Office 2007 වල තියෙන්නේ ඊට කලින් versions වල තිබුනේ නැති extension එකක්. මේ ගැන හුඟක් වෙලාවට ඔයාලා දන්නවා ඇති. ඒ කියන්නේ Word වලට .doc වෙනුවට .docx , Excel වලට .xls වෙනුවට .xlsx වගේ. ඉතින් මේක ප්රශ්නයක් වෙන්නේ කොහොම ද? ඇත්ත තමා, Office 2007 install කරගෙන ඉන්න කෙනෙකුට නම් කිසිම ප්රශ්නයක් නෑ, ඒත් Office 2007 වලට කලින් version එකක් install කරගෙන ඉන්න කෙනෙක් ට මේ extension එක තියෙන files open කරන්න බෑ.
තත්වය තවත් බරපතල වෙන්නේ Office 2007 install කරගන්න බැරි තත්වයකුත් උද්ගත වෙලා තිබුණොත් තමා... :(
තත්වය තවත් බරපතල වෙන්නේ Office 2007 install කරගන්න බැරි තත්වයකුත් උද්ගත වෙලා තිබුණොත් තමා... :(
එක්කෝ install කරගන්න තැටියක් නැතුව වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් මට වගේ Admin permissions නැතුව තැවි තැවී ඉන්නවා වෙන්නත් පුළුවන් :P
මේ වෙලාවට කරන්න ඔයාලගේ හිතට එන්න පුළුවන් අදහස් දෙකක් තියෙනවා.
1. කොහොමහරි කට්ටක් කාලා office 2007 install කරගෙන වැඩේ කරගන්නවා
2. ඕන දෙයක් වුනාවේ කියලා වැඩේ අත අරිනවා.
මේ කියන්නේ 3 වෙනි අදහසක් ගැන. යන්න මෙන්න මේ site එකට....
මේක හරහා හුඟක් Office 2007 වල file formats තවත් file formats රාශියකට convert කරන්න පුළුවන්(PDF, XLS, PPT, DOC වැනි බහුලව භාවිතා වෙන file formats ද ඇතුළත් ව) . කරලා බලන්න. convert වුන file එක download කරන්න link එක අපේ mail address එකටම ගෙන්න ගන්න පුළුවන්.
5 comments:
වැදගත් ලිපියක්. මෙහෙම එකක් මම හොය හොයා හිටියේ. docx --> odt convert කරගන්න බැරුව දහ අතේ කල්පනා කර කර හිටියේ.
office compatibility tool කියලා එකක් තියෙනවා
http://www.microsoft.com/downloads/details.aspx?FamilyId=941b3470-3ae9-4aee-8f43-c6bb74cd1466&displaylang=en
මම නම් පාවිච්චි කරන්නෙ Office Compatibility Tool එක.
ලිනක්ස් පාවිච්චි කරන අයට නම් මේක හොඳ ආරංචියක් වෙයි ;)
@පිටස්තරයා
ස්තූතියි, මේක offline tool එකක්ද?
මමත් නම් පාවිච්චි කරන්නෙ Office Compatibility Tool එක.
Its fast. and easy.
Post a Comment