Friday, July 10, 2009

මා Linux භාවිතා කරන්නෙක් නොවන්නේ මන්ද?

අද හැමෝගෙම උනන්දුව ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය වෙත යොමු වෙලා තිබෙන බව හුඟ දෙනෙක් ගේ Blog posts, comments, reviews දැක්කම පේනවා. විශාල ප්‍රමාණයක පිරිසක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සිට ලිනක්ස් වෙත නැඹුරු වීමට පටන් අරන්. ඒක ඇත්තටම හුඟක් සුභවාදී පියවරක්. ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටක මුදල් පිටරටට ඇදී යාම වැළක්වීම සඳහා ගනු ලබන සාර්ථක උත්සාහයක් ලෙසයි මම දකින්නේ.

මම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් වශයෙන් මුලින්ම භාවිතා කළේ Red Hat Linux (Ver 9?). ඒ මම හිතන්නේ 2004 දී විතර වෙන්න ඇති. එදා ඉඳලා මේ වෙනකන් මම විවිධ ලිනක්ස් සංස්කරණ කිහිපයක්ම භාවිතා කරලා තියෙනවා. Mandrake, Mandriva, Ubuntu, Puppy, Fedora, Open SUSE ආදී වශයෙන්. ඒත් මේ හැම ලිනක්ස් සංස්කරණයකින්ම මට ඉක්මණින්ම ඉවත් වෙලා ආපහු වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට මාරු වෙන්න සිද්ධ වුනා.

මේකට ප්‍රධාන හේතු දෙකක් බලපෑවා. පළවෙනි එක තමා අන්තර්ජාල පහසුකම. ලිනක්ස් භාවිතා කරන, කරලා තියෙන හුඟ දෙනෙක් දන්නා දෙයක් තමා ලිනක්ස් වල මෘදුකාංග බොහෝ ප්‍රමාණයක් පිහිටවීමට අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය බව (apt get install වැනි විධාන භාවිතා කරමින්). මම තවමත් ගෙදරදී අන්තර්ජාලයට සම්බන්ධවීමට connection එකක් අරන් නෑ. ඉතින් එහෙම වුනාම ලිනක්ස් භාවිතයේදී විඳින්න ඕනේ දුක ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ...

ඊ ළඟට දෙවෙනි ප්‍රශ්නය හෙවත් වෘත්තීයමය ගැටළුව. මම මගේ job එක අනුව Adobe පවුලේ මෘදුකාංග සමග නිතර නිතර වැඩකරන්න සිද්ධ වෙනවා. එතනදී නම් වින්ඩෝස් හැරෙන්නට වෙනත් විකල්පයක් ඇත්තේම නෑ... ( කලින් ප්‍රශ්නයට විසඳුමක් ලෙස අන්තර්ජාල සබඳතාවයක් ගත්තත් ). සමහරුන් ට කියන්න පුළුවන් "ඇයි දෙයියනේ Photoshop වෙනුවට GIMP පාවිච්චි කරන්නකෝ. Illustrator වෙනුවට Inkspace පාවිච්චි කරන්නකෝ..." ආදී වශයෙන්. ඇත්ත. ඒ වගේ විකල්ප භාවිතා කරන්න පුළුවන් තමයි. ඒත් Adobe AfterEffects, Adobe Premire වගේ මෘදුකාංග වලට ලිනක්ස් මත ධාවනය වන ඒ තරම්ම පහසුකම් තිබෙන විකල්ප මා දන්නා විදිහට මේ වන තෙක් එළි දක්වලා නෑ.

ඉතින් ඔන්න ඔය ප්‍රශ්න නිසා තමා මම තාමත් ජනේලයට හිර වෙලා ඉන්නේ. හැබැයි Windows තුළ හොඳ නැත්තෙත් නෑ.කියන තරම් යකා කළු නෑ කියලා කතාවක් තියෙනවනේ... :)

බලමු, ඉස්සරහට ඔය ප්‍රශ්න විසඳුනොත් මටත් ජනේලයෙන් එළියට එන්න පුළුවන් වේවි.

Share/Save/Bookmark

16 comments:

Indranama said...

"ඇයි දෙයියනේ Photoshop වෙනුවට GIMP පාවිච්චි කරන්නකෝ. Illustrator වෙනුවට Inkspace පාවිච්චි කරන්නකෝ..."

මම මේ වින්ඩෝස් වලට කත් අදින්නෙකුත් නෙමෙයි. ලිනක්ස් පාවිච්චි කරන්නෙක් වගේම මේ කමෙන්ට් එක දාන්නෙත් උබුන්ටු වල ඉඳන්. ඒත් මට කියන්න තියෙන්නේ අර කතාව නං හරිම ජෝක් එකක් තමා කියලා. මට දැන් ඔය ජෝක් එක අහලා ඇති වෙලා. කොච්චර කිව්වත් photoshop, illustrator වලට දාන්න පුලුවන් වැඩ වලින් 50%ක් වත් ඒ ලිනක්ස් ඕල්ටර්නේටිව් වලට කරන්න බෑ. ඒකයි ඇත්ත කතාව.

මට නම් තියෙන ලොකුම කරදරේ තමා වින්ඩෝස් වලදී එක ක්ලික් එකකින් කරන්න පුලුවන් වැඩකට මේකෙදී තුන් හතර පාරක්වත් ක්ලික් කරන්න ඕනේ.

Kanishka said...

ම‍ට නම් ඉතින් OS එක මොකක් උනත් කමක් නෑ ‍වැ‍ඩේ වෙනව නම්..
Open source software නම් වැඩිය පාවිච්චියක් නෑ.. මොකද ම‍ට vista licensed software එකක් මගෙ laptop එකත් එක්ක හම්බුනා.. (හැබැයි අනික් ඔක්කොම හොර software). ඒ අතින් බලනකොට මගෙ වැඩ වලටත් ලේසි windows තමයි...

Anonymous said...

Linux මමත් පචිච්චි කරන්නේ නැ එ එකේ නරකක් හින්දා නොමේ ඔක ඉන්ස්ටොල් කරන්න දන්නේ නැ කරන හැටි අහගන්න ‍එකෙක් නැ

Dakshina said...

@ප්‍රවීන් ඉන්ද්‍රනාම
ඒක තමා මාත් කියන්නේ. කොච්චර කවුරු මොනවා කිවුවත් ඔය දේ ලිනක්ස් alternatives වල කරන්න ගියාම Photoshop, Illustrator වගේ ලේසියෙන් කරගන්න බෑ. ඔය කවුරු කවුරුත් ඔය විදිහට ලොකු කතා කිවුවට වැඩේ කරන්න ගියාම තියෙන අමාරුව තේරෙන්නේ කරන මනුස්සයාටනේ...

@Kanishka
වැඩේ තමයි වෙන්න ඕනේ. ඒත් වැඩේ කරන්න පසුබිම හදාගන්න එපායැ නේ....

@දිසා
හැබැයි මමනම් කියන්නේ තනිවම හරි ඉගෙනගත්තොත් හොඳයි කියලා. මොකද කිවුවොත් ඔය වගේ දේවල් කොයි වෙලාවේ මොන විදිහට ඕනේ වෙයිද කියලා කියන්න බෑනේ...

නරකයි, අමාරුයි කිය කියා ඉවත දාන්නේ නැතුව හැමදේම ගැන අවබෝධයක් ලබාගෙන ඉන්න එක වටිනවා..

නුවන්සි said...

අදුරට සාපකරනවාට වඩා එක පහනක් හො දැල්විම වටි.
කරන්න අවශ්‍ය සෑම දේම එකම තැනකින් කරන්න උත්සහ නොගන්න. එක පලක් නැති වැඩක්‍ වෙයි බොහොදුරට.
එත් සාමාන්‍ය අවශ්‍යතා වෙනුවෙන් වත් දැනට ලිනක්ස් භාවිතා කල හැකි බවයි මගේ අදහස.
මොකද ලිනක්ස් යනු සැම කෙනෙකුගේම එකමුතුවෙන් මුල්‍යමය වාසි නොතකා සැදු මෙහෙයුම් පද්ධතියක්.
එය විසාරණය විමට ටික කලක් යාවි. එත් මතක තියාගත යුතු දෙයක් තියෙනවා.
එ තමයි මැක් මෙහෙයුම් පද්ධතිය දුවන්නේත් යුනික්ස් හා ලිනක්ස් පදනමක් මත
කඩුලු මහතාගේ කළුලු සංස්කරණත් ලිනක්ස් අනුගමනය කල බව.
වෙනත් මෘදුකාංග නිෂ්පාදකයින් කවුලුවට මෘදුකාංග හැදුවට මොනා කරන්නද ඉතින්
අපි අපේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් වත් ලිනක්ස් ප්‍රචලිත කරමු. මොකද හැමොම වැඩි වැඩ කරන්නේ නැනේ.
කාර්්‍යාලිය කටයුතු වැනි දැ ලෙහෙසියෙන්ම ලිනක්ස් මාර්ගයෙන් කර ගත හැකිනේ.

ශාකුන්තල | Shaakunthala said...

එකඟයි කියා කියනවා හැර වෙන මොනවා කියන්නද? :P
මොන මෘදුකාංග පාවිච්චි කරන්නත් ජොබ් එක කරගෙන ඔළුව බේරගෙන ඉන්න එපායැ.

Anonymous said...

අන්තර්ජාල සම්බන්ධතාවයන් නැතත් පැකේජ ස්ථාපනය කරන්න පොඩි ක්‍රමයක් තියෙනවා. මගේ මේ ලිපිය බලන්න.

http://www.techbuzz.chamiladealwis.com/2009/03/keryx-%e0%b7%84%e0%b6%bb%e0%b7%84%e0%b7%8f-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba-%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80/

කතාව හුඟක් ඇත්ත. මේ විදියටම මම කලිනුත් ලිපි ලිව්වා. හැබැයි හුඟක් අයට ඒ ලිපි තේරුම් ගියේ වින්ඩෝස් වලට කඩේ යෑමක් විදියට. "මේක නැත්තන් අරක" මිනිස්සුන්ට ඒක පුදුමයකුත් නෙමෙයි.

Adobe පැකේජයේ තිබෙන හුඟක් මෘදුකාංග වලට සරිලන ආදේශකයන් විවෘත මෘදුකාංග පැත්තෙන් නැහැ. Premiere, Dreamweaver වලට තියෙන්නේ ප්‍රාථමික ආදේශක. Flash වලට ආදේශකයක් නැහැ මම හිතන්නේ.

Narada said...

ලිනක්ස් වල UbuntuStudio හා openSUSE හැරෙන්න එතරම්ම ගැෆ්‍රික් හා සංජිවීකර‍ණය සඳහා ඉදිරියෙන් සිටින මාදුකෘශ වලට ( maya හැරෙන්න ( Mayaහි ලිනක්ස් අතුරු මුණුතක් තිබෙනවා) ආදේශ කළ හැකි මාදුකෘශයක් යාන්තම් තිබේ නම් ඒ Blender ( ඒත් ඒ මාදුකෘශය සංකිර්ණයි) විතරයි. මන්දා, ලිනක්ස් වලට මේ අංශයේ අය ගොඩාක් දෙනෙක් සෙට් වුණා නම් කොච්චර හොඳද?

änthräX said...

ආදේශක පාවිච්චිය ගෑන මමත් ඔය විදියට කියලා තියනවා. පිලිගන්න වෙනවා මුදල් හොයන බලාපොරොත්තුවෙන් යම්කිසි ධනවත් ආයතනයක් මගින් කරන නිර්මානයකයි, ලෝකෙට වෑඩක් කරන්න ඔනා කියන හෑගීමෙන් තමන් ගෙ free වෙලාව වියදම් කරලා geekල හදන open source solution එකකයි වෙනසක් තියනව කියලා. හෑබෑයි ඔය propitiatory productsවලත් ගෙඩිය පිටින් copy කරපු open source කොටස් කොච්චර නම් තියනවද? ඔයා හොදට හිතලා ඔයාගෙ post title එක දාලා තියනවා. ඒක නිසා වෑඩි යමක් කියන්න ගියොත් මටමයි ටින්කිරි ගාගන්න වෙන්නෙ. එක නිසා මේ කොටස විතරක් එකතු කරන්නම්.
2009 ජුනි වෙනවිට මෙහෙයුම් පද්දති භාවිතය.
xp 66.9%
vista 18.3%
win 7 1.6%
mac 5.9%
linux 4.2%
(ගත්තේ w3schools වලින්)
දන්නවනෙ ඉතින් linux කියපුවම කොච්චර flavors තියනවද කිලත්.

Unknown said...

ප්‍රසිද්ධ graphic designing මෘදුකාංග ලිනක්ස්ට සහය නොදැක්වීම ලොකු ප්‍රශ්නයක් තමයි. ඒත් ඒක ඒ සමාගම් වල වැරැද්දක් මිසක් ලිනක්ස් වල වැරැද්දක් නෙමෙයි.

@ඉන්ද්‍රනාම
"මට නම් තියෙන ලොකුම කරදරේ තමා වින්ඩෝස් වලදී එක ක්ලික් එකකින් කරන්න පුලුවන් වැඩකට මේකෙදී තුන් හතර පාරක්වත් ක්ලික් කරන්න ඕනේ."

පහසුව ප්‍රතිලෝමව සමානුපාතිකයි ආරක්ෂාව

@දිසා
ම් ඒකට නම් මොකක් හරි කරන්න වෙනවා. බලමු විභාගෙ ඉවර වෙලා

@kanishka
මගේ ලැප් එකේ තිබුන විස්ටා genuine එකේ product key එක විතරක් තාම යට පැත්තෙ තියනවා.:D

@නුවන්සි
නියම කතාව. නිදහස් මෘදුකාංග ලෝකයක් ගැන හීන දකිමින් ඉඳලා විතරක් මදි. ඒකට යොමු වෙලා වැඩ කරන්න ඕන.

Anu said...

මේ ලිපිය මම ලිනක්ස් භාවිතා නොකරන්නෙ ඇයි කියන එක‍ටත් හොඳ පිලිතුරක්. ඔය හැමෝම කියන තරං ලිනක්ස් වල මමත් දකින හොඳක් නෑ වගේ. සොෆ්ට්වෙයා එකක් දාන්න ගියාම අරක නෑ මේක නෑ කියනව ඒව දැම්මම තව ඒව නෑ කියනව.

ඇත්තම කිවුවොත් ලිනක්ස් කියන්නෙ බාගෙට අටවපු os එකක්.

ඉන්දරේ කිව්ව වගේ ලිනක්ස් ඕල්ටනේටිව් වල වැඩිය වැඩ දාන්න බෑ. ඔය වයින් දැම්මත් වැඩි හරියක් ක්‍රෑෂ් වෙනවනෙ.

වීඩියෝ එඩිටිං වලට තියෙන්නෙත් බාගෙට අටවපු ඒව. නිතරම ක්‍රෑෂ් වෙනව. ඒවට අපි පාවිච්චි කරන කැප්චර් කාර්ඩ් එකක් වත් ගන්නෙ නෑ.

ඔය කොහොම කලත් කාලයක් තිස්සෙ අපි පාවිච්චි කරල අත්දැකීම් ලබපු ඇප්ලිකේෂන් අමතක කරල අලුත් ඒවට සම්පූර්ණයෙන්ම මාරු වෙනව කියන්නෙ මහ විකාර වැඩක්

ශාකුන්තල | Shaakunthala said...

@Anu,
"ඇත්තම කිවුවොත් ලිනක්ස් කියන්නෙ බාගෙට අටවපු os එකක්."

ඇත්තම කිව්වොත් ඔයා OS ගැන දන්නෑ.
Windows XP ස්ථාපනය කළ ගමන්ම .NET 3.5 භාවිතයෙන් නිර්මාණය කළ වැඩසටහනක් දුවවලා බලන්න. වැඩ කරනවද?
එහෙම නැත්තම් අමතර ActiveX controls භාවිතයෙන් හදපු VB6 application එකක් Windows ස්ථාපනය කළ ගමන්ම දුවවලා බලන්න. වැඩ කරනවද?
එතකොටත් කියන්නෙ අරක නෑ මේක නෑ කියල නේද?


---
කෙනෙකුට ලිනක්ස් වලට අනුගත වෙන්න තියෙන හැකියාව ඒ කෙනා කරන වැඩ අනුව වෙනස් වෙනවා. මම වැඩි වශයෙන් කරන්නේ Java, PHP සහ C++ භාවිතයෙන් මෘදුකාංග සංවර්ධනය, බ්ලොග්කරණය යන දේවල්. ඉතින් මට නම් වින්ඩෝස් මුළුමනින්ම අතහැර දැමීම දැණුනෙවත් නෑ.
මේ ලිපියේ තියෙන කරුණු වලට මම එකඟතාව දැක්වූවේ ඩෙස්ක්ටොප් ග්‍රැෆික් නිර්මාණකරණයත් වීඩියෝ සැකසීමත් කරන්න හොඳ මට්ටමේ FOSS ආදේශක තවමත් නැහැ කියන කාරණාව මුල් කරගෙනයි.

ඉන්ද්‍රනාම වගෙම මමත් මේ comment එක දාන්නෙ Ubuntu වල ඉඳන් -- obviously.

Anu said...

@ශාකුන්තල
ඇත්ත.. ඒත් ඒකට හේතුව වින්ඩෝස් xp ආවෙ .net 3.5 වලට කලින් නිසා. හැබැයි windows 7 වල අවුලක් නැතුව .net 3.5 වැඩ නේද?

ශාකුන්තල | Shaakunthala said...

ඕක මගේ ප්‍රශ්නයට උත්තරේ නං නෙවෙයි. හැබැයි ඕකට උත්තරයක් මගේ ළඟ තියෙනවා. :D

Google Earth latest version එක බාගන්න.
ඒක Ubuntu 5.10 එකේ install කරන්න ට්‍රයි එකක් දෙන්න. පුළුවන්ද? GTK කියල එකක් ගැන මොනව හරි කියනව නේද?
දැන් Jaunty වල install කරල බලන්න. මොකද වෙන්නෙ?

ඒකත් ඔයාගෙ .NET issue එක වගේම තමා.


---
ලිනක්ස් වල ශුද්ධ අර්ථදැක්වීමට අනුව ලිනක්ස් කියන්නෙ කර්නල් එක විතරක් වුණාට භාවිතයේ පහසුව තකා පසුකාලීනව ලිනක්ස් යනු කර්නලය+මෘදුකාංග එකතුවක් වුණා. ඇත්තෙන්ම අද කාලයේ ලිනක්ස් කියන්නෙ මෙහෙයුම් පද්ධතියකට වඩා වැඩි යමක්. ඒක අපේ අයට නොදැනෙන්නෙ මෘදුකාංග මංකොල්ලය අපේ රටේ ජයටම සිද්ධ වෙන නිසා.

නුවන්සි said...

එක නම් අැත්ත ලංකාවෙ මෘදුකාංග මංකොල්ලය නවත්වපු දාට ලිනක්ස් වල අගෙ දැනෙවි. එත් එත කොට අපි ප්‍රමාදයි. එක නිසා දැන් දැන්ම ලිනක්ස් ප්‍රචාරය කරමින් එය තව තවත් වැඩි දියුනු කල යුතු වෙනවා.
අඩු පාඩු නැත්තෙ කොහෙද ඔන තැනක අඩු පාඩු තියෙනවානෙ.
බලමුකො දැන් crome අාපු වාම.
එකත් ලිනක්ස් මත නිර්මානය වු එකක්, එත් එය මහා පරිමාන අායතනයක් කරන වැඩක් නිසා වැඩි දියුනු විමෙ හැකියාව ගොඩක් වැඩියි එවගෙම ඉක්මනින් සිදුවෙවි.

ශාකුන්තල | Shaakunthala said...

@නුවන්සි,
ඇත්තෙන්ම ඔව්. නමුත් එය අන්තවාදයක් නොවිය යුතුයි. මම මේ ලිපිය සමඟ එකඟ වෙන්න තවත් හේතුවක් තමයි අන්තවාදී නොවිය යුතුයි කියන කාරණය.

ඒ වගේම කාටවත් ලිනක්ස් බලෙන් දෙන්නත් ඕන නැහැ. ලිනක්ස් වල වටිනාකම අවබෝධ කරගත් කෙනෙකුට පමණයි එය දිගුකල් භාවිතයට නිර්දේශ කළ යුත්තේ.