Microsoft Morro කියන්නේ Microsoft සමාගම විසින් ඉදිරි සති දෙක තුන තුළ නිකුත් කිරීමට සූදානම් වන ඔවුන්ගේම ප්රතිවයිරස (anti-virus) මෘදුකාංගය යි. මේක නොමිලේ ලබා දෙන්න යන බවක් තමයි ආරංචි වෙලා තියෙන්නේ. මෙහි අතුරු මුහුණතේ තිර සටහනක් (Screenshot) වෙබ් අඩවියක පළවී තිබුනා. මෙතනින් බලන්න.
සමහරු සැක පළ කරන්නේ ඔවුන්ගේ ඊළඟ Windows 7 නිකුතුවේ දී මෙහෙයුම් පද්ධතිය සමග බද්ධ කොට (Integrated) මෙය පැමිණෙනු ඇති බවයි. ඒ වගේම windows පැරණි සංස්කරණ භාවිත කරුවන්ට වෙනම download කරගත හැකි සංස්කරණයක්ද ලබා දීමට යන බවයි දැනගන්නට තියෙන්නේ.
5 comments:
අනේ මන්දා මේකාට ලෑජ්ජාවක් නෑති හෑටි. කලින් netscape එක්ක ඔය සෙල්ලමම දාලා අම්බානක් දඩ ගෙව්වා.(හෑබෑයි ඉතින් අන්තිමේදි netscape වෑහුනනේ) කොහොම කොහොම හරි මේ සෙල්ලම නිසා netscape කොලා වගේ norton, macafee එහෙමත් open source උනෝතින් ඉතින් අපූරුයි.
Beta එක නම් ලංකාවට නෑ, දැනට ඇමරිකාව හා බ්රසීලයට තමයි ලු මුලින්ම දෙන්න.
හ්ම්... අපි බලමු ඔය ප්ලෑන් එකටවත් වයිරස් නවත්තන්න පුළුවන්ද කියල... :P
IE වගේ මේ පාරත් කයි වගේක් Trial කට්ටක්! උන්ගේ OneCare එකටත් කෙළ වෙලා තියෙවි!
@änthräX
බලාගෙන ඉමු. තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගනීවිද දන්නේ නෑ...
@කාලිංග
ඒකත් එහෙමද? නිකන් දෙන එකවත් දෙන්න බෑනෙ..
@ශාකුන්තල
මම නම් හිතන්නේ නෑ... :)
Post a Comment