Friday, February 5, 2010

දැයට කිරුළ 2010 බලන්නට ගියෙමි.

සෑහෙන කාලයක‍‍ට පස්සේ ඔන්න අළුතෙන් post එකක් දාන්න වෙලාවක් හම්බවුනා. ඇත්තම කියනවා නම් වෙලාවක් හම්බවුනා නෙවෙයි, මේක දාන්නම අවශ්‍යයි කියලා හිතුන නිසා තමා දාන්න යන්නේ.

කවුරුත් දන්නවනේ "දැයට කිරුළ" ප්‍රදර්ශනය මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ දී පැවැත්වෙන බව. ඊයේ තමා ‍ආරම්භ වුනේ. ඉතින් ගිය සැරේ කොළඹ තිබුණ ප්‍රදර්ශනය බලන්න යන්නත් බැරි වුණ එකේ ගේ ළඟටම ආපුවම නොගිහින් කොහොමද කියලා පළවෙනි දවසෙම යාළුවෝ කට්ටියත් එක්ක යන්න set වුනා.

මුලින්ම කියන්න ඕනේ ප්‍රදර්ශන භූමිය ඇත්තටම සෑහෙන්න විශාලයි. Announce කරන්නේ අක්කර 60 ක භූමි භාගයක් පුරා පැවැත්වෙනවා කියලා (මම නම් හරියටම දන්නේ නෑ අක්කර 60 ක්ම තියෙනවද කියලා). අපි ප්‍රදර්ශන භූමියට ඇතුලු වුනේ හවස පහ හමාරට විතර. (මොකද පළවෙනි දවසේ ප්‍රදර්ශනය ජනාධිපතිතුමන් අතින් විවෘත වුනේ හවස 4ට. අනිත් දවස් වලට නම් උදේ 9.00 ඉඳන් මධ්‍යම රාත්‍රී 12.00 වෙනකම් ප්‍රදර්ශන භූමියට සෙනග ඇතුළු කරගන්නවා.) හවස පහ හමාරේ ඉඳන් මධ්‍යම රාත්‍රී දොළහ විතර වෙනකන් අපි ප්‍රදර්ශන භූමියේ ඇවිද්දා. ඇත්තම කිවුවොත් අපිට මුලු ප්‍රදර්ශනකුට් වලින් පනහක් විතර ප්‍රමාණයක් තමා බලාගන්න පුලුවන් වුනේ. මුලු ප්‍රදර්ශන කුටි සංඛ්‍යාව 1000ට අධිකයි ලු. ඉතින් ප්‍රදර්ශනයේ විශාලත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මම හිතන්නේ ප්‍රදර්ශනය සම්පූර්ණයෙන් නරඹන්න දවස් දෙකක් වත් බලන්න වෙයි. සමහර විට ඊටත් වඩා වෙලා යයි. ඉතින් දුර ඉඳලා එන අය සම්පූර්ණ ප්‍රදර්ශනය නරඹන්න හිතනවානම් නවතින්න තැනක් ලෑස්ති කරගෙන ආවොත් හොඳයි.

මුලින්ම වගේ ඇතුළට යන්න පුලුවන් වුන නිසා අපිට ඕනේ වුනේ සෙනග පිරෙන්න කලින් ත්‍රිවිධ හමුදාවේ කුටි ටික නරඹන්න. මොකද ඕක බලන්න ඉක්මණටම සෙනග පිරෙන නිසා. ඒ නිසා මුලින් මුලින් තිබුණ ප්‍රදර්ශන කුටි ටිකක් නරඹලා අපි ගියා ත්‍රිවිධ හමුදා‍වේ කුටි නරඹන්න. ඒ ටික නරඹලා ඉවර වෙනකොට මධ්‍යම රාත්‍රියටත් ලං වෙලා. ඇවිදගන්නවත් පණ නෑ. මාර මහන්සියි. ඒ නිසා ඉතුරු ටික බලන්න ආයේ වෙන දවසක යන්න කියලා හිතාගෙන අපි ප්‍රදර්ශන භූමියෙන් එළියට ආවා. ප්‍රදර්ශනය ගැන ලියනවාට වඩා මම හිතන්නේ පුලුවන්කමක් තියෙනවානම් ගිහින් බැලුවොත් තමා හොඳ. හැබැයි යන්න බැරි අය දුක් වෙන්න එපා. ඔ‍ක්කොම කට්ටියට බලාගන්න මම ඊයේ ගත්ත photoes ටිකක් දාන්නම්. 2MP mobile phone camaera එකකින් හුඟක් දර්ශන රෑ ගත්ත නිසා එච්චරම  quality නෑ. එත් "something is better than nothing" කියලා කියනව නේ.... තවත් photoes වගයක් තියෙනවා. හැකියාවක් තිබුණොත් මම ඒවාත් දාන්න උත්සාහ කරන්නම්.

ඉතින් මම ආරාධනා කරනවා වෙලාවක් තියෙනවානම් ඇවිත් ප්‍රදර්ශනය නරඹන්න කියලා. දවල්ට එහෙම එනවා නම් අනිවාර්යයෙන්ම කුඩයක් හෝ කැප් එකක් අරන් එන්න අමතක කරන්න එපා. මොකද මේ දවස්වල මේ පැත්තට පායනවා කරවෙන්න. ඒ වගේම රෑට ප්‍රදර්ශනය බලන්න එනවා නම් කැප් එකක් හා සීතල දරාගන්න අමාරුනම් උණුසුම් ඇඳුමක් අරන් ආවොත් හොඳයි. දවල් ට පෑයුවාට රෑ වෙනකොට සෑහෙන සීතල ගතියක් තියෙනවා.



 
ආදර්ශ කමතක් (ගොවිජන ‍සංවර්ධන දෙපාර්තමේන්තුව)


  
මේ අපේ විභාග වල බහුවරණ උත්තර පත්‍ර පරීක්ෂා කරන යන්ත්‍රයක් (විභාග දෙපාර්තමේන්තුව)


  
සතුන්ගේ හිස් කබල් (පේරාදෙණිය විශ්ව විද්‍යාලය-අධ්‍යනාංශය නම් මතක නෑ)


  
පුළුන් පුරවපු සතෙක් (පේරාදෙණිය විශ්ව විද්‍යාලය-අධ්‍යනාංශය නම් මතක නෑ)


  
ත්‍රිවිධ හමුදාවේ කුටි වලට ඇතුළු වන ස්ථානය


  
මේ යුධ ජයග්‍රහණ පිළිබද විවිධ පුවත්පත් වල පලවුන ලිපි එකතුවක්


  
හමුදාවේ ප්‍රදර්ශන කුටියක්


   
ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් ප්‍රදර්ශනය නරඹන්නට පැමිණි ජනතාව තබා ගිය සටහන්


  
 බෙල් හෙලිකොප්ටර් යානාවක මිසයිල

  
 කෆීර් යානයක්

  
ක‍ෆීර් යානයේ මිසයිල


  
නාවික හමුදාවේ ප්‍රදර්ශන කුටියක්
  
මේ මොකක්ද කියලා හිතන්න පුලුවන්ද?? (නාවික හමුදාව)

  
ගැඹුරු දිය කිමිදුම් කට්ටලයේ (මම හිතන්නේ scuba diving) හිස් වැස්ම


  
මුහුදේ ඉන්නා විස සහිත සතුන් පිළිබඳ දේශනයක් (නාවික හමුදාව)


  
අධි වේග ප්‍රහාරක යාත්‍රා වල අවි


  
පොලිස් ගිනිඅවි අංශයේ ප්‍රදර්ශන කුටිය


  
L.T.T.E සංවිධානයේ උපකරණ

  
L.T.T.E සංවිධානයේ ගිනිඅවි


  
ශ්‍රී ලංකා යුධ හමුදාව භාවිතා කරනග ගිනි අවි


  
මේක මරු භාණ්ඩයක්. සෑහෙන පරණයි. අංක තහඩුව බලපුවහම පේනවානේ (හැබැයි engine එක 650 CC) - ශ්‍රී ලංකා පොලීසිය


  
මේ ඇත්තම එකක්ද අනුරුවක්ද කියලා දන්නනේ නෑ


  
නවීන යුධ ටැංකියක්

  

 මල්ටි බැරල් ප්‍රහාරක රථයක්


Share/Save/Bookmark

5 comments:

Prabath Chaminda said...

අනර්ඝයි. තවත් පිංතූර තියනවනම් දාන්න

Dakshina said...

@Prabath
තැන්කූ තැන්කූ. මම අනිත් පින්තූර ටිකත් දාන්න බලන්නම්...

Anonymous said...

පට්ටනේ..තාම යන්න බැරි උනානේ....

සාරංග said...

පට්ට පට්ට, මම තවම බලන්න ගියෙ නෑ, යන්න ඕන.

Pubudu Kodikara said...

Unfortunately, mama nuwara yanne heta :D