මම මේ කියන්න යන්නේ චිත්‍රපටියක් ගැන (මේක ගැන සිංහලෙන් බයිස්කෝප් අඩවියේ සටහන් වෙලා තියෙනවද දන්නේ නෑ).
ඇත්තටම වෙනස් ආරක් ගත්ත ඇමරිකානු චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. මට මේක හම්බවුනේ මීට අවුරුද්දකට කලින්. නමුත් මේකෙ මුල් ටික බලලා මම අත ඇරලා දැම්මා. ආයේ මාස හතරකට විතර කලින් මට මේක හම්බවුනා. ඉතින් බලන්න වෙන චිත්‍රපටියක් නැති හින්දා මමත් දිගටම බැලුවා. කතාව ඇත්තටම හරියට පටන් ගන්නේ මැදක් විතර ගියාට පස්සේ. එතනින් එහාට බලන එක නවත්වන්න හිතෙන්නේ නෑ.මට පුදුම විදිහට හිතට වැදුන කතාවක් මේකේ තියෙන්නේ. (මට විතරක් නෙවෙයි, මේක බලලා අඬපු අය පවා මම දන්නවා - ගෑණු ළමයෙක් නම් නෙවෙයි )
ඉතින් මම කතාව කියන්න යන්නේ නෑ. එහෙම කිවුවොත් වැඩක් නෑ. ඔයාලා බලලා නැත්තම් අනිවාර්යයෙන් ම බලන්න. මේකෙ තියෙන සින්දු ත් ඉතාමත් ලස්සනයි. Internet එකෙන් බාගන්න walk to remember ost download free කියලා search කරලා බලන්න. Download කරනවා නම් 100% ක් වටින download එකක් කියලා මම සහතික වෙනවා.
6 comments:
බාන්න නම් දැම්මා. link එක පහල තියෙනවා. Quality කොහොමද කියලා බලල ම කියන්නම්.
http://www.mininova.org/tor/48913
මම බ්ලොග් එකේ මේක ගැන ලිව්වෙ නෑ තාම..ඇත්තටම හරිම ලස්සන කතාවක්..මේක කියවන ඕන කෙනෙක්ට මමත් කියන්නෙ බාගෙන බලන්න කියල තමයි..මේක ගොඩක් අයගෙ ආසම චිත්‍රපටය බවට පත් වෙලා තියෙනව..
මමත් බැලුවා නියමයි the notebook තවත් බලන්න වටින film 1ක්
@Chanaka De Silva
Notebook මම තවමත් හොයනවා. බාගන්න වෙලාවක් නැති එකයි ප්‍රශ්නය...
@දක්ෂිණ.
මම ගාව නෝට්බුක් තියෙනවා(මම බලලා නෑ)
ඩීවීඩී එක යාලුවෙක් ගාව හම්බුනාම දෙන්නම් :)
budu ammo hondatama sick film 1kak ne
Post a Comment