වල ඉඳලම twitter status update කරන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ wave contact list එකට new contact එකක් add කරගන්න. හරියට අර language translator එක gTalk වලට add කරනවා වගේ... වැඩි විස්තර මෙතනින් ගන්න. සම්පූර්ණ රූප සටහන් සමගම පැහැදිලි කිරීම් තියෙනවා.

Share/Save/Bookmark

Thursday, October 22, 2009

ලිනක්ස් + Songbird + XAMPP + etc... සමග....

පහුගිය දවසක Lankanet.org ආයතනය මගින් නිකුත් කරපු Custom made ලිනක්ස් DVD එකක් ලබා ගත්තා. ‍වැඩේ නම් එළකිරි . MP3, DivX, MKV තිතට වැ‍ඩ. සිංහල පවා අන්තර්ගතයි. ඒ වගේම සාමාන්‍ය Ubuntu සංස්කරණයේ එන මෘදුකාංග වලට අමතරව තවත් සෑහෙන වටිනා මෘදුකාංග රැසක් පෙරනිමියෙන්ම අන්තර්ගතයි. ඔක්කොටම කලින් මම මේක අවස්ථාවක් කරගන්නවා ලංකානෙට් ආයතනයට ස්තූති කිරීමට. ඒ වගේම තව තවත් මේ වගේ දේවල් ඉස්සරහට කරගෙන යන්න හැකියාව ලැබෙන්න ඕනේ කියලා සුභ පතනවා.

ඉතින් දැන් බහිමු කතාවට. තැටිය ලැබුනා වගේ නෙවෙයි. මේක ටැස් කොරන්නත් එපැයි. එකපාර dual boot කරන්න යන්න විදිහක් නෑ. Partition එකක්ම Ubuntu වලට වෙන් කරන්න බෑ. දැම්මා Sun VBox. Files ටිකක් එහෙට මෙහෙට තල්ලු කරලා හොයාගත්තා 9GB විතර ඉ‍ඩ ප්‍රමාණයක්. දැන් හරි. දැම්මා Linux. අවුලක් නැතුව වැ‍ඩ. ඒත් performance නෑ. හිතටත් හරි මදි.

කල්පනා කරලා කරලා බැලින්නම් මේ තැටියේ Wubi installer එක තියෙනවා. මල් හතයි නෙවෙයි.විසි එකයි. ඉතින් ආයේ හදපු virtual hard disk එක මකලා Wubi එකෙන් දැම්මා Ubuntu. දැන් කෙලින්ම Ubuntu වලටම boot කරන්න පුළුවන්. Compiz අනං මනං වැ‍ඩ කෑලි ටික ඔක්කොම වැ‍‍‍ඩ. දැම්මා හොඳ icon theme එකක්. Theme එකත් වෙනස් කලා.

හම්ම්..... තව මොනවද අඩු?... MP3 play කරන්න rythembox සහ amrock පෙරනිමියෙන් ම පැවතුනත් මට එච්චර හිතට ඇල්ලුවේ නෑ. ඉතින් දැම්මා Songbird. මට laptop සඳහා internet connection නැති නිසා dependency ප්‍රශ්නයකුත් තියෙනවා . ඊට පස්සේ getedeb අඩවියේ තිබිලා හමුවනා Songbird සඳහා deb file එකක්. බෑවා. Double click කළා. වැඩේ ගොඩ.

මේ තියෙන්නේ desktop එකේ screenshot කිහිපයක්. බලන්න හොඳද කියලා...





ලිනක්ස් ඉගෙන ගන්න මොනවද කරන්නේ??? දැන් ඉතින් තවත් ප්‍රශ්නයක්. අපිට මේ semester එකේ තියෙනවා නේ PHP. ඉතින් තවත් මොනවද? PHP install කරන එක තමා ප්‍රශ්නේ. මම කලින්ම කිවුවා වගේ dependency ප්‍රශ්නෙත් නිසා වැඩ ගොඩ වෙන්න යන්නේ. කෝකටත් කියලා අන්තර්ජාලයේ හොයලා බලද්දී XAMPP හි ලිනක්ස් සංස්කරණය dependency ප්‍රශ්නයක් නැතුව භාවිතා කරන්න පුලුවන් කියලා හොයාගත්තා. ඉතින් ගොනුව බෑවා. Tar ගොනුව පහත පරිදි /opt/ කියන directory එකට extract කළා.

#sudo tar xvfz xampp-linux-1.7.2.tar.gz -C /opt

දැන් කරන්න තියෙන්නේ terminal එකේ පහත විධානය ලබාදෙන එකයි.

#/opt/lampp/lampp start

දැන් LAMP වැඩ....
Share/Save/Bookmark

Wednesday, October 14, 2009

ලොකු උදවුවක් අවශ්‍ය කර තිබේ....

මේක පහුගිය දවසක මට අත් විඳින්න වුන අත්දැකීමක් නිසා ලියන්න සිතුව දෙයක්.

අපි හැමෝම වගේ යුනිකේත භාවිතා කරනවනේ . මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් 7 වලදී සිංහල සඳහා පෙරනිමියෙන් ලබා දෙන්නේ ඉස්කෝල පොත font එකයි. මේක ඉතාම හොඳ font එකක්. ඒත් ඊට වඩා රවුම් සහ හැඩ වැ‍ඩ වැඩි font එකක් Malithi Web කියන්නේ. මේ font එක default unicode font එක වන ඉස්කෝල පොත font එක වෙනුවට යොදා ගන්නා විදිහ ඉන්ද්‍රනාම සහෝදරයා කියලා තිබුණා. ඒ ක්‍රමය 100% සාර්ථක වුනා Windows XP තුළදී. (ඉන්ද්‍රනාම සහෝදරයාට බොහොම ස්තූතියි )

ඒත් Windows 7 වලදී නම් වැඩේ අල වෙනවා . ඒ මෙන්න මේ හේතුව නිසා. ඉන්ද්‍රනාම සහෝදරයා එයාගේ guide එකේ මෙන්න මෙහෙම පියවරක් අනුගමනය කරන්න කියලා තියෙනවා.

.....ගිහින් “මලිති වෙබ්” අකරු හැර අනිත් සියලු සිංහල යුනිකෝඩ් අකුරු fonts ෆෝල්ඩරෙන් එලියට ගන්න. (වෙනත් තැනකට ඩ්‍රැග් කරන්න) ආපහු බ්‍රවුසරේ ඕපන් කරලා සිංහල අඩවියකට යන්න (මේ බ්ලොග් එකට එන්නකෝ :P ) දැන් වින්ඩෝස් මගින් ඉතුරුවෙලා තියෙන එකම සිංහල යුනිකෝඩ් අකුර default එක විදියට රෙජිස්ටර් කරගනී.....


නමුත් Windows 7 වලදී ඉස්කෝල පොත font එක font directory එක තුළින් move කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. එය "Windows Protected" font ගොනුවක් බැවින් move කිරීමට නොහැකි බ‍ව පවසනවා .

ඉතින් කවුරු හරි කෙනෙක් දන්නවාද මේ ප්‍රශ්නයට විසඳුමක්? දන්නවානම් පොඩ්ඩක් කිය‍ලා දෙන්න. මේ දවස් වල ඉස්කොල පොත දැකලා දැකලා එපා වෙලා... (‍font එකේ වැරුද්දක් එහෙම කියනවා නෙවේ.. හොඳද???)

Share/Save/Bookmark

Tuesday, October 6, 2009

Enya - හිත නිවන සංගීතය

මම හිතන්නේ ඔයාලා හැමෝම Lord of the Rings චිත්‍රපටි මාලාව බලන්න ඇති. එහෙම නම් මතකද May it be කියන සින්දුව? ඉතාමත් ල‍යාන්විත කටහඬකින් ගායනා කරන මේ ගීතය ගායනා කරන්නේ Enya විසින්. ඇත්තටම Enya කියන්නේ මම ආසම කරන ගායිකාවක්. ඇයගේ නියම නම Eithne Patricia Ní Bhraonáin ලෙසයි සටහන් වෙන්නේ.





වෙලාවක් තියෙනවා නම් අහලා බලන්න Enya ගේ සින්දු. අපිට වෙනස් තලයක රසවින්දනයක් ලබන්න පුළුවන්. හැබැයි මේ සින්දු අහන කොට කලබලේට එහෙ මෙහෙ දුවන ගමන් නම් අහන්න එපා .එහෙම උනොත් ඒ සින්දු වලින් කියවෙන expressions හරි හැටි දැනෙන එකක් නෑ...






ප.ලි : මතකද Robin the Hooded Man? අපි ජාතික රූපවාහිනියේ ආසාවෙන් නැරඹූ කතා මාලාව. එහි පසුබිම් සංගීතය අමතක වෙලා නැතුව ඇති කියලා හිතනවා. මෙම පසුබිම් සංගීත කාණ්ඩ නිර්මාණය කරලා තියෙන්නේ Enya සහ තවත් කිහිප දෙනෙක් විසින් පවත්වාගෙන ගිය Clannad කියන සංගීත කණ්ඩායම විසින්.

Clannad සංගීත කණ්ඩායම (ඉදිරියේ දකුණු පසින් සිටින්නේ Enya - උපුටා ගැනීම wikipedia.com)


Share/Save/Bookmark