Wednesday, April 22, 2009

රට වෙනුවෙන්

රට වෙනුවෙන් ලිවිය යුතුම දෙයක් මම මේ ලියන්නේ. කුරිරු කොටි ත්‍රස්තවාදීන් ගෙන් දෙමළ ජනතාව බේරා ගැනීමේ මානුෂීය සටන මේ වෙනකොට අවසානය කරා ළඟා වෙලයි තියෙන්නේ. ඉතින් කොටියා ගේ පණ යන්න ඔන්න මෙන්න තියෙන මේ වෙලාවේ හුඟක් විදේශීය බලවේග ආපහු කොටියට ඔක්සිජන් දෙන්න උත්සාහ කරනවා. විශේෂයෙන් ම පිටරට ඉන්න ද්‍රවිඩ තරුණ ප්‍රජාව Facebook, Hi5 වගේ community sites හරහා ඔවුන්ගේ කොටි හිතවාදී මත ප්‍රචාරය කර හරින්නට බලවත් වෑයමක් දරනවා බලාගන්න පුලුවන්.

මේ අය හුඟක් දෙනෙක් වැරදි තොරතුරු හේතුවෙන් නොමග ගිය අය. තවත් සමහරක් ඉන්නවා ඇත්තටම කොටියා නැවත නැගිටිනකන් බලාගෙන ඉන්න. මේ අය community sites දෙවනත් කරමින් කොටියව බේරගන්න විශාල වෑයමක් ගන්නවා. ඔවුන් මේ සඳහා බොහෝ විට යොදා ගන්නේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම වැනි බොහොමත් නිහීන වැඩ පිළවෙලක්.

පිටරට කොල්ලො කුරුට්ටො මොන මොන කෙළි දැම්මත් යුද්ධෙ නවත්වන්නේ නෑ කියල අපිට නිහඬ වෙලා ඉන්න පුළුවන් තමයි. ඒත් දිගු කාලීනව බරපතල ප්‍රශ්න කීපයක් මේ හරහා ඇති වෙන්න පුලුවන්.

1. ලංකාව පිළිබඳ තිබෙන ජාත්‍යන්තර ප්‍රතිරූපය ට හානි පැමිණීම
2. සැළකිය යුතු බල කිරීමක් නිසා රජයට ජාත්‍යන්තරයෙන් යුද්ධය නවත්වන ලෙසට බලපෑම් එල්ල විය හැකි වීම.

ඉතින් නිතර දෙවේලේ අන්තර්ජාලයේ කරක් ගහන අපි, රටේ අනාගතය වෙනුවෙන් මේ වගේ අසත්‍ය මත ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නැගී සිටින්න ඕන. එහෙම වුනේ නැත්තම් උන් ඔක්කොම එකතු වෙලා කොටියා රටට කළාට වඩා ලොකු විනාශයක් කරන්න පුලුවන්.

මතක තියා ගන්න, අපි නැගී සිටින්න ඕන අපේ රටට විරුද්ධව අසත්‍ය මත ප්‍රචාරණය කරන්නන්ට එරෙහිව හා රට විනාශ කරන්නට වළි කන ත්‍රස්තවාදීන්ට එරෙහිව මිසක්, අහිංසක දෙමළ ජනතාවට එරෙහිව නොවන වග.

මේ අපි ඉපදුන රට. ඔබ මොන ජාතියකට අයත් වුනත් මේ රටේ ඉපදුන ශ්‍රි ලාංකිකයෙක්. අභිමානයෙන් ඔලුව උස්සගෙන ජීවත් වෙන්න පුළුවන් රටක් අපිට තියෙනවා. අපි ඒක රැකගන්න ඕන.

Share/Save/Bookmark

2 comments:

දිනේෂ් සංජය ප්‍රනාන්ඳු said...

මමත් ශ්‍රි ලාංකිකයෙක්. ඒක කියන්න මම ලැජ්ජ වෙන්නෙ මොකටද ? මගේ රට කෑලි වලට කඩන්න දීල
බලාගෙන ඉන්න බෑනෙ. මමත් උඹත් එක්කයි.

ධනුෂ්ක said...

එළ එළ අපි ඔක්කොම උඹත් එක්ක
මේකට vote කරපන්
http://timesofindia.indiatimes.com/vote.cms