Friday, June 5, 2009

කාලෙකට පස්සේ සහ අළුත් මෘදුකාංගයක් ගැන...

ඔන්න සෑහෙන කාලෙකට පස්සේ අලුතින් post එකක් ලියන්න වෙලාවක් හම්බවුනා. පහුගිය සති දෙක තුනේ ඔලුව උස්සන්න බැරි තරමට වැඩ ගොඩකට හිර වෙලා හිටියා. දැන් තමයි යන්තම් නිදහසක් තියෙන්නේ. ම්ම්ම්ම්... :)

ඉතින් ලියන්නේ මොනවද කිය කියා කල්පනා කර කර ඉන්නකොට මට හම්බවුන මෘදුකාංගයක් ගැන ලිවුවොත් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුනා...

මම මේ කියන්න යන්නේ ඉලෙක්ට්‍රොනික දින පොතක් ගැන. මේකෙ නම DiaryOne. Free එකක් නම් නෙමෙයි. ඒත් සාමාන්‍ය දින පොතක් හැමදාම ලිය ලියා ඉන්න බැරි අයට මේක සෑහෙන්න වටිනවා. තමන්ගේ දින සටහන් පමණක් නෙවෙයි, එදිනෙදා සිදුවුන මූල්‍යමය ගණුදෙනු සම්බන්ධවත් මේකෙ සටහන් තියන්න පුළුවන්.

තව කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් තමන් හවුලේ පරිගණකයක් පාවිච්චි කරනවා නම්. හිත කරදර කරගන්න ඕනේ නෑ. මේ මෘදුකාංගය හරහා users ලා manage කරන්න පුළුවන්. තමන්ගේ username එකකුයි password එකකුයි පවිච්චි කරලා මෘදුකාංගයට log වෙලා දින සටහන් ලියන්න තමයි තියෙනේ.මෙන්න link එක.

http://rapidshare.com/files/217992585/DiaryOne_6.7_Build_2009.3.16.260_vietproblog.com.rar

Share/Save/Bookmark

3 comments:

Deeps said...

"මේකෙ නම "

මොකක්ද? screen shot ටිකකුත් එක්ක ආවනම් ගොඩක් හොදයි

චතුරංග රූපසිංහ said...

ලින්ක්එක දිගේ යන්න බැරියෝ

Dakshina said...

@deeps
මේකෙ නම DiaryOne. ඔන්න ඔතනින් screenshot එක ගන්න..

http://i269.photobucket.com/albums/jj44/downarchive2/member2/000c27fe.jpg

@චතුරංග
ලින්ක් එකේ ප්‍රශ්නයක් නෑ. මම check කරලා බැලුවා. ලින්ක් එක copy කරලා address bar එකට දාන්නේ නැතුව ඒක click උඩ කරන්න.