අද අන්තර්ජාලයේ තියෙන file hosting/sharing services අතරින් ඉහලින්ම වැජඹෙන සේවාව මම හිතන විදිහට නම් rapidshare. ඒත් rapidshare වල තියෙන අවාසිය තමයි file upload කරන්න වගේම download කරන්න ගියාම පනවනු ලබන සීමාවන්.
Rapidshare premium account තියෙන "අයියා" කෙනෙක්ට හරි "අක්කා" කෙනෙක්ට හරි නම් කිසිම ප්‍රශ්නයක් නෑ තමයි. ඒත් අපි වගේ premium account නැති කෙනෙක් කොහොමද rapidshare වලින් file එකක් download/upload වෙනකන් පැය ගානක් බලන් ඉන්නේ?
මම දැනට මේ වෙනුවට දැකල තියෙන හොඳම විකල්පය තමා mediafire කියන්නේ. විශේෂයෙන්ම mediafire වල වැදගත්කම තේරෙන්නේ file එකක් download වෙන්න ගියහම යි. Rapidshare වගේ waiting time නෑ. Bandwidth එක limit කරන්නේ නෑ. IDM වගේ download managers fully supported. Download එකක් stop කරලා resume කරන්න පුළුවන් ( සීමාවක් ඇතුව ). ඔය වගේ වාසි ගොඩක් mediafire වලින් සැලසෙනවා (Download කිරීමේදී මේ සේවාවන් ලබා ගන්න අඩුම ගානේ site එකේ register වෙන්නවත් ඕනේ නැහැ).
ඒ වගේම files upload කරන්න ගියාමත් වාසි ගොඩයි. Free user කෙනෙක්ට unlimited storage එකක් ලැබෙනවා තමන්ගේ files store කරන්න. ඒ වගේම කවදාවත් files expire වීමක් සිදු වන්නේ නෑ.
මම කිවුවේ මගේ අදහස. සමහරවිට ඔයාලා ගාව මීට වඩා වෙනස්/හොඳ අදහස් ඇති. ඉතින් එහෙම තියෙනවා නම් අනිත් අයවත්, මාවත් දැනුවත් කරන්න.
වැඩි විස්තර පහළ සබැඳියෙන් ගන්න.
http://www.mediafire.com/about.php
7 comments:
s walin digatama banna puluwan dynamic ip tiyana ayata a komada dannawada download karala file ekak eeta paasse disconnect karala aye connect wenna
madiafire nam patta site ekak tama a gana kisima katawak na
rs walin digatama banna puluwan dynamic ip tiyana ayata a komada dannawada download karala file ekak eeta paasse disconnect karala aye connect wenna
madiafire nam patta site ekak tama a gana kisima katawak na
ඔව්. මමත් එකඟයි.
ඔබ හරි mediafire නියමයි !
මීඩියා ෆයර් මරු. හැබැයි මට සමහර වෙලාවට ෆයිල් එක අප්ලෝඩ් වෙලා අන්තිමට එරර් එකක් එනවා. එතකොටනං ඉතිං තරහා යනවා. රැපිඩ් ෂෙයර් වලත් ඕනි නං එකවුන්ඩ් එකක් හදන්න පුලුවන් නොමිලේ.
රැපිඩ් ශෙයාර් වලට ගහන්න ඔය එකකට වත් බෑ. මම මේ සේවාව free user කෙනෙක් විදියට www.rapidshare.de වල ඉදන් පාවිච්චි කරනවා. කාලෙන් කාලෙට වෙනස් වුනා. දැන් මෙගා බයිට් 200 ගොනු බාගන්න පුලුවන් විනාඩි 15 වේටින් ටයිම් එකක් එක්ක. මේ සදහාම ලියවුනු ඩවුන්ලෝඩර් තියෙනවා. සමහර ඒවාට verification image පවා අදුනගන්න පුලුවන්. මගේ හිතනම් තාමත් Rapidshare වල තමා
@Anu
ඔය හේතුව මම හිතන්නේ ඇතිවෙන්නේ proxy එකක් හරහා upload කරන්න උත්සාහ කරන වෙලාවකදී යි.සමහරවිට ඔබ භාවිතා කරන shared network එකේ admin file upload කිරීම restrict කරලා ඇති. ඒ වගේ වෙලාවක නම් ප්‍රශ්නයක් එනවා. එහෙමත් නැතුව සාමාන්‍ය අන්තර්ජාල සබඳතාවයක දී ඔය ප්රශ්නය ඇති වෙනවා නම් mediafire developer team එක දැනුවත් කරන්න. ඒ අය විසඳුමක් ලබා දෙයි.
Post a Comment