Thursday, October 22, 2009

ලිනක්ස් + Songbird + XAMPP + etc... සමග....

පහුගිය දවසක Lankanet.org ආයතනය මගින් නිකුත් කරපු Custom made ලිනක්ස් DVD එකක් ලබා ගත්තා. ‍වැඩේ නම් එළකිරි . MP3, DivX, MKV තිතට වැ‍ඩ. සිංහල පවා අන්තර්ගතයි. ඒ වගේම සාමාන්‍ය Ubuntu සංස්කරණයේ එන මෘදුකාංග වලට අමතරව තවත් සෑහෙන වටිනා මෘදුකාංග රැසක් පෙරනිමියෙන්ම අන්තර්ගතයි. ඔක්කොටම කලින් මම මේක අවස්ථාවක් කරගන්නවා ලංකානෙට් ආයතනයට ස්තූති කිරීමට. ඒ වගේම තව තවත් මේ වගේ දේවල් ඉස්සරහට කරගෙන යන්න හැකියාව ලැබෙන්න ඕනේ කියලා සුභ පතනවා.

ඉතින් දැන් බහිමු කතාවට. තැටිය ලැබුනා වගේ නෙවෙයි. මේක ටැස් කොරන්නත් එපැයි. එකපාර dual boot කරන්න යන්න විදිහක් නෑ. Partition එකක්ම Ubuntu වලට වෙන් කරන්න බෑ. දැම්මා Sun VBox. Files ටිකක් එහෙට මෙහෙට තල්ලු කරලා හොයාගත්තා 9GB විතර ඉ‍ඩ ප්‍රමාණයක්. දැන් හරි. දැම්මා Linux. අවුලක් නැතුව වැ‍ඩ. ඒත් performance නෑ. හිතටත් හරි මදි.

කල්පනා කරලා කරලා බැලින්නම් මේ තැටියේ Wubi installer එක තියෙනවා. මල් හතයි නෙවෙයි.විසි එකයි. ඉතින් ආයේ හදපු virtual hard disk එක මකලා Wubi එකෙන් දැම්මා Ubuntu. දැන් කෙලින්ම Ubuntu වලටම boot කරන්න පුළුවන්. Compiz අනං මනං වැ‍ඩ කෑලි ටික ඔක්කොම වැ‍‍‍ඩ. දැම්මා හොඳ icon theme එකක්. Theme එකත් වෙනස් කලා.

හම්ම්..... තව මොනවද අඩු?... MP3 play කරන්න rythembox සහ amrock පෙරනිමියෙන් ම පැවතුනත් මට එච්චර හිතට ඇල්ලුවේ නෑ. ඉතින් දැම්මා Songbird. මට laptop සඳහා internet connection නැති නිසා dependency ප්‍රශ්නයකුත් තියෙනවා . ඊට පස්සේ getedeb අඩවියේ තිබිලා හමුවනා Songbird සඳහා deb file එකක්. බෑවා. Double click කළා. වැඩේ ගොඩ.

මේ තියෙන්නේ desktop එකේ screenshot කිහිපයක්. බලන්න හොඳද කියලා...





ලිනක්ස් ඉගෙන ගන්න මොනවද කරන්නේ??? දැන් ඉතින් තවත් ප්‍රශ්නයක්. අපිට මේ semester එකේ තියෙනවා නේ PHP. ඉතින් තවත් මොනවද? PHP install කරන එක තමා ප්‍රශ්නේ. මම කලින්ම කිවුවා වගේ dependency ප්‍රශ්නෙත් නිසා වැඩ ගොඩ වෙන්න යන්නේ. කෝකටත් කියලා අන්තර්ජාලයේ හොයලා බලද්දී XAMPP හි ලිනක්ස් සංස්කරණය dependency ප්‍රශ්නයක් නැතුව භාවිතා කරන්න පුලුවන් කියලා හොයාගත්තා. ඉතින් ගොනුව බෑවා. Tar ගොනුව පහත පරිදි /opt/ කියන directory එකට extract කළා.

#sudo tar xvfz xampp-linux-1.7.2.tar.gz -C /opt

දැන් කරන්න තියෙන්නේ terminal එකේ පහත විධානය ලබාදෙන එකයි.

#/opt/lampp/lampp start

දැන් LAMP වැඩ....
Share/Save/Bookmark

3 comments:

ශාකුන්තල | Shaakunthala said...

http://ubuntuexperiment.wordpress.com/2008/11/10/installing-apache-php-mysql/

මම ආසයි මේ විධියට. ඒත් Internet connection එකක් නැත්තං සොරි තමා.

Chamara said...

මමත් ලංකා නෙට් එකෙත්න් ඕක ගත්තා. ගින්දර වාගේ වැඩ. ඔය තිම් එකයි අයිකන් පැක් එකයි දා ගත්තේ කොහොමද?

Dakshina said...

@ශාකුන්තල
ඒක තමා....

@භුමිපුත්‍රයා
gnome-look.org කියන site එකෙන් ඕන තරම් themes, icon packs ගන්න පුලුවන්. එහෙම ගත්ත themes install කරගන්න විදිහ ගැන හොඳ guide එකක් මෙතනින් කියවන්න පුලුවන්.

http://www.cjlinux.com/artwork/themes/how-to-install-themes-in-ubuntu-9-04.html