Monday, December 7, 2009

In Ear Headset?

මේ දවස් වල මම ටිකක් ලොකු මෙහෙයුමකට අත ගහලා තියෙන්නේ. ඒ තමා in-ear headset එකක් හොයාගන්න එක. ඇත්තටම කඩේකට ගිහිල්ලා මේක ගැන අහන්නත් බයයි වගේ. ඒ මිනිස්සු ඒකට දෙන පිළිතුරු දැකලා. වෙලාවකට බඩත් එක්ක කොර වෙනවා.... හුඟ දෙනෙක්ට තේරුමක් නෑ මේ  in ear seen එක මොකක්ද කියලා.











විශේෂයෙන්ම මේ වගේ handset එකක අවශ්‍යතාව දැනුනේ අපේ බස්වල තියෙන බොහොම නිහඬ පරිසරය නිසා :D. කන් පැලෙන්න දාන බයිලා සින්දු එක්ක ලේලන්ඩ් බස් වල් දුම් බටෙන් එන ප‍ට පට සද්දේ අපි ගාව තියෙන handsfree අස්සෙන් රිංගලා කනට වැටෙනවා. එ‍තකොට අහන්න පුලුවන් හොඳ රීමික්ස් සින්දුවක්. එහෙමත් නැත්තම් කිසිම දෙයක් නෑසෙන්නත් පුලුවන්. ඒ වගේ පරිසරයක බාහිර සද්ද බද්ද වලින් ඈත් වෙලා නිදයසේ සංගීතය රස විඳින්න මේ වගේ handset එකක වටිනාකම කියලා නිමකරන්න බෑ.

කවුරු හරි කෙනෙක් පුලුවන් නම් ලංකාවේ ඇතුළත high quality in - ear headset එකක් ගන්න පුලුවන් තැනක් ගැන කියනවාද? රුපියල් 1000ක පමණ උපරිමයකට යටත්ව හො‍ඳේ??? මේ දවස් වල කඩවල් ගානේ රස්තියාදු වෙලා එපා වෙලා තියෙන්නේ....  හුඟක් තැන්වල විකුණන්න නම් තියෙනවා. හැබැයි ටකරං සද්දෙ එන්නේ...
Share/Save/Bookmark

14 comments:

මලින්ත said...

හික් මාත් ඔය සිද්ධියටම මුහුණ දීල තියෙනවා. හොයන එක නම් ලේසි නෑ. හොයලා හොයලා අන්තිමට Phillips එකක් ගත්තෙ දෙදාස් ගානකට. ඒ වගේ ගණන් තමයි යන්නෙ ඉතින්.

Thejan said...

මම sony ericsson වලට ආදරේ ඔය නිසාමයි. Walkman Series හැම phone එකකටමත් J120i වගේ basic phones වලටත් හොඳ quality එකේ in-ear headsets ලැබෙනවා.
මේ වර්ගයේ headsets ටිකක් ඇවිද්දානම් Rs.800/- කට විතර හොයාගන්න පුලුවන්. Fakes වැහිවැහැලා නිසා ටිකක් පරිස්සමෙන් හොයන්න ඕන.

හොඳ headset එකේ කණ ඇතුලට යන කොට තරමක් ගනකමින් වැඩි රබර් වර්ගයකින් තමයි හදලා තියෙන්නේ. fakes වල එහෙම නැහැ.

ඔයාගේ Phone එක වෙන වර්ගයක් නම් ටිකක් වැඩේ බරපතලයි.

JVC හොඳ headsets මම දැක්කා දෙහිවල abans එකේ තියෙනවා. Rs. 1100 ක් ද කොහෙද. ගිහින් බලන්න.

Dakshina said...

@මලින්ත
අපොයි එච්චර ගානක් වියදම් කරන්න බැරියෝ... මේ දවස් වල වැලේ වැල් නෑ....

@Thejan
ඒකත් එහෙමද? එහෙනම් ගිහින් බලන්න ඕනේ. ඔය කිවුව JVC එක in ear එකක්ද? මම ගාව තියෙන්නේ Nokia Xpress Music එකක්. 3.5mm jack තියෙන ඕන headset එකක් ගහන්න පුලුවන්...

Thejan said...

@දක්ෂිණ

ඔව්, හැබැයි hit ad එකෙත් මම දැක්කා එක පාරක් pettah or union place shop එකක් original headsets ගේන. stero jack එක තියෙනවානම් ලාබම වැඩේ sony ericsson එකක් අරන් plug කර ගන්න එක.

ධනික | Dhanika said...

ලංකාවෙන්ම ගන්න ඕනෙද? eBay වලින් නම් රු.1000ට අඩුවෙන් OEM එකක්ම ගන්න පුළුවන් වෙයි.
සම්පත් Web Card එකක් තියෙන අඳුනන කෙනෙක් ඉන්නවනම් සතියක් දෙකක් ඇතුලත ගෙන්න ගන්න පුළුවන් වෙයි.

Unknown said...

eth ban dan tiyena samahara ewa ful quality..rough use amarui ne...philips 1 ear peice1k mage dan ahenne na ne

හසිත මදුශංක said...

වෙලද පොලේ රවුමක් යන්න මිල ගනන් දැන ගන්න......
පිටකො‍ටුව වෙත යන්න මිල ගනන් සසදන්න.....

පිටකො‍ටුවේ හරි යුනිටියේ හරි රවුමක් ගැහැව්වනම් ඕක හොයා ගන්න බැරි වෙන එකක් නැහැ. මගේ Nokia 5530 MX එකටත් ලැබුනේ ඔයින් එකක්. පට්ට කොලිටි. කන ගාව බෝම්බයක් බ්ලාස්ට් උනත් ඇහෙන්නේ නැහැ.

Dakshina said...

@ධනික
ebay වලින් ගන්න credit card පහසුකම ලබාගන්න විදිහක් නෑනේ.... :(

@Lahiru
ඒක තමා. වැඩිපුර තියෙන්නේ Thejan කිවුවා වගේ fakes...

@Hasitha Madushanka
පිටකොටුවෙන් ගන්න බයයි. Original වගේ fakes තියෙනවා හොයන්න බෑ...

Indranama said...

මමත් කියන්නේ යාලුවෙක් එක්ක කතාකරගෙන එයාගෙ credit card එකෙන් ගෙවල හරි eBay එකෙන් ගන්න කියලා. ලාබෙට ගන්න පුලුවන්.

මමත් මගේ SE ෙෆෝන් එකත් එක්ක පාවිච්චි කරන්නේ ඔය ජාතියේ එකක්. ඒක මගේ ෆෝන් එකට හම්බුවෙච්ච එක්ක නං නෙමේ, අපේ රවිමල් මට තෑගි දීපු එකක් :P කෝච්චියේ යනකොට සිංදු අහන්න නං ඒක කියාපු බඩුව !

---
මේ සටහනට අදාල නැති දෙයක් අහන්න තියෙනවා. XP ස්ටාර්ට් වෙනකොට අර ScanDisk එක අවුල විසඳගන්න හැටි පෝස්ට් එකක් ලිව්වා නේද ඔයා? මට ඒකෙ ලින්ක් එක දෙනවද?

Indranama said...

Sony Ericsson in-ear headset එකක් අරං වෙනත් උපාංගයක් එකක් පාවිච්චි කරන එක නං ප්‍රායෝගික නෑ. මොකද mic එක ලඟින් ගැලෙව්වට පස්සේ වයර් එක හොඳටම දිග මදි.

Dakshina said...

@ඉන්දරේ
මටනම් ඔහොම එකක් ලිවුවා මතක නෑනේ.

Indranama said...

http://myworld.ebay.com/pareshop/
මෙන්න මෙයා පොඩ්ඩක් බලන්න. මෙයා eBay එකේ විකුණන්නෙ earphones තමා. මම මේ දැං Sony MDR-EX300 කියන in ear එකක් ගත්තා රු 600/=ට. Deliver උනාම තත්වෙ බලල කියන්නං.

මේ ඇර නුගේගොඩ ඉලෙක්ට්‍රොනික් කඩේක මම දැක්කා in ear ඒවා රු 700-800 ගණන් වලට තියෙනවා. කොලිටි නං කොහොමද දන්නෑ.

Dakshina said...

@ඉන්දරේ
මම ගිය සතියේ Unity එක පැත්තේ රවුමක් ගහලා එකක් හොයා ගත්තා. රු 1300 වුනා. TDK brand එක. Sounds නම් පට්ට.... :D :D

Indranama said...

ආ එහෙමනං හොඳයි. ඕක genuine එකක් වෙන්න ඇති. මම ගත්ත එක නං chinese duplicate එකක්. ඒක මගේ යාලුවෙකුත් අර seller ගෙන් ම ගත්තා, කොලිටි හොඳයි. ඒකයි මමත් ගත්තේ.

eBay එකේ රු 5000ට විතරත් earphone තියෙනවා අප්පා (apple එව්වා එහෙම) කවුරු ගන්නවද මංදා ! :D