Wednesday, October 14, 2009

ලොකු උදවුවක් අවශ්‍ය කර තිබේ....

මේක පහුගිය දවසක මට අත් විඳින්න වුන අත්දැකීමක් නිසා ලියන්න සිතුව දෙයක්.

අපි හැමෝම වගේ යුනිකේත භාවිතා කරනවනේ . මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් 7 වලදී සිංහල සඳහා පෙරනිමියෙන් ලබා දෙන්නේ ඉස්කෝල පොත font එකයි. මේක ඉතාම හොඳ font එකක්. ඒත් ඊට වඩා රවුම් සහ හැඩ වැ‍ඩ වැඩි font එකක් Malithi Web කියන්නේ. මේ font එක default unicode font එක වන ඉස්කෝල පොත font එක වෙනුවට යොදා ගන්නා විදිහ ඉන්ද්‍රනාම සහෝදරයා කියලා තිබුණා. ඒ ක්‍රමය 100% සාර්ථක වුනා Windows XP තුළදී. (ඉන්ද්‍රනාම සහෝදරයාට බොහොම ස්තූතියි )

ඒත් Windows 7 වලදී නම් වැඩේ අල වෙනවා . ඒ මෙන්න මේ හේතුව නිසා. ඉන්ද්‍රනාම සහෝදරයා එයාගේ guide එකේ මෙන්න මෙහෙම පියවරක් අනුගමනය කරන්න කියලා තියෙනවා.

.....ගිහින් “මලිති වෙබ්” අකරු හැර අනිත් සියලු සිංහල යුනිකෝඩ් අකුරු fonts ෆෝල්ඩරෙන් එලියට ගන්න. (වෙනත් තැනකට ඩ්‍රැග් කරන්න) ආපහු බ්‍රවුසරේ ඕපන් කරලා සිංහල අඩවියකට යන්න (මේ බ්ලොග් එකට එන්නකෝ :P ) දැන් වින්ඩෝස් මගින් ඉතුරුවෙලා තියෙන එකම සිංහල යුනිකෝඩ් අකුර default එක විදියට රෙජිස්ටර් කරගනී.....


නමුත් Windows 7 වලදී ඉස්කෝල පොත font එක font directory එක තුළින් move කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. එය "Windows Protected" font ගොනුවක් බැවින් move කිරීමට නොහැකි බ‍ව පවසනවා .

ඉතින් කවුරු හරි කෙනෙක් දන්නවාද මේ ප්‍රශ්නයට විසඳුමක්? දන්නවානම් පොඩ්ඩක් කිය‍ලා දෙන්න. මේ දවස් වල ඉස්කොල පොත දැකලා දැකලා එපා වෙලා... (‍font එකේ වැරුද්දක් එහෙම කියනවා නෙවේ.. හොඳද???)

Share/Save/Bookmark

7 comments:

මාස්ටර් said...

හැබැයි Web browser එකේදි නම් ඕක ප්‍රශ්ණයක් වෙන්නෑ නේද මචන්. මොකද එකෙන් අපිට ඕන Font එක තෝරල දෙන්න පුළුන්නෙ. Browser එකේ Malithi web font එක තෝරල දුන්න නම් Browser එකෙන් බලන්න පුළුවන්

Indranama said...

මටත් Seven වලදී නම් ඔය වැඩේ කරගන්න බැරිවුනා. මමත් කරන්නේ බ්‍රවුසරේ ෆොන්ට් එක මලිති දාගෙන ඉන්න එක තමා. වෙන ඇප්ලිකේෂන් වලට කරගන්න විදියක් මමත් දන්නෑ.

ඕක ටෙක්කතා වලට දාලා බලනවද? ඒකෙන් විසඳුමක් ගන්න පුලුවන් වෙයි.

GNS said...

උබුන්ටු වලින් ගිහින් ඇද්දොත් මොකෝ?

(මම දැං ඇද්දා.. එලියටත් ආවා.. වින්ඩොස් වලින් බලලම කියන්නම්) ;)

GNS said...

වැඩේ හරි... :)

Indranama said...

ආ ඔය තියෙන්නෙ මෙතඩ් එකක් ! :D

මේ ඇරෙන්න තව ක්‍රමයක් ඇති. අපි සිංහල යුනිකෝඩ් සමූහයෙන් අහලා බලමුද?

Dakshina said...

@ඉන්දරේ,මාස්ටර්
බොහොම ස්තූතියි. ම‍ට ඕන වැඩේ කරගන්න මේ ක්‍රමයෙන් හැකිවුනා.

@ගයන්ත
මට ක්‍රමය පොඩ්ඩක් පැහැදිලි කරනවාද? මම Ubuntu භාවිතා කරන්නෙක් නෙවේ.

wWw.BuGGeRs.Tk said...

ඔය font එක protect කරල තීයෙන්නෙ 7 os එකෙන් නෙ.
ඉතින් ඒක load වෙන්නෙ නැත්නම් මකන්න පුලුවන් පිට ඉඳන්.
තමන්ගෙ machine එකේ XP, Linux වගේ OS එකක් දාල තියනව නම් ඒකෙන්,
එහෙම නැත්නම් Live CD එකකින් boot කරල හෝ
Hard එක වෙන machine එකක ගහල හෝ......
මකල දාන්න :)