Tuesday, May 12, 2009

ජනකාන්ත මිත්‍යා මත....

මම මේ කියන්න යන්නේ ඒ නමින් තියෙන පොත ගැන නම් නෙවෙයි ( කතුවරයා කවුද කියලා නම් මතක නැහෑ . මට පහුගිය දවසක අන්තර්ජාලයේ එහෙ මෙහෙ යනකොට හම්බවුන අමුතු තාලේ පොතක් ගැන තමයි කියන්න යන්නේ ( මේක ඇත්තටම pdf එකක් ) .

අපිට හුඟක් වෙලාවට ලෝකය පුරාවට විවිධ පුද්ගලයන් ට විඳින්න, දකින්න ලැබෙන අමුතු, අපූරු, අද්භූත ... සිදුවීම් ගැන අහන්න ලැබෙනවා ( සමහරවිට ඔබත් මේවාට මුහුණදීලා ඇති :) ) . මේවා ගැන අපේ හිතේ ඇතිවෙන්නේ අමුතුම ආකාරයක කුතුහලයක්.

ඒක තමා මිනිස් ස්වභාවය. ඉතින් මේ වගේ දේවල් අන්තර්ජාලය තුල ඕනෑ තරම් වාර්තාගත වෙලා තියෙනවා. නමුත් මේ pdf එකේ තියෙන්නේ ලෝකය පුරාම ආන්දෝලනාත්මක කතාබහකට ලක්වුණ අමුතු, අපූරු, අද්භූත සිදුවීම් ගැන විස්තර. සමහර සිදුවීම් වලට අදාළ වෙන දුර්ලභ ගණයේ ඡායාරූප පවා අඩංගු වෙනවා.

ඉතින් කියවලා බලන්න. මෙන්න link එක ( 24.84 MB) .
www.mediafire.com/?2wkoi00ttw1

මතක තියාගන්න, මේ පොත ගැන කිවුවේ ඒ විස්තර තුළ අමුතු ආකාරයක රසවත් බවක් තිබුණ නිසයි. මම මේ ලෝකෙ කොහෙවත් තියෙන විකාර කතන්දර ටිකක් ඔලුවට දාන්න යනවා කියලා හිතෙනවානම් බලන්න යන්න එපා. මේ වගේ විස්තර කියවලා රසවිඳින්න පුළුවන් අය විතරක් download කරගෙන කියෙවුවොත් තමයි හොඳ.

Share/Save/Bookmark

1 comments:

Wiz Kun said...

හොඳයි! බොහොම ස්තූතියි!!