Thursday, July 16, 2009

මොකක්ද මේ www2 කියන්නේ?

අද අන්තර්ජාලයේ එහෙ මෙහෙ යනකොට ගියපු site එකක host name එක දැකලා පොඩ්ඩක් ඒක ගැන හොයලා බලන්න හිතුනා.

මේ site එකේ url එක http://www2.scholastic.com/browse/index.jsp. ටිකක් නුපුරුදුයි වගේ නේද? සාමාන්‍යයෙන්site එකක url එක එන්නේwww විදිහට. ඒත් මේකේ host name එක www2 . ඉතින් මමත් පොඩ්ඩක් google ගේ search කරලා බැලුවා. එතකොට ආපු පළමුවෙනි result එක මාව යොමු කළේ මෙන්න මේ blog එකට. මම මෙහි අඩංගු දේවල් කිහිපයක් තමා උපුටා දක්වන්න යන්නේ...

මෙහි සඳහන් වන ආකාරයට මෙවැනි host name එකක් යොදාගන්නේ visitors ලා විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙන වෙබ් අඩවි වලට. මෙහි ප්‍රධාන අරමුණ වැඩි වෙන server load එක ක්‍රමවත්ව පාලනය කිරීමයි. ඇත්තෙන්ම මෙවැනි URL එකකින් අපව යොමු කරන්නෙත් සාමාන්‍ය URL එකෙන් අපව යොමු කරන වෙබ් අඩවියටයි. නමුත් මෙහිදී අපට ලබාදෙන වෙබ් පිටුව ඇත්තේ වෙනත් server එකක. කොටින්ම කිවුවොත් මුල් වෙබ් අඩවියේ සම්පූර්ණ copy එකක් මෙම දෙවන server එකේ අඩංගු වෙනවා (මේවාට පළමු වෙබ් අඩවියේ mirror එකක් ලෙසත් පවසනවා). මේ කාරණයට අමතරව වෙබ් අඩවියේ නඩත්තුවක් වැනි කටයුත්තකදී විකල්පයක් වශයෙනුත් මෙම mirror එක භාවිතා කරන්න පුළුවන්...

www2 පමණක් නොවෙයි, සමහර වෙබ් අඩවි තමන්ගේ server load එක පාලනය කරලා පරිශීලකයන්ට හොඳ සේවාවක් ලබාදීමේ අරමුණින් www3 වැනි host name ද භාවිතා කිරීමට පෙළඹී සිටිනවා

Share/Save/Bookmark

8 comments:

Chanaka Aruna Munasinghe said...

www.google.com
www2.google.com
www3.google.com ???

පොතේ ගුරා said...

දැනගෙන හිටියෙ නෑ මේ ගැන..තෑන්ක්ස් මචන්..

ඉ-නැණ පියස said...

http://www2.panasonic.com

මෙන්න ඕකට තව උදාහරණයක්...

Anonymous said...

මම මේ වගේ URL එකක් දැක්කමයි..

Anu said...

අලුත් දෙයක් ඉගෙනගත්තා.

rane said...

මටත් අලුත් දෙයක් ස්තූතියි. අයියා මාව ගූගල් talk වලට ඇඩ් ක‍රගන්න.ranndeera@gmail.com

Dakshina said...

@අදහස් ලියපු හැමෝටම

අළුත් දෙයක් කියලා දෙන්න ලැබුණනම් ගොඩක් සන්තෝසයි... :)

GNS said...

@Chanaka

Google එකේ උන් Load එක කොහොම පාවිච්චි කරනවද කියල දෙයියො තමයි දන්නෙ..

එක විනාඩියක විතරක් කොච්චර search queries ගොඩත් යනව ඇත්ද? (o.O)